පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) දින නියම කළේය.
පාස්කු නඩුවේ විත්තියේ දේශණ ඊයේ (24) සවස 6.00ට පමණ අවසන් කර ඇති අතර, දෙපාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් මස 08 වැනිදාට ලබා දෙන ලෙසට මෙහිදී අධිකරණය නියම කර තිබේ.
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් ඉදිරියේදී ඊයේ (24) මෙම නඩුව කැඳවුණු අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
මෙහි පැමිණිල්ලේ නඩුව අවසන් වූයේ ඉකුත් (13) වැනිදා පස්වරුවේ දීයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට කුමන්ත්‍රණය කිරීමේ ප්‍රධාන චෝදනාව ඇතුළු චෝදනා 23270ක් මෙහි විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නිතිපතිවරයා විසින් චෝදනා නගා තිබුණි.
මෙම නඩුවේ අධිකරණය විසින් චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, සඟවා තිබූ බෝම්බ පුපුරන ද්‍රව්‍ය , කඩු, ගිනි අවි, බෝම්බ සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ආදී නඩු භාණ්ඩ 2076ක් නඩු විභාගයේ දී ලකුණු කර ඇති බවයි අධිකරණයේදී හෙළි වුණේ.
රජයේ රස පරික්ෂක වාර්තා ගණනාවක් සහ ඩී.එන්.ඒ වාර්තා සහ වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක් ලකුණු කර ඇති බවද අධිකරණයේදී හෙළි විය.
නවුෆර් මවුලවී ඇතුළු මෙම චුදිතයින් 24 දෙනාට එරෙහිවයි නිතිපතිවරයා විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ චෝදනා 23270 ගොනු කර ඇත්තේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..