සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එයට වගකිවයුතුයි.. - ජාතික සංවිධාන එකමුතුව
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණයට ඉදිරිපත්කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට අවධාරණය කරයි.
"සලේට යුක්තිය - සංවාද මණ්ඩපය" නමින් කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බවය.
එහිදී අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ වසන්ත බණ්ඩාර මහතා,
"දැන් එතුමා අසනීපෙන් ඉද්දි මේ දෙන වධ බන්ධන දීලා, එතුමා මිය ගියොත් එහෙම මේ රටේ ජනතාවගෙන් ඒකට සමාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ආණ්ඩුවට බල කරලා කියනවා විසිඅටවෙනිදට පෑන අතට ගන්න ලෑස්ති එපා. අනුර දිසානායක ජනාධිපතිතුමා වහාම මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන. මේ කුමන්ත්‍රණය තේරුම් අරගෙන ඔහුව නිදහස් කරන්න කියන ඉල්ලීම අපි කරනවා."
එහිදී අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුව සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පැවසුවේ සුරේෂ් සලේ මහතා සිදුකළ නීති විරෝධී කටයුත්ත කුමක්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති අතර අත්අඩංගුවට ගැනීමට ද කිසිදු පදනමක් නොමැති බවය.
එමෙන්ම සිදුකර ඇත්තේ පදනම් විරහිතව රැඳවුම් නියෝගය නිකුත් කිරීමක් බවද ඒ මහතා පෙන්වා දෙයි.
එහිදී අදහස් දැක්වූ සර්වජන බලයේ උපසභාපති අනුරාධා යහම්පත් මහත්මිය,
"දැන් මාස හයක් ඔහු අත්අඩංගුවේ රැඳී සිටිනවා. ඔහු ඉතාමත්ම රෝගාතුර තත්ත්වයක සිටින්නේ. ඔහුව රෝගාතුර තත්වයකට එනකං ඔහුට ඉතාමත්ම කෲර ලෙස සැලකූ බවත් අපි දන්නවා. ඊළඟට විසිඅටවෙනිදා වෙනකොට තුන්වෙනි වරටත් ඔහුට බඳවා ගැනීමේ නියෝගය තවදුරටත් තිබෙනවාද නැද්ද කියන දේ, ජනාධිපතිතුමා තවදුරටත් රණවිරුවාගෙන් පළිගන්නා බවට ජනතාවට පෙන්වා දෙනවාද? එහෙම වුවොත් ජනතාවට ඔහුට වග කියන්නට සිදුවෙනවා. මොකද ජනතාවත් දැන් අවබෝධ කරගෙන තියෙන්නේ මේ රණවිරු පළිගැනීමක්ය කියන එක."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..