News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස කටයුතු කළ, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සහ CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම මාරක ප්‍රහාර මාලාවට පෙර තමන් වෙත ලැබී තිබූ තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.

ඇමති වසන්ත සමරසිංහ මහතා සිය මැතිවරණ කටයුතු සඳහා වියදම් කළ හිතවතෙකුට වාසි සැලසීම සඳහා වී අලෙවි මණ්ඩලයේ වී තොග අඹරා දීමට සූක්ෂ්ම උත්සාහයක නිරත වූ බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා චෝදනා කරයි.

වෙනිසියුලාවේ උතුරු මැද වෙරළබඩ ප්‍රදේශයක් වන 'ලගවයිරා' (La Guaira) ප්‍රාන්තයේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට සහ එරට බොලිවේරියානු රජය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාතික සංවිධාන කිහිපයක් සිය සාතිශය සංවේගය පළ කර තිබේ.

පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්මලසූරිය, යදම්වෙල මුස්ලිම් දේවස්ථානයේ පූජකවරයා විසින් ප්‍රසිද්ධ දේශනයක් පවත්වා ඇති බවත්, එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ගේ ආගමික චාරිත්‍රවලට යමෙක් විරුද්ධ වනවා නම් එම පුද්ගලයා මරා දැමිය යුතු බව යැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි හෙළිකරති.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත මේ වසරේ සිට අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල පියවීම සඳහා මුදල් අමාත්‍යාංශය මේ වන විට අදාළ ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ඩේලි මිරර් සඳහන් කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඊයේ දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම සිදුවිය.

පිට පිටම සිදුවූ ප්‍රබල භූමිකම්පා දෙකක් සහ ඉන් අනතුරුව ඇතිවූ පසු කම්පන තත්ත්වයන් නිසා එරට අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.


දේශීය පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.