News Category
From Date
To Date
Maximum Number of Result

දැනට රට තුළ භාවිත කෙරෙන Meropenem නැමැති ප්‍රතිජීවකයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඊයේ (12) අනාවරණය කළේය.

2005 ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක දක්වා තිබේ.

ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙළ කොළඹදී එළිදැක්වීමට මේ වනවිට සිදුවෙමින් පවතී.

ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග එට්කා ගිවිසුම පිළිබඳව වචනයක් හෝ කතාකර නැති බවත්, එම භයානක ගිවිසුම ඔහු හිතුවක්කාර ලෙස අත්සන් කිරීමට යන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී, අද්මිරාල් සරත් වීරසේකර මහතා චෝදනා කරයි.

රටෙන් පිටට දෙන ඩොලර් ප්‍රමාණය අඩුකර, එයට සරිලන නිෂ්පාදනය රටේ වැඩිකර ගැනීම ආර්ථික අර්බුදයට ඇති ප්‍රධාන විසඳුමක් බවත්, එයට ඉඩක් නොදෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැට් බද්ද වැඩිකර දේශීය කර්මාන්ත වසා දමන තැනට වැඩ සිද්ධ කර ඇති බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මාස කීපයකට පෙර ගෙන්වන ලද රුපියල් මිලියන ගණනක් වටිනා ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් භාර නොගැනීම නිසා එම ඖෂධ වරායේ හා ගුවන්තොටුපළේ අනාරක්‍ෂිත ලෙස ගබඩා කර තැබීමෙන් ඖෂධ තොග විනාශවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්තමාන තත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවත්, එසේ සෑහීමට පත්ව සිටින බව පෙන්වන හොඳම නිදසුන ඉහළ පෙළේ රුසියානු නියෝජිත පිරිස පසුගියදා ශ්‍රී ලංකාවේ කළ සංචාරය බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා අදහස් පළ කිරීමක් සිදුකර තිබේ.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.