News Category
From Date
To Date
Maximum Number of Result

බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

පොදුජන එක්සත් පෙරමුණේ (පුටුව) පිහිටුවන නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නිල සංචාරයකට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ඉන්දියාවෙන් නිල ආරාධනයක් ලැබී ඇති බව වාර්තා වේ.

අද රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරමින් ඉන්නේ තමන් නියෝජනය කරන කණ්ඩායමේ වැඩපිළිවෙළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

විවිධ අදහස් පැවතියද, විවිධ ආගම් සහ ජාතීන්ට මෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුවද රටේ අනාගතය වෙනුවෙන් සියලුදෙනා පොදු එකඟතාවකට එක්වීමේ භාරදූර වගකීම ඉටු කිරීමට කාලය එළැඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෝසමක් ගොනුකර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 'එට්කා' ගිවිසුම අත්සන් කිරීම සඳහා කඩිනමින් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත්, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් විවිධ රටවල ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහා වෙනම නිලධාරියෙකු හා කාර්යාලයක් ද ස්ථාපිත කර ඇති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.


දේශීය පුවත්

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.