News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව ජීවත්වීම මුම්බායි හි ජීවත්වීමට වඩා ලාභදායි බවත් තමන් නම් මුම්බායි දේපල විකුණා ශ්‍රී ලංකාවේ පදිංචි වන බවත් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවත් සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසන්නේ රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසැල් සඳහා විදුහල්පතිවරුන් 54 දෙනෙකු බඳවා ගැනීමට නොහැකි වී ඇති බවය.

ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට සිදු කරන කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනප්‍රිය තරු පහේ හිල්ටන් හෝටලයේ (Hilton Colombo) හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Ltd මිලදී ගැනීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම් බවත්, බොහෝ විට එය ඉන්දියානු සමාගමකට යාමට ඉඩ අැති බවත්, සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු අනාවරණය කරයි.

දේශපාලන කරළියේ උණුසුම අනපේක්ෂිත ලෙස ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන සංවාදය කෙමෙන් බරපතළ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ආර්ථිකය අවපාතයට පුද්ගලයන් 8 දෙනෙකු නිරූපිත ලෙස නායකත්වය ලබා දී ඇති බවට වූ නඩු තීන්දුවේ දී තමන් ඇතුළු 8 දෙනාට එල්ල කර ඇති චෝදනා ලෙස ප්‍රකාශකර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ප්‍රමාද කිරීම, රුපියල ස්ථාවරය පවත්වාගෙන යාම, බදු අඩු කිරීම, ණය ගෙවීම යන චෝදනා බවත්, අද වන විට මෙම කරුණු සම්බන්ධයෙන් එලෙස කටයුතු කළේ මක්නිසාදැයි ජනතාවට තේරුම් ගොස් ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රටේ හොරු අල්ලන්න සිිිටි FCID ප්‍රධානී රවී වෛද්‍යාලංකාර සියල්ලන්ටම වඩා ලෝක හොරෙක් බවත්, FCIDයට ඉදිරිපත් කරන පැමිණිලි තමන්ගේ යටතට ගෙන ඔහු වෙනම ගේමක් ගැසූ බවත් වසන්ත සමරසිංහ මහතා පවසයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.