News Category
From Date
To Date
Maximum Number of Result

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.

"මහජන සම්බන්ධතා වල පියා" ලෙස මෙන්ම "නූතන පරිභෝජනවාදයේ පියා" ලෙස හඳුන්වන එඩ්වඩ් බර්නේස් යනු නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස හඳුන්වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ බෑණනුවන්ය.

''ලාල්කාන්ත මහතා සද්භාවයෙන් වෙන්නත් පුළුවන් එහෙම කියන්නේ. තිබෙන නීති නමන්න බලපෑම් කරන්නේ නැහැ කියලා වෙන්නත් පුළුවන්එ තුමා කියන්නේ. එහෙත් තිබෙන යම් නීති සංශෝධනය නොකර යම් නීති අලුතෙන් පනවන්නෙ නැතුව රට හදන්න බැහැ කියලා ඔවුන් තේරුම් ගනියි."

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඩෙන්මාර්කය, ආක්ටික් භූ දේශපාලනයේ ව්ශ්මය ජනක වෙනසක් පෙන්නුම් කරමින්, එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ සැලසුම් වලින් ආරක්ෂා වීම සඳහා ඩෙන්මාර්කය රුසියාවේ උදව් ඉල්ලා සිටීන බවට එක්සත් ජනපදයට තර්ජනය කර ඇතැයි වාර්තාවේ. අනපේක්ෂිත රාජ්‍ය තාන්ත්‍රික පියවර සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ ග්‍රීන්ලන්තයේ භෞමික අඛන්ඩතාවය සහ ස්වෛරීභාවය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ ය.

පසුගිය ජනාධිපතිවරණයට දින 50කට පෙර දෙරණ රූපවාහිනී නාලිකාවේ 'කොළඹ දේශපාලනය, ජනාධිපතිවරණය සහ රට' නම් මාතෘකාව යටතේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසා සිටි එක්තරා කරුණක් අද වන විට සත්‍ය ලෙසම ඔප්පුවී ඇති බව වර්තමාන දේශපාලන තත්ත්වය විශ්ලේෂණය කිරීමේ දී පෙනී යයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමට හේතු වන තොරතුරු සඳහා වන ත්‍යාගය එක්සත් ජනපදය ඩොලර් මිලියන 25 දක්වා වැඩි කර ඇතැයි පැවසේ.

ලංකාව ඉදිරියේදී මුහුණ දීමට නියමිත ප්‍රධානතම දේශපාලන අභියෝගය ඉන්දියානු යටත්විජිතකරණය බව දුමින්ද නාගමුව මහතා පවසයි. ඒ් මහතා මේ බව පැවසුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද 'ඉන්දියාව ලොකු අයියද?" සම්මන්ත්‍රණයට එක් වෙමිනි.

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. වසරේ පළමු පොහොය මෙය වන අතර අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.


දේශීය පුවත්

බහුතරයක් නැත්නම් සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා ගත යුත්තේ ඡන්දයකින්.. කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි - මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් වර්තමාන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්පත් කරගත නොහැකි වූ රෝම ප්‍රඥාප්තියේ ප්‍රකාශිත ඉලක්ක සාක්ෂාත් කර ගත හැකියි- රුසියාවේ හිටපු ජනාධිපති මෙදෙව්දෙව්

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට සිදුකෙරෙන රණවිරු ප්‍රණාමය මැයි 18 දා කොළඹ පදනම් ආයතනයේ දී..

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

විදුලිබල මණ්ඩලයට චේතාන්විතවම පාඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා - පාඨලීගෙන් ජනපති අනුරට දෝස්මුරයක් (වීඩියෝ)

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කැනඩාවේ LTTE ඊළාම් ස්මාරකයක් විවෘත කරලා..

කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.