News Category
From Date
To Date
Maximum Number of Result

ලංකා ලීඩර් අමෙරිකානු පාඨකයකු අප වෙත ලබාදෙන තොරතුරු අනුව අමෙරිකානු මහජන සබඳතා උපදේශන සමාගමක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයාට උපදෙස් ලබාදෙන බව තහවුරු වේ.

වර්තමාන ආණ්ඩුව යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩිය විකුණා දැමීමෙන් රටට වැඩදායී ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවත් ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම යෝජනා වී ඇති එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

රට පත්ව ඇති අරාජික තත්ත්වය හමුවේ රට ඩැහැගැනීමට බලාසිටින විදේශීය බලවේග ඉතා සූක්ෂමව මේ රට තුළ තමන්ට අවශ්‍ය ආධිපත්‍යය නිර්මාණය කරගනිමින් සිටින බවත්, ලංකාවේ සුවිශේෂී පිහිටීම මෙම ලෝක බලවතුන්ට ඉතා වැදගත් නිසා ඉතිහාසය පුරා විටින්විට මෙරටට විවිධ අභියෝග එල්ල වූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද වන විට සමගි ජන බලවේගයට සියලු පාර්ශ්වයන් බිය වී සිටින බවත්, එමනිසා සියලු විරුද්ධ පාර්ශ්වයන් එක් වී සමගි ජන බලවේගයට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් එම සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාසන් (Tucker Carlson ) විසින් ඉහල පෙලේ රුසියානු දාර්ශනිකයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින් (Alexander Dugin ) සමඟ කළ විනාඩි 20 ක රූපවාහිණී සම්මුඛ සාකච්ඡාව මේ වන විට ඔහුගේ යූ ටියුබ් චැනලය වෙත නිකුත් කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත නවතම පර්යේෂණාත්මක කෘතිය වන "රාම රාවණා සහ විභීෂණ" කෘතිය ජනගත කිරීම මැයි මස 16 වැනි දා සවස 3 ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.