මැති, ඇමැතිලාගේ දුවල, පුත්තු පිටරට රජ සැප ගත්තේ මෙහෙමයි...
ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාලවලට සහ මහ කොමසාරිස් කාර්යාලවලට මැති, ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ ඥාතීන් යොදවා තිබූ ආකාරය හෙළිදරව් වී තිබේ.
ඉකුත් (29දා) නිකුත් කරන ලද ‘අනිද්දා’ පුවත් පත හෙළි කර තිබූ තොරතුරුවල උපුටා ගැනීමක් පහත දැක්වේ.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා – එස්. බී. දිසානායකගේ පුත්, තාරක දිසානායක.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ ලිපිකාරිනිය – සුසිල් ප්‍රේමජයන්තගේ දියණිය, ඉන්දීවරී කුලරත්න.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ හිටපු ලිපිකරු – බන්දුල ගුණවර්ධනගේ පුත්, විදුල ගුණවර්ධන.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ – රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය නියෝජිත අශෝක ජයතුංග (‘වොෂින්ටන් වෘකයා’ යනුවෙන් ඔහු මෙරටට සතිපතා කොලමක් ලිවී ය).
ලොස් ඇන්ජලීස් කොන්සල් ජෙනරල් කාර්යාලයේ නිලධාරී – මහින්ද සහ ගෝඨාභයගේ මස්සිනා (සොහොයුරියගේ ස්වාමිපුරුෂයා) වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා කොන්සල් කාර්යාලයේ තුන්වැනි නිලධාරිනිය – අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳ, ඩී. සී. ප්‍රනාන්දුපුල්ලේ.
ජපානයේ ටෝකියෝ නුවර තානාපති නිලධාරී – රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන රෝලන්ඩ් පෙරේරාගේ සොහොයුරා, රොඩ්නි පෙරේරා.
ජපානයේ ටෝකියෝ නුවර තානාපති කාර්යාලයේ නිලධාරිනී – නිමල් සිරිපාල ද සිල්වාගේ ඥාති දියණිය, ඉන්දු ගුණරත්න.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති – වංචා, දූෂණ චෝදනා එල්ල වී තිබෙන දේශපාලනඥයකු වන රෝහිත බෝගොල්ලාගම.
ලන්ඩන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරී – සුසන්ත පුංචිනිලමේගේ පුත්, සේනිය පුංචිනිලමේ.
ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා – හිටපු රාජ්‍ය ඇමැති, ශාන්ත බණ්ඩාරගේ පුත්, සුගත බණ්ඩාර.
ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ නිලධාරී – දුමින්ද දිසානායකගේ සොහොයුරු, අමිල දිසානායක.
කෙසේ වුවද මෙලෙස හෙළිදරවු වී ඇත්තේ මහජන මුදලින් තානාපති වරප්‍රසාද ලබා දුන් දේශපාලනඥයන්ගේ ලැයිස්තුවේ කොටසක් පමණක් බව ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්