රටේ ජාතික සම්පත් විකිණීමට රනිල්ට කිසිඳු ජනවරමක් නැහැ... එයට එරෙහිව සියල්ලන් පෙළගැසිය යුතුයි - වීරසුමන වීරසිංහ
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 2001 සිට 2004 දක්වා කරගැනීමට නොහැකි වූ හා 2015 පැමිණ 2019 දක්වා කරගැනීමට නොහැකි වූ දේ පොහොට්ටුවේ ජනවරමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වශයෙන් පැමිණ දැන් සිදුකරමින් සිටින බවත්, රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් කුණුකොල්ලයට විකිණීම සඳහා ඔහුට කිසිඳු ජනවරමක් හිමිවී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.
එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ගමනට සහාය දෙමින් කටයුතු කරන පොහොට්ටුවේ නියෝජිතයන්ට ද ඒ සඳහා කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද පෙන්වා දෙන ඒ මහතා රනිල් වික්‍රමසිංහගේ ගමන් මගේ ඔවුන්ට යාමට අවශ්‍ය නම් තව මාස කිහිපයකින් එන ජනාධිපතිවරණයේ දී හෝ මහ මැතිවරණයේ දී තම ප්‍රතිපත්ති ප්‍රකාශනවල මෙම රාජ්‍ය සම්පත් විකිණීම් පිළිබඳව ප්‍රකාශයට පත්කොට ඒ සඳහා ජනවරමක් ලබාගෙන කටයුතු කරන්නැයි ඉල්ලීමක් ද කරයි.
නමුත් මෙම ජනවරම තුළ රට විකුණාගෙන කෑම සඳහා කිසිඳු ඉඩකඩක් නොමැති බව ද ඒ මහතා පෙන්වා දෙයි.
මෙම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීම පිළිබඳව මුල සිටම වෘත්තීය සමිති දැනුවත් කළද මෙයට එරෙහිව සියල්ලන් ඒකරාශී වීම සිදුවූයේ අල්ප වශයෙන් බවත්, එයට එරෙහිව සියලුදෙනා ඒකරාශී වියයුතු කාලය පැමිණ ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
වීරසුමන වීරසිංහ මහතා මේ බව පැවසුවේ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය විසින් කොළඹ හයිඩ් පිටියේ ඊයේ(3) පැවැත් වූ රැස්වීමකට සහභාගී වෙමිනි.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා