News Category
From Date
To Date
Maximum Number of Result

මුදල් විශුද්ධීකරණ පනත සංශෝධනය කර දෙමළ ඩයස් පෝරාවේ සහ ජාවාරම්කරුවන්ගේ මුදල් ආයෝජන නාමයෙන් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටන බවත් ඒය ඒසේ සිදුකළහොත් ලොකු වළක වැටීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් විසින් තම අධ්‍යාපනය සඳහා මෘත දේහ දන් දුන් උතුම් පුද්ගලයන්ට පින් පිණිස දානමය පින්කමක් පවත්වා ඇති බව වාර්තාවේ.

පසුගියදා Daily news පුවත්පත ජනවාරි (07) දින වාර්තා කර තිබූ ආකාරයට ශ්‍රී ලංකාවේ නේවාසික තානාපතිවරුන්ට සහ සංචාර සඳහා පැමිණෙන රාජතාන්ත්‍රික නිලධාරීන්ට විශේෂ තහංචියක් පනවා ඇත. ඒ අනුව විදේශ අමාත්‍යංශයේ අවසර නොමැතිව එම රාජතාන්ත්‍රිකයින්ට අමාත්‍යවරුන්, නිලධාරීන් හෝ ආණ්ඩුකාරවරුන් හමුවිය නොහැක. මීට පෙර ඇමරිකානු තානාපතිවරිය හමුදාපතිවරුන් සහ ඔත්තු සේවා නිලධාරීන් පවා තම කාර්යාලයට කැඳවා ඔවුන්ට උපදෙස් ලබා දුන් බව වාර්තා විය.

ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(09) පවසා සිටියේ තමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් සූදානම් වෙමින් පවතින බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණිට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ධවල මන්දිරයට නැවත පැමිණි පසු ඩෙන්මාර්ක් රාජ්‍යයේ ස්වාධීන භූමි ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු හමුදා යවනු ඇතැයි සිතිය නොහැකි බව යුරෝපීය කොමිසම පවසා තිබේ.

බොදු බල සේනා (BBS) සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 9 ක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජිත රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමට කිසිදු විරෝධයක් දක්වා නොමැති බව පවසමින්, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද ප්‍රකාශ කළේ රජය මෙම යෝජනාව ඉදිරියට ගෙන යන බවත් ඉදිරි අයවැයෙන් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දෙන බවත්ය.

ජනවාරි 20 වන දින පදවි ප්‍රාප්ති දිනයේ සිට දින 100 ක් ඇතුළත රුසියානු-යුක්රේන ගැටුමට විසඳුමක් සඳහා මැදිහත් වීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


දේශීය පුවත්

බහුතරයක් නැත්නම් සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා ගත යුත්තේ ඡන්දයකින්.. කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි - මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් වර්තමාන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්පත් කරගත නොහැකි වූ රෝම ප්‍රඥාප්තියේ ප්‍රකාශිත ඉලක්ක සාක්ෂාත් කර ගත හැකියි- රුසියාවේ හිටපු ජනාධිපති මෙදෙව්දෙව්

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට සිදුකෙරෙන රණවිරු ප්‍රණාමය මැයි 18 දා කොළඹ පදනම් ආයතනයේ දී..

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

විදුලිබල මණ්ඩලයට චේතාන්විතවම පාඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා - පාඨලීගෙන් ජනපති අනුරට දෝස්මුරයක් (වීඩියෝ)

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කැනඩාවේ LTTE ඊළාම් ස්මාරකයක් විවෘත කරලා..

කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.