එක්සත් ජනපදයේ ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය අසාර්ථක වන ලකුණු.. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ගෝලීය බලතුලනය ගැන අනතුරු අඟවයි
ඉරානයට එරෙහිව එක්සත් ජනපදය දියත් කිරීමට සැරසෙන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික "උපරිම පීඩන" ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට නියමිත බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දේශපාලන විද්‍යාඥ, මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් පෙන්වා දෙයි.
වත්මන් ගෝලීය දේශපාලන වාතාවරණය පිළිබඳ සිය විශ්ලේෂණය ඉදිරිපත් කරමින් ඔහු අවධාරණය කරන්නේ, අමෙරිකාව තවමත් ඒකධ්‍රැවීය ලෝකයක ජීවත් වන බවට සිතමින් කටයුතු කිරීම විශාල උපායමාර්ගික වැරදීමක් බවයි.
මහාචාර්ය මියර්ෂයිමර්ට අනුව මෙම අසාර්ථකත්වයට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි.
- අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන තර්ජනය ඉරානය සලකන්නේ තම රාජ්‍යයේ පැවැත්මට එල්ල වූ තර්ජනයක් ලෙසයි. මෙවැනි තත්ත්වයකදී ඉරාන ජනතාව පහසුවෙන් යටත් නොවී අවසානය දක්වා සටන් කිරීමට පෙළඹේ.
- 2015 JCPOA ගිවිසුම ඇති කරගත් සමයට වඩා වත්මන් ලෝක බලතුලනය වෙනස් වී ඇත. ඉරානයේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවෙකු වන චීනය මෙන්ම රුසියාව ද අමෙරිකාවේ සම්බාධකවලට සහය නොදක්වන අතර, අමෙරිකාවට එරෙහිව ඉරානය රැඳී සිටිනු දැකීමට ඔවුන්ට උනන්දුවක් පවතී.
- සම්බාධක හමුවේ ඉරානය හුදකලා වුවහොත්, ඔවුන් කලාපයේ අමෙරිකානු හිතවාදී රාජ්‍යයන් (විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය) සහ ඊශ්‍රායලයේ මර්මස්ථාන වෙත දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතී.
එමෙන්ම, වත්මන් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සදාචාරාත්මක නායකත්වයකින් තොර එකක් බවට පත්ව ඇති බවත්, බලය සහ ප්‍රඥාව අතර තරගයේදී අමෙරිකානු ප්‍රතිපත්ති සම්පාදකයින් තුළ ප්‍රඥාව හිඟ වී ඇති බවත් මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් සැකසුනු සවිස්තරාතමක ලිපිය පහත සබැඳියෙන්..
ඉරානයට එරෙහි ඇමරිකාවේ උපරිම පීඩනය අසාර්ථක වීමට නියමිත ඇයි? ලෝකයේ සෙසු රටවලට එමගින් සිදුවන්නේ කුමක්ද?

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?