පසුගිය 19 වනදා හෙලිකොප්ටර් අනතුරකින් ඉරානයේ තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සමඟ මියගිය ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි නොමැතිව ඉරාන වැසියන් “බොහෝ විට වඩා හොඳ” කාලයක් උදා විය හැකි බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊයේ(22) ප්‍රකාශ කළේය. එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මෙම ප්‍රකාශය කළේ රයිසිගේ මරණය සම්බන්ධයෙන් තමා වගකීම දරණ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ශෝක පණිවිඩය සාධාරණීකරණය කළේ එය හුදෙක් විධිමත් ක්‍රියාවක් බව තර්ක කරමින් වීම විශෙෂත්වයකි.
අද දින පාර්ලිමේන්තුවට අතිශය භයානක පනත් දෙකක් ඉදිරිපත් කර ඇති බවත්, මෙවැනි පනත් දෙකක් ඉතිහාසයේ කිසි දිනෙක ඉදිරිපත් කර නොමැති බව හා ලෝකයේ කොතැනක හෝ ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටින පාර්ලිමේන්තු ක්‍රමයක් සහිත රටක මෙවැනි පනත් සම්මත කළ හැකි දැයි තේරුම්ගත යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජනපද නිල මාධ්‍ය වාර්තාවලට අනුව, 2024 මැයි 15 වන දින, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලද තවත් අත්තනෝමතික වාර්තාවක් කිසිදු ජාත්‍යන්තර අවසරයක් හෝ පිළිගැනීමක් නොමැතිව ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සම්බන්ධයෙන් නිගමන් වල්ට එළඹීමට කටයුතු කර තිබේ. මෙවර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා "2023 කැලැන්ඩර වර්ෂය සඳහා එක්සත් ජනපදයේ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා යැයි පවසන රටවල් හතරක් ලැයිස්තුගත කිරීමට කටයුතු කර ඇත. පසුගිය වසරවල සත්‍ය වශයෙන්ම කියුබාව රජ්‍යක් ලෙස කටයුතු ආකාරයට පටහැනිව යමින් ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා යැයි පවසන රටවල් ලැයිස්තුවට කියුබාව අපවාදාත්මක ලෙස ඇතුළත් කර තිබුණේ නැත.
ජාතිය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ආරක්ෂා කිරීමට ක්‍රියාකරන ලෙසත්, 2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් ජනවරම සහ 2020 දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ජනවරම ලබා දුන්නේ ත්‍රිවිධ හමුදාව පාවාදීමට නොවන බවත් පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුව විසින් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..