News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රාසි රැගත් හෙලිකොප්ටරයක් මීට පැයකට පමණ පෙර “හදිසි ගොඩබෑමක්” කිරීමට සිදු වීම හේතුවෙන් හදිසි සේවා අණතුරට පත් වූවන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් ගුවන් යානය ඉරානයේ වයඹ දිග අසර්බයිජාන් දේශ සීමාවේ ජොල්ෆා නගරයට ආසන්නව “අනතුරකට” මුහුණපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය. ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලහියන්ද යානයේ සිටි බව වාර්තා වේ.

යුද්ධය මානුශික මෙහෙයුමකින් අවසන්කර වසර 15 ක් සපිරෙන මේ මොහොතේ, එම බෙදුම්වාදීන්ගේ මනදොල සපුරාලන්නට පනතක් ගෙන ඒම පිළිබඳව බලවත් පිළිකුල ප්‍රකාශ කරන බවත්, සත්‍ය සෙවීමේ කොමිසමේ අරමුණ හුදු සත්‍ය සෙවීමක්ම නොවන බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

VFS වීසා ගැටළුව වෙනුවෙන් ගුවන්තොටුපොළේ දී හඬ නැගූ නීතිවේදී සඳරු කුමාරසිංහ නම් තරුණයා අන්තර්ජාල නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් පවසන්නේ එදා ගුවන්තොටුපළේ පැමිණීමේ වීසා නිකුත් කිරීම විදෙස් සමාගමකට පවරා තිබීම මත ගුවන්තොටුපොළට පැමිණ සිටි සංචාරකයන් දැඩි අපහසුතාවකට පත්වූ බවයි.

සාමණේර උපසම්පදා භික්ෂුන් පිළිබඳ ප්‍රකාශයේ නම් නැති අයෙක් භික්ෂුවක් ලෙස පෙනී සිටීම නීති විරෝධී ක්‍රියාවක් බැවින් මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

රටට ඩොලර් අහිමිවීම හා එමගින් ආනයන සීමාවීම නිසා පාවහන් ආනයනය නතර වීම මත දේශීය වශයෙන් පාවහන් කර්මාන්තකරුවන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් දැවැන්ත සංවර්ධනයකට යොමුවෙමින් පැවති බවත්, එහෙත් කෙටිකාලයක් තුළදී එය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් රජය නැවත ආනයන සිදුකිරීමට තීරණය කිරීමත් සමග එම සංවර්ධනය නැවත බිඳවැටෙමින් පවතින බවත් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් පවසා තිබේ.

මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද (18) උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණි.

බෙදුම්වාදී යුද්ධය සහමුලින්ම පරාජය කර වසර 15ක් ගත වන මොහොතේ දී දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය බොස්නියා, එරිත්‍රයා, කොසෝවෝ ආදී රටවල් බෙදා වෙන් කළ ආකාරයට ඊළම නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියයි.

පුරා තිස් වසරකට අධික කාලයක් කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් වෙළාගෙන තිබූ අප මාතෘභූමිය බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ වීරෝදාර රණවිරුවන් තම ජීවිත පූජා කරමින් කළ මෙහෙවර අතිමහත්ය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.