2024 මැයි මස 16 වන දින ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් ප්‍රකාශයට පත්කරන ලද ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ගොන්නට කියුබානු රාජ්‍යයද ඇතුළත් කර ඇති බවත්, කිසිඳු විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හුදු පවිටු උවමනාව මත මෙය සිදුකර ඇති බවත් පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුව විසින් මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මැතිණියට ලිපියක් යොමුකර තිබේ.
ජාතික සංවිධාන දීර්ඝ කාලයක සිට ක්‍රියාකළේ රට තුළ ජාතික මතය පෝෂණය කිරීමට මිස කිසියම් පුද්ගලයකු බලයට ගෙන ඒමට නොවන බවත්, සූර්යා වටා ග්‍රහලෝක කැරකෙන විට සමහර ග්‍රහයින් සූර්යා ළඟින් ගිය ද සූර්යා ග්‍රහයින් ළඟට නොයන බව හා සූර්යා ළඟින් එම ග්‍රහයා යන විට එම ග්‍රහයා සිටින්නේ සූර්යා සමග බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇති බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන "දේශපාලන නිවුන් සොහොයුරන්" එකටතබා පැරදවිය හැකි මේ රටේ එකම දේශපාලන කඳවුර වන ජාතිකවාදී දේශපාලන කඳවුරට නායකත්වය සපයන්නා ලෙස "සර්වජන බලය" නව දේශපාලන සන්ධානය කටයුතු කරනු ඇති බවත් ඉහත කී "දේශපාලන නිවුන් සොහොයුරන්" එකටතබා පරදවන "දේශපාලන පිංකම" සිදු කිරීමට "සර්වජන බලය" සමඟ රොද බැඳගන්නා ලෙස මේ රටේ සියලුම සැබෑ ජාතිකවාදීන්ට ඇරයුම් කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, 'යුතුකම' ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී සංසදය සමඟ එක්ව "සර්වජන බලය" නමින් නව දේශපාලන සන්ධානයක් සඳහා අද(27) දින කොළඹදී මූලික ප්‍රතිපත්ති දහයකින් යුත් ප්‍රතිපත්තිමය සම්මුතියකට අත්සන් තබනු ලැබීය.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..