News Category
From Date
To Date
Maximum Number of Result

ඕස්ට්‍රේලියාව වාර්ගික ගැටුම් නිර්මාණය කරගැනීමේ රාජ්‍යයක් බවට පත්කර ගැනීමේ උවමනාවෙන් ක්‍රියාත්මක වන පිරිසකගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ නව නාසි ප්‍රවණතා ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබාඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

2022 අගෝස්තු මාසයේ සිටි 2023 ඔක්තෝබර් මාසය දක්වා විදුලි ගාස්තු හතර වතාවක් සංශෝධනය කර ඇති බවත්, මෙම විදුලි ගාස්තු සංශෝධනය කිරීම් අනීතිකව සිදුවී ඇති බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක කරුණු ගණනාවක් සහිත වාර්තාවක් එළිදක්වා ඇති බවත් එහි "ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳිනු ලබන්නේ ඉහළම ධනවතුන් සියයට 10කි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වේ.

එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් ඉවත් වීමට තීරණය කර තිබේ.

විදුලි ගාස්තු වැඩිවීම පිටුපස කුමන්ත්‍රණක් ඇති බවත්, 2022 ජුනි මාසයේ සිට 2023 ජුනි මාසය දක්වා කාලය තුළ විදුලි ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය නිරීක්ෂණය කිරීමේ දී එය හොඳින් දැකගත හැකි බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

දැවැන්ත ජාතික ණය අඛණ්ඩව ඉහළ යන බැවින් එක්සත් ජනපද ආර්ථිකය ව්‍යසනය කරා ගමන් කරමින් සිටින බව ජේ පී මෝර්ගන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන් ෆොක්ස් නිව්ස් ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.


දේශීය පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.