කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන්න.. – බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
මුලතිව් කුරුන්දි රාජමහා විහාරස්ථානය සහ ඒ අවට පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත භූමියෙන් ඉවත් කර ඇති පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුන්දි රජ මහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි හිමියන් විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ කුරුන්දි විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ සිටම එහි ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යොදවා සිටි බවයි. එම නිලධාරීන් විසින් පුරාවිද්‍යා ස්ථාන, පුරාවස්තු සහ විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සලසා දුන් අතර, අනවසරයෙන් ඇතුළු වී හානි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළ බව එහි සඳහන් වේ.
එසේම, දැනට අදාළ භූමියේ රැඳී සිටින යුධ හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ පිරිස්වලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ නීතිමය බලයක් නොමැති වීම හේතුවෙන් මෙම පුරාවිද්‍යා හා වන සංරක්ෂණ රක්ෂිත දැඩි අවදානමකට ලක්ව ඇති බව ද පෙන්වා දී ඇත.
අදාළ ලිපිය පහළින්..
අමාත්‍යතුමා,
බුද්ධ ශාසන අමාත්‍යංශය,
කොළඹ 07.
ගරු අමාත්‍යතුමනි,
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව යළි ලබාදෙන ලෙස ඉල්ලීම යි.
කුරුන්දි විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ පටන් වසර ගණනාවක් පුරාවට පොලිස් නිලධාරීහු මෙහි ආරක්ෂාව පිණිස රැඳී සිටියහ.
කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ වසර ගණනාවක් පුරාවට රැඳී සිටි පොලිස් නිලධාරීහු විශේෂයෙන් මේ අවට පුරාවිද්‍යා ස්ථාන සහ පුරාවස්තූන්ගේ ආරක්ෂාවත්, මෙම ස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවත් පිළිබඳ කටයුතු කළහ.
එසේම පසුගිය කාලයේ පුරාවිද්‍යා රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුල් වී, අනවසර ක්‍රියාකාරකම් සහ හානි සිදුකිරීමට ඇතැම් තැනැත්තන් උත්සාහ කළ අවස්ථාවන්හි දී ඔවුන්ව අත්අඩංගුවට ගනිමින් එම හානි සිදුකිරීම් ව්‍යර්ථ කිරීමට ද පොලිසිය කටයුතු කළේ ය. තව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ වෙත ඇතුළත් වී අනවසරයෙන් එයට හානි කරන අය අඩංගුවට ගැනීමට ද ඔවුහු කටයුතු කළහ.
එවන් ආරක්ෂක කාර්යයන් ඉටුකළ පොලිස් නිලධාරින් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම සහ දැනට රැඳී සිටින යුධ හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ පිරිස්වලට එසේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට බලයක් නැති වීම තුළ මේ අවට ඇති පුරාවස්තූන්, පුරාවිද්‍යා රක්ෂිතය මෙන්ම වන සංරක්ෂණ රක්ෂිතය ද දැඩි අවදානමකට ලක්වේ. විටින් විට මෙම ස්ථානයට විවිධ අන්තවාදී කණ්ඩායම් උද්ඝෝෂණ ආදිය සඳහා පැමිණිය ද ඔවුන් සමඟ කතා කිරීමට සහ වැළකීමට සිවිල් ආරක්ෂක බලය ඇත්තේ පොලිස් නිලධාරීන්ට පමණකි.
එබැවින් මෙම කරුණු සලකා බලා ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවතත් ලබාදෙන මෙන් කාරුණික ව ඔබතුමා වෙත සිහිපත් කර සිටිමි.
ඔබතුමා ඇතුළු සියලු දෙනාට තෙරුවන්ගේ ආශීර්වාදය, නිරෝගී සුවපතභාවය, චිර ජීවනය සැලසේවා!
මෙයට,
සසුන් ලැදි,
(අත්සන)
පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක ස්ථවිර
පිටපත්
1. පූජ්‍ය මහා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව
2. ගරු මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා
3. ගරු පොලිස්පතිතුමා
4. ගරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා (උතුරු පළාත)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..