News Category
From Date
To Date
Maximum Number of Result

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත්තේ ගැටුම ආරම්භ වී දිනකට පසුව බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා අනාවරණය කරයි.

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදු වූ ඛේදනීය සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි.

වත්මන් ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය හමුවේ ශ්‍රී ලාංකීය දේශීය ගොවියා සහ සමස්ත කෘෂිකර්මාන්තයම බරපතල කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් මතුව ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ඛේදවාචකය පිළිබඳව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සිය කනගාටුව පළ කර සිටියි.

ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී කූට ලේඛන සකසා නඩු 28ක් ඇති විත්තිකරුවෙකු නීතිවිරෝධිව නිදහස් කොට මුදහැරීමේ සිද්ධියට අදාළව අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව අධිචෝදනා 5ක් යටතේ නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණයේ නඩු පවරනු ලැබී ය.

බන්ධනාගාරය තුළ මීට සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සහ රැඳවියන් අතර ඇති වන ගැටුම්වලට බලපෑ සැබෑ හේතු පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණගම මහතා විසින් මීට වසර 5කට පමණ පෙර විශේෂ අනාවරණයක් සිදු කරන ලදී.

මීගමු බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ එහිදී සිදුවූ මරණ සම්බන්ධයෙන් රජයේ සහ විෂයභාර අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු විශේෂ දේශපාලන වැඩසටහනකදී වත්මන් ලෝක දේශපාලනයේ සුවිශේෂී සංසිද්ධීන් කිහිපයක් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදුකර තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.


දේශීය පුවත්

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.