
ටොන් 73ක බෝම්බ සහිත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක යානා හිස්බුල්ලා බංකරයට පහර දෙයි
ඊශ්‍රායල හමුදා ගුවන් යානා ඊයේ(03) රාත්‍රියේ බේරූට් නගරයට තදාසන්න ප්‍රදේශයක පිහිටි ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. හිස්බුල්ලා සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා මෙම බංකරය තුළ සැඟව සිට ඇති බව ය්නෙට් පුවත් සේවය පැවසීය.
"ඊයේ(03) රාත්‍රියේ ඊශ්‍රායල ගුවන් හමුදා ගුවන් යානා ටොන් 73 ක බෝම්බ ප්‍රමාණයක් හිස්බුල්ලාගේ 'ප්‍රධාන බුද්ධි විධානය' ලෙස හඳුනාගෙන ඪහියෙහ් ප්‍රදේශයේ බංකරයකට හෙළන ලදී. හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිතව සිටි හෂෙම් සෆිදීන් නැමැත්තා සංවිධානයේ අනෙකුත් ඉහළ පෙළේ සාමාජිකයින් සමඟ බංකර සංකීර්ණයට පැමිණ සිටි බව විශ්වාස කෙරේ.” පුවත් පත පැවසීය.පුවත් සේවයට අනුව ප්‍රහාරයේ ප්‍රතිඵලය තවමත් අනාවරණය වී නැත.
(හෂෙම් සෆිදීන්)
ඊශ්‍රායල හමුදාව මේ වන විට උතුරු ඇරෝස් නමින් ප්‍රහාරක මෙහෙයුමක් ලෙබනනයේ ක්‍රියාත්මක කරමින් සිටියි. එලෙසම ඊශ්‍රායල ගුවන් හමුදාව රටේ විවිධ ප්‍රදේශ හරහා හිස්බුල්ලා ඉලක්ක වෙත දැඩි ප්‍රහාර දියත් කරමින් සිටියි. සැප්තැම්බර් 27 වන දින බේරූට් හි ගුවන් ප්‍රහාර කිහිපයක ප්‍රතිඵලයක් ලෙස, හිස්බුල්ල සංවිධානයේ මහලේකම් හසන් නස්රල්ලා ඇතුළු ඉහළ පෙළේ හිස්බුල්ලා අණදෙන නිලධාරීන් ඝාතනය කරන ලද්දේය.මේ අතර දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුමක් ද ඔක්තෝබර් 1 වැනිදා ආරම්භ විය.
ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ලෙබනන් සෞඛ්‍ය අමාත්‍ය ෆිරාස් අබියාඩ් උපුටා දක්වමින්, ඔක්තෝබර් 3 වන විට, ප්‍රහාර වලට ගොදුරු වූවන්ගේ මුළු සංඛ්‍යාව 1,974 දක්වා ළඟා වී තිබේ.
හිස්බුල්ලා ඉලක්ක දහස් ගණනකට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව වාර්තා කර ඇත. 2006සිදුවූ දෙවන ලෙබනන් යුද්ධයෙන් පසුව ඊශ්‍රායල ප්‍රහාරවල තීව්‍රතාවය මෙතරම් ඉහළ ප්‍රමානයකින් දක්නට නොලැබුණු බව යුද නිරීක්ෂකයින් පවසයි.
Israeli Airstrike Targets Hezbollah Bunker With 73 Tons of Bombs
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
