News Category
From Date
To Date
Maximum Number of Result

සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි.

පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි.

ජිනා ආන්ටි නම් කාන්තාව සාකච්ඡා භූමියෙන් පන්නා දැමීමට හේතුව ඉරාජ් වීරරත්න මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට සහ සහභාගි වීම බව සාකච්ඡාවට සහභාගි වූ පිරිස පවසයි.

කෙසේ වුවද හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (09) තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි. මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ,

“මව්බිම ජනතා පක්ෂය බිහි වුණේ ලංකාවේ ඇති වුන ඒ දේශපාලනික රික්තය පිරවීම සදහා. අපේ පක්ෂය බිහි වන විට ලංකාවේ ඡන්ද දායකයන් ඉතාම වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙලා හිටියේ. පක්ෂ අලුතින් බිහි වන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ඊට වඩා තර්කානුකුල, විද්‍යාත්මක සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමගයි මේ පක්ෂය බිහි කළේ. සාම්ප්‍රදායික දේශපාලන වේදිකාවේ ඇසෙන සියලු සාම්ප්‍රධායික වචන, වාක්‍ය අපි ප්‍රතික්ෂේප කරමින් තමයි අපි ඉදිරියට යන්නේ. දැන් අපි ජනතාවට හොද විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති පක්ෂවල තිබුනේ අපි දැක්කා දරිද්‍රතාවය නැති කිරීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒ සදහා වන ක්‍රමය නැහැ. ඒ නිසා අපේ පක්ෂය සංකල්ප මත පදනම් වූ පක්ෂයක්.

වසර හතරක් පුරා දිග් ගැසුණු දීර්ඝ නඩු විභාගයකින් පසු ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකුව නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් මෙන්ම අමාත්‍ය ධූරයක් දැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා. ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු තනතුරක් දැරීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවා.

වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස හා රටේ ආහාර සුරක්ෂිතතාව මූලික කරගනිමින් 2022 වසරේ සිට ඇරඹි ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන ජාතික වාඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

විදේශ විනිමය මෙරටට අහිමි කරමින්, අධික විදුලි බිල හේතුවෙන් කර්මාන්ත ශාලා වැසී යන තත්වයක් නිර්මාණය කර විදුලි බල මණ්ඩලය ලබන ලාභයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.