News Category
From Date
To Date
Maximum Number of Result

තමන් ඉන්දියාවේ අමුල් කිරි කර්මාන්තය නිරීක්‍ෂණය සඳහා මීට අවුරුදු පහළොවකට දාසයකට කලින් ද ගිය බවත්, අමූල් පිළිබඳව එරට චිත්‍රපටයක් ද නිපදවා ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප‍්‍රශ්නගත මානව ප්‍රතිදේහ එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෙසු සැකකරුවන් හය දෙනාම පෙබරවාරි 29 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ මෙරට මහවැලි H කලාපය, ඉඩම් ප්‍රතිමංස්කරණ කොමිෂන් සභාව සහ ජනවසමට අයත් ඉඩම් අක්කර ලක්ෂ 3ක් ව්‍යවසායකයන්ට බව කියමින් ඉන්දියාවේ අදානි සහ අම්බානි වැනි ව්‍යාපාරිකයන්ට පවරාදීමට කටයුතු කර ඇති බවත්, එය ඉතා භයනක තත්ත්වයක් බවත් ජාතික ගොවි ව්‍යාපාරය චෝදනා නගයි.

වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම පසුගිය දින ඉන්දීය රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ නිල සංචාරය කර ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර්, විදේශ ලේකම්, ආරක්ෂක උපදේශක, ඉහල පෙලේ රාජ්‍ය නිළධාරීන් සහ ලංක මිල්කෝ සමාගම මිලදී ගැනීමට පිඹුරුපත් සකසන අමුල් ඇතුලු ව්‍යාපාරිකයින් මුණගැසීම සිදුවුනා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය දිනෙක සිදුකරන ලද ඉන්දියානු සංචාරයේ දී උත්සව සභාවක් අමතමින් 'ලංකාව ඉන්දියාවේ කොටසක්' බව පැවසීම රටේ ස්වෛරීත්වයට දැඩි තර්ජනයක් බවත්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවට ගිය රජයට සම්බන්ධ පුද්ගලයකු එසේ පැවසීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දෙයක් බවත් සමාජ ක්‍රියාකාරිකයකු වන මංජු නිශ්ශංක මහතා පවසයි.

කොවිඩ් - 19 වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයේ බලපෑම් මත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන දෙලක්ෂ හැට තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයක තම සහාය පළ කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරන අතර, තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී සහ කිසිදු අපේක්ෂකුට සහාය දීමක් සම්බන්ධයෙන් තීරණය කර නැති බවද පවසයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.