කොටි සාමාජිකයන් එක කුඩයක් යටට එකතු කරන්නැයි කරුණා අම්මාන්ගෙන් නියෝගයක්
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්නැයි එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් තමන්ට නියෝග කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජෙයා සරවනාන් සඳහන් කළේ ය.
දෙමළ රූපවාහිනි මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සරවනන් මේ බව පැවසීය.
විනයාගමූර්ති මුරලිදරන් තමන්ව උතුරු පළාත භාරව මේ වන විට පත්කර ඇති බව කී සරවනන් මහතා ඉදිරියේදී පක්ෂයක් වශයෙන් විශාල වැඩ කොටසක් ඉටුකිරීමට සැලසුම් කර ඇති බව ද පැවසුවේ ය. තම භූමිය වෙනුවෙන් සටන් කළ හිටපු සියලු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ව එක කූඩයක් යටට රැස් කරන්නැයි මුරලිදරන් නියෝග කර ඇති බවත් හිටපු නායකයෙක් නියෝග කළහොත් අනිවාර්යයෙන් ම ඔවුන් පැමිණෙනු ඇති බවත් සරවනන් විශ්වාසය පළ කළේ ය.
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළින් පසුව සමාජගත කෙරුණත් මේ වන විට ඔවුන්ගේ බොහොමයක් දෙනා එදිනෙදා ආහාරවේල පවා සපයා ගත නොහැකිව දුක් විඳින බව පෙන්වා දුන් සරවනන් මේ සියලු සාමාජිකයන්ගේ ජීවනෝපාය මාර්ග නගා සිටුවීමට විනයාගමූර්ති මුරලිදරන් සැලසුමක් සකස් කර ඇති බව ද කීය.
- මව්බිම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා