News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක දී පැවසුවේ මේ වන විට පනත් 44ක් ගෙනවිත් ඇති බවත්, තවත් පනත් 62ක් ගෙන ඒ මට නියමිත බවත් යැයි ද, 2002 වසරේ ඔහු විසින් ගෙනා 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ කිරීමට නොහැකි වූ සියල්ල දැන් සිදුකරමින් සිටින බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරන ලද්දක් බවත්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මේ සම්බන්ධයෙන් තමන්ට එල්ලකර ඇති චෝදනා කිසිසේත්ම පිළිගත නොහැකි බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ොමෙරට ජනයා පරිභෝජනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවල අඩංගු වස විස පිළිබඳව සෞඛ්‍ය පරීක්ෂකවරයකු හා වෛද්‍යවරයකු අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සංවාදයක දී සුවිශේෂී හෙළිදරව් කිරීමක් සිදුකළ බවත්, ඉන්පසුව ඔවුන් දෙදෙනාම ඝාතනය වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

2023 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිසුන්ට උසස් පෙළ පංති වෙත ඇතුළු වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසයි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ඉතා ආන්දෝලනාත්මක සාක්ෂියක් ලබාදුන් පුද්ගලයකු වන රාසික් මොහොමඩ් ඛාදිර්ඛාන් අන්තර්ජාල නාලිකාවක් හා පැවති සංවාදයක දී පවසන්නේ ඉන්දියානු රෝ සංවිධානය මෙම පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බවය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ලංකා ලීඩර් පාඨකයකු ඡායාරූපයක් අප වෙත එවමින් සඳහන් කරන්නේ ඉස්ලාම් අන්තවාදී බලවේග කාදිනල්තුමා ඉඹලා විතරක් මදි උන්වහන්සේගේ දෙපා නමැද ස්තුති කළ යුතු බවය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

වී කිලෝවකින් රුපියල් 50ක් විතර පාඩුයි.. විවෘත කළා කිව්වත් රජයේ වී ගබඩා විවෘත කරලා නෑ.. - ගොවීන්ගෙන් චෝදනා

රජයේ සහතික මිල යටතේ වී කිලෝවක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 50කට ආසන්න පාඩුවක් දරාගනිමින් බවට ප්‍රදේශ රැසක ගොවීන් චෝදනා කරයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

මනසින් මෙහෙයවන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර ලංකාවට ගේනවා.. - ටී.බී. සරත්

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

ඉරානය ළඟදීම බ්‍රික්ස් (BRICS) නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින්..

ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.

මස්ක්ගේ “චීනයට සංචාරය කරන්න” යන නිර්දේශයෙන් අපහසුතාවට පත්වූයේ කවුද? – Global Times කතුවැකිය

අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අසමා රූපණ සරසවියෙන් නවක පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි..

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.