ගිනි අවි සමග අත්අඩංගුවට ගත් මවුලවිගේ තොරතුරු එළියට
T56 වර්ගයේ ගිනිඅවි දෙකක් සමග මවුලවිවරයෙකු ඔට්ටමාවඩි, නාවල්අඩි මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එහිදී සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරකෙරුණි.
ඔට්ටමාවඩි, නාවල්අඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියකින් ගිනිඅවියක් රැගෙන ගමන් කරන බවට යුද හමුදා බුද්ධි අංශය පොලිස් විශේෂ කාර්ය බළකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට තොරතුරක් ලබාදී තිබුණි.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් හා උණ්ඩ 29ක් ඔහු සන්තකයේ තිබියදී සොයා ගැනුණි.
අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින්වලදී හෙළිවූ තොරතුරු අනුව ඔහුගේ සහෝදරයෙකුගේ නිවසක් පරීක්ෂාවට ලක්කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පියවර ගත් අතර, එහි තිබී තවත් T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 30ක් හමුවී තිබේ.
වාලච්චේන, බුදිරියා නගරයේ පදිංචි 43 හැවිරිදි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමා නාවලපිටිය ප්‍රදේශයේ මවුලවිවරයෙක් ලෙස කටයුතු කළ බවය.
ගිනිඅවිවලට ඇති කැමැත්ත හේතුවෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගෙන් එම අවි මිලදීගෙන ළඟ තබාගත් බවත් ඔහු පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්