News Category
From Date
To Date
Maximum Number of Result

උමතු දේශපාලන විද්‍යාඥ එම්මානුවෙල් මැක්‍රොන්ගේ කුඩා අත්හදාබැලීමක් ඔහුගේ මුහුණ ඉදිරියේදීම පුපුරා ගියේය. මැක්‍රොන්ගේ රසායනාගාර සහකරු ප්‍රංශ වාමාංශික නායකයාගේ ඉල්ලීම්වලට අනුකූල වීමට මැක්‍රොන් අපොහොසත් වන්නේ නම් ඉල්ලා අස්වන ලෙස දැනටමත් දන්වා යවා ඇත. මැක්‍රොන් දැන් සිටින්නේ ඔහු විසින්ම නිර්මානය කරගත් ප්‍රාණ ඇපකරු තත්වයකය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජනතා සහභාගිත්වයෙන් සකස්වන මැතිවරණ ප්‍රකාශනයක් ඉතිහාසයේ පළමු වතාවට ‘සර්වජන බලය’ විසින් ඉදිරිපත් කරන බව ‘සර්වජන බලය’ විධායක සභික, පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු නිසි කාලය සම්බන්ධයෙන් අද (11දා) විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත.

සේවය හැරයෑමේ නිවේදනය අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි නම් එය සිදුකර පෙන්වන මෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

වෘත්තීය සමිති ක්‍රියා කාරයෙකුට හෝ නොගැළපෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීමට නුසුදුසු ආකාරයට ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ඔහු විසින් අවස්ථා ගණනාවක දී නඟන ලද චෝදනා හා හැසිරීම් මෙරට තේ කර්මාන්තයට හානිදායක ලෙස සිදු කරන්නක් ලෙස පෙනී යන බවත් සඳහන් කරමින් සමාජ ක්‍රියාකාරිනි ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.

කෝබෝල්ට් නිධිය පවතින සාගර කලාපය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහද්වීපික කොමිසම (UNCLCS) වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ අවසන් නිර්දේශ ලැබෙන තුරු ‘ඇෆනසි නිකිටින්’ මුහුදු කන්දේ ගවේෂණ කිරීම් අත්හිටුවන ලෙස අන්තර්ජාතික සාගර පතුල් අධිකාරියෙන් (ISBA) ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සමාජය බිඳවට්ටවා රාජ්‍ය අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මෙරට තුළ සිදුවූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීන දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.


දේශීය පුවත්

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.