කොරෝනා මරණ ආදාහනය ගැන මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක්
කොරෝනා වසංගතය පැවැති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද හෙතෙම කීවේය.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් මහතා පසුගියදා 02 වැනිදා එම අදහස් පළකලේ හැටන් නගරයේ පැවති ඉෆ්තාර් රැස්වීමකදීය. එම උත්සවය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ජීවන් තොන්ඩමන් මහතා මෙසේද කීවේය.
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පැවැති රජය මෙම බලහත්කාරය නිර්මාණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් ප්‍රතික්ෂේප කරමින්.මෙම ප්‍රරතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොරෝනා වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමින්.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයවිසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට හා ප්‍රතික්ෂේප කර තියෙනවා. එය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යස්ථානයක්ග මේ පිළිබදව පර්යේෂණ කරන ලෙස ඇමැති දූරය බාරගත් පසු මා උපදෙස් ලබා දුන්නා
2021 අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මෙම පර්යේෂණය ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීම ප්‍රදාන අරමුණු උනාග ඒ වගේම ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොරෝනා-ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කළා.
මෙම වසරේ ප්‍රකාශයට පත් කරන ලදල මෙම සමාලෝචනය නිගමනය කළේ වසංගතය අතරතුර නිසි ලෙස සිදු කරන ලද භූමදානයන්ගෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොමැති බවයිග මුද්‍රා තැබූ සිරුරු බෑග්වල ගැඹුරින් භූමදාන කිරීම ඇතුළුව නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙනවා.මේ පර්‍ර්ක්ශන වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන අපට කනස්සල්ලක් තියෙනවා .ඒ නිසාබලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීම සඳහා අ කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා."
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා