News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය සතියේ දිනක බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රහස් හමුවක් පවත්වා ඇති බව අන්තර්ජාල නාලිකාවක් කරුණු අනාවරණය කර තිබේ.

'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.

අධික වැසි හා අධික සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 19කට අයත් පවුල් එකොළොස් දහස් හත්සිය හැටපහකට (11,765) අයත් පුද්ගලයන් හතළිස්හතර දහස් තුන්සිය අනූඅට දෙනකු (44,398) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ මූල්‍ය කලමණාකරණය පිළිබඳ පනත් කෙටුම්පත මෙරට සමස්ත ආර්ථික දරාසිටින ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉදිරිගමන් මග තීරණය කරන පනත් දෙකක් බවත්, කඩිමුඩියේ ගෙන එන මෙම පනත් දෙක රටේ සමස්ත ආර්ථිකයට බලපාන තීරණාත්මක පනත් දෙකක් හෙයින් එවැනි පනත් දෙකක් ගෙන ඒමට තාවකාලිකව ටෙම්පරියක් අදින ජනාධිපතිවරයාට ඇති අයිතිවාසිකම කුමක් දැයි සත්‍ය සහ යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය ප්‍රශ්න කරයි.

මැයි මස 27 වනදා සවස 03:00ට, කොළඹ 7, පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදි "ජාතික න්‍යාය පත්‍රයක මූලාරම්භය (ජාතියට එක් න්‍යාය පත්‍රයක්)" සම්මුතියට අත්සන් තැබීම ජාතික සංවිධාන නියෝජිතයන් විසින් සිදුකරනු ලබයි.

චමුදිත සමරවික්‍රම මහතා, නිශ්ශංක සේනාධිපති මහතා සමග පවත්වන සාකච්ජාවක දී නිශ්ශංක සේනාධිපති මහතා පවසා ඇත්තේ කොවිඩ් වසංගත සමයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත එක් මාත්‍රාවක් ලබා දී ඉතිරි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව තිබු බවත්, නොමිලේ එම එන්නත ලබා දීමට ඔහු ඉදිරිපත් වූවත් එවකට රජය ඒවා ලබා නොගත් බවත් ය.

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික අයි.එස් සාමාජිකයන්ගේ දැඩි අන්තවාදී ආගමික මතවාදය සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් හේතුවෙන් මෙරට තුළ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.

දෙමළ ඊළමක් උදෙසා ස්වාධීන ජනමත විචාරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද ජන සංහාරය පිළිගන්නා ලෙසත් ඉල්ලා සිටින සුවිශේෂී යෝජනාවක් කොංග්‍රස් නියෝජිත විලි නිකල් විසින් එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත් කර ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.

දැඩි විරසකභාවයකට ලක්වී සිටින බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම එක්සත් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.