News Category
From Date
To Date
Maximum Number of Result

සෑම කෙනෙකුම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි- රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්

Oct 3, 2024 at 04:20 PM
|


රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා සමඟ "එක්සත් ජාතීන් 20 වන ශත වර්ෂයේ සිට 21 වන ශත වර්ෂය දක්වා" නමින් 2024 සැප්තැම්බර් මස 25 වනදා කළ වාර්තාමය සම්මුඛ සාකච්ඡාවක් පළ කිරීමට මොස්කව් බලධාරින් කටයුතු කර තිබුණි. තරමක් දීර්ඝ සාකච්ඡාවක් වන එම සම්මුඛ සාකච්ඡාව ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු.

ප්‍රශ්නය:  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි සංවත්සරය ඉතා නුදුරේදීම සැමරිමට නියමිතයි. එවකට සෝවියට් සංගමය වෙනුවෙන් ඇන්ඩ්‍රි ග්‍රොමිකෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීම පිළිබඳ ලේඛනවලට අත්සන් කිරීමත් සමඟම අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොටිල්ලට වැටුනා. අපි එක්සත් ජාතීන්ගේ ඉතිහාසය දෙස බැලුවහොත්, සෝවියට් සංගමය සහ රුසියාව එහි ක්‍රියාකාරිත්වය සඳහා ලබා දී ඇති දායකත්වය කුමන ආකාරයේද? එම ගෝලීය සංවිධානය තුළ රුසියාවේ ප්‍රවේශය වෙන්කර හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද?

සර්ජි ලැව්රොව්: සෝවියට් සංගමය එක්සත් ජාතීන්ගේ තොටිල්ලේ සිටි බව ඔබ නිවැරදිව පැවසුවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු විශ්වීය ජාත්‍යන්තර සංවිධානයක් නිර්මාණය කිරීමේ අදහස (මෙය අපගේ ලේඛනාගාරයේ ඇති මුල්ම සඳහනයි) සෝවියට්, ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරුන් 1943 සරත් සෘතුවේ දී මොස්කව්හි රුසියානු විදේශ අමාත්‍යාංශයේ ඇති පිළිගැනීමේ මන්දිරයේ පැවති රැස්වීම සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලියවිල්ලක මුලින්ම සඳහන් වූවා.එය යුද්ධය අවසන් වීමට පෙර ඇති වූ මූලික ගිවිසුමේ පළමු සඳහන ලෙස සැලකෙන අතර ජාත්‍යන්තර ආරක්ෂාව, අන්තර්ක්‍රියා සහ අන්තර් රාජ්‍ය සබඳතා පිළිබඳව පශ්චාත් යුධ නිර්මාණ ශිල්පය සාකච්ඡා කිරීම මත ආරම්භ වූ සාකච්ඡාවක්.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යනු ඇන්ඩ්‍රි ග්‍රොමිකෝ සහ ඔහු සමඟ සිටි සහෝදරවරුන් ඇතුළු එම අවස්ථාවට සහභාගී වූ අය විසින් අත්සන් කරන ලද ලියවිල්ලකි. එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ආයතනය වන ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නියෝජනය සහිත මහා බලවතුන් පහෙන් එකක් ලෙස ප්‍රංශය පිළිගත යුතු බව අවධාරණය කරමින් සෝවියට් සංගමය නවීන ආරක්ෂක යටිතල ව්‍යුහය නිර්මාණය කිරීමට ප්‍රභල දායකත්වයක් ලබා දුන්නා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බලාත්මක වූ පසු, සැන් ෆ්‍රැන්සිස්කෝ හිදි ව්‍යවස්ථාදායක සමුළුව පැවැත්වූවා. එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන ලද අතර, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීම සහතික කිරීම වෙනුවෙන් සෝවියට් සංගමය ජවසම්පන්න ලෙස ක්‍රියා කළා.

ජයග්‍රාහී බලවතුන් විසින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සකස් කර ඇති උතුම් මූලධර්ම මත පදනම්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා වසරක් යන්නට මත්තෙන්, බටහිරයන් මෙම මූලධර්මවලට පටහැනිව ක්‍රියා කළේ, සෝවියට් සංගමයට එරෙහිව හුදු සීතල යුද්ධයක් ආරම්භ කිරීමට නොව සම්පූර්ණ යුද්ධයක් දියත් කිරීමට බව පැහැදිලි වූවා. ඇංග්ලෝ සැක්සන්වරුන් විසින් සකස් කරන ලද මෙම සැලසුම් බොහෝ කලක සිට ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

මහා දේශප්‍රේමී යුද්ධය (1941-1945) ආරම්භ වීමට පෙර බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සෝවියට් සංගමයට එරෙහිව මුහුණ දීමට සලකා බැලූ බව පෙන්වන ලේඛන අපගේ ලේඛනාගාරය මෑතකදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්,සෝවියට් සංගමය ලෙස අපි සිතුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමත් සමඟ මෙම සැලසුම් වල දමා, ලෝක ජනයා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රධාන මූලධර්ම මත පදනම්ව ජීවත් වෙමින් - රාජ්‍යවල ස්වෛරී සමානාත්මතාවය, එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ ගරු කිරීම ස්වයං නිර්ණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිගෙන කටයුතු කරnu Athi kiyaayi. අපගේ බටහිර සගයන් මෙම මූලධර්ම මත විශේෂයෙන් දැඩි ලෙස බර අඩි තබා ගමන් කර තිබෙනවා.

නේටෝව නිර්මාණය කිරීමත් සමඟම, සෝවියට් සංගමය දැවැන්ත ලියවිල්ලක් ලෝකයට ඉදිරිපත් කරන ලද අතර එමගින් නේටෝව නිර්මාණය කිරීමේ ඇති අහිතකර බලපෑම සහ නැගෙනහිර සහ බටහිර අතර, විශේෂයෙන් යුරෝපයේ තාප්පyak ඉදිකිරීමේ අන්තරාය පෙන්වා දෙනු ලැබුවා. එලෙසම එම ලියවිල්ල මගින් සෝවියට් සංගමය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කරන ලෙසත් ඒ සඳහා ක්‍රියා කරන ලෙසත් ඉල්ලා සිටියා. එහෙත් ඔවුන්  අපගේ ආයාචනයට කන් දුන්නේ නැහැ. ඉන් පසුව, වෝර්සෝ ගිවිසුම් සංවිධානය පිහිටුවන ලැබූ අතර සීතල යුද්ධය ආරම්භ වූවා. වින්ස්ටන් චර්චිල් 1946 දී යකඩ තිරය පහළට අදිනු ලැබුවා.

කෙසේ වෙතත් රුසියාව ලෙස අපි යුක්තිය සහ ජාතීන්ගේ ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මය ක්‍රියාත්මක කිරීම සඳහා දිගටම සටනේ යෙදෙනවා. කොළණිකරණයෙන් මිදීම දීප්තිමත් අවධියක් වූ අතර එම මූලධර්මයේ ප්‍රධාන අංගයන් මූර්තිමත් කිරීමක්ද වෙනවා. යටත් විජිත රටවලට සහ ජනතාවට නිදහස ලබා දීම පිළිබඳ 1960 ප්‍රකාශයේ ප්‍රධාන ආරම්භකයා වූයේ සෝවියට් සංගමයයි. එම ප්‍රකාශය සම්මත වීමෙන් පසු එක්සත් ජාතීන් තුළ සිටින  සාමාජිකයින් ගණන 80 ත් 90ත් අතර ප්‍රමාණයකින් වැඩි වූවා. එම ප්‍රකාශය ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය නැමැති මූලධර්මය ක්‍රියාවට නැංවීමක්.

අද දවසේ ප්‍රධාන ඉලක්කය යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව සහතික කිරීම බව ඔවුන් අපට පවසනවා. එහෙත් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නොමඟ යවනසුලු අර්ථකථනයක්. එම අර්ථකථනය මගින් ජාතීන් සතු ස්වයං නිර්ණ අයිතිය භෞමික අඛණ්ඩතාවයට වඩා ඉහළින් තබා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පසුව තීරණය කළේ රජයන් ඔවුන්ගේ භූමියට අයත් සමස්ත ජනතාවම නියෝජනය කරන්නේ නම් රාජ්‍යවල භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවයි. යටත් විජිත බවට පත් වූ අප්‍රිකානු, ආසියාතික සහ ලතින් ඇමරිකානු රටවල සමස්ත ජනතාව නියෝජනය නොකළ යටත්විජිත බලවතුන් මෙන්ම, යුක්රේනයේ සිදු කළ රාජ්‍ය කුමන්ත්‍රණයකින් පසු බලය අල්ලා ගත් නව රජය රුසියානු භාෂාව තහනම් කරන බව වහාම ප්‍රකාශ කළද එම රජය ක්‍රිමියාව, ඩොන්බාසය හෝ නොවොරොසියාව තුළ ජීවත්වන ජනතාව නියෝජනය කළේ නැහැ. යුක්රේනය අපක්ෂපාතිව සාකච්ඡා පැවැත්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මවලට ගරු කරන ලෙසත් යුක්‍රේනයෙන් බටහිරයන් ඉල්ලා සිටීම වළක්වන හේතුවක් ලෙසයි අප මෙය දකින්නේ .

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් රටක භෞමික අඛණ්ඩතාවයට ගරු කරන ලෙස ඉල්ලා සිටීමට පෙර එමගින් ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව හෝ ආගම යන කාරණා මත භේදයකින් තොරව මානව හිමිකම්වලට ගරු කරන ලෙස ඉල්ලා සිටිනවා. මම මේ මොහොතේ ජාතිය හෝ ලිංගිකත්වය ගැන කතා කරන්න යන්නේ නැහැ.වෙනත් බොහෝ අය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටිනවා. එහෙත් භාෂාවක් කතා කිරීමට සහ ආගමක් ඇදහීමට ඇති අයිතිය සෑම විටම ජාත්‍යන්තර කටයුතුවලදී බටහිරයන්ගේ ධජය බවට පත් වුනා. නමුත් බටහිරයන් විසින් පෝෂණය කරන ලද සෙලෙන්ස්කිගේ නාසි පාලන තන්ත්‍රය, තමන්ගේම ජනතාවගෙන් විශාල පිරිසකගේ භාෂා සහ ආගමික අයිතිවාසිකම් යන දෙකම තහනම් කර ඇති නිසා බටහිරයන් දශක ගණනාවක් තිස්සේ ඔවුන් අතේ ලෙළ දුන් බැනර් සහ ධජ ඉවත් කරගෙන තිබෙනවා. ඔවුන් යුක්රේනයේ ජයග්‍රහණය සහතික කිරීම ගැන පමණක් කතා කරන්නේ එය යුරෝපීය සභ්‍යත්ව වටිනාකම් සඳහා සටන් කරන නිසාවෙනුයි. මෙම “වටිනාකම්” එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූල නොවන බව කීමට අවශ්‍ය නොවන බව මම දකිනවා.

අභ්‍යවකාශයේ අවි තරඟය වැලැක්වීමේ අවශ්‍යතාවය හෝ ජාත්‍යන්තර තොරතුරු ආරක්ෂාව සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් නිර්මාණය කිරීම සහ හමුදාමය අරමුණු සඳහා සයිබර් අවකාශය භාවිතය වැළැක්වීම පිළිබඳ සාකච්ඡා දියත් කළ යෝජනාවන් වැනි එක්සත් ජාතීන් අනුමත කරන ලද සෝවියට් සංගමය සහ රුසියාව විසින් ඉදිරිපත් කළ තවත් බොහෝ මුල පිරීම් පිළිබඳව මට සඳහන් කළ හැකියි. ඒ අතරම, සයිබර් අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක වැඩද ආරම්භ කරනු ලැබුවා. එහි කටයුතු දැන් අවසන් වෙමින් පවතිනවා. ඇතැම් පුද්ගලයන් සදාචාරාත්මක නොවන අරමුණු සඳහා දුරස්ථ ඩිජිටල් අවකාශය භාවිතා කරනවා. ඒ අනුව මෙම සම්මුතිය ජාත්‍යන්තර නීතිය ශක්තිමත් කිරීම සඳහා රුසියාව දැක්වු  තවත් දායකත්වයක්.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මුලික අරමුණු සහ මුලධර්ම වරණාත්මකව හෝ ඉඳහිට නොව සම්පුර්ණයෙන් සහ සමස්තයක් ලෙස සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම දැන් අපගේ ප්‍රමුඛතාවය කර ගෙන තිබෙනවා.

ප්‍රශ්නය: වර්තමානයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය, විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විවිධ මට්ටම්වල සාකච්ඡාවන් සිදුවෙමින් තිබුණා. එලෙසම මෙම සාකච්ඡා අද දක්වාමත් පවතිනවා.  ජූලි මාසයේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී, ආරක්ෂක මණ්ඩලයට පීඩා කරන භූගෝලීය සහ භූ දේශපාලනික අසමතුලිතතා ඉවත් කිරීමේ වැදගත්කම ඔබ සඳහන් කරනු ලැබුවා. මෙය කළ යුතු බව සෑම දෙනාටම පැහැදිලියි. එවැනි ප්‍රතිසංස්කරණ සඳහා ඔබ දක්වන මාර්ග සිතියම කෙබඳු එකක් විය හැකිද? නුදුරු අනාගතයේ දී එවැනි ප්‍රතිසංස්කරණවල තිබිය යුතු පරාමිතීන් වලට අවසානයේ කුමක් විය හැකිද?

සර්ජි ලැව්රොව්: ප්‍රතිසංස්කරණය යන්න තනි සිදුවීමක් නොවෙයි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වූ දා සිට ක්‍රියාත්මක වන ක්‍රියාවලියක්. ආරක්ෂක මණ්ඩලය 1960 ගණන්වල මුල් භාගයේදී පුළුල් කරනු ලැබුවා. පසුව මානව හිමිකම් කවුන්සිලය බවට පරිවර්තනය වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ බලපෑමට ලක් වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ගැටුම් නිරාකරණය කිරීම සහ සංක්‍රමණය සම්බන්ධයෙන් කටයුතු කරන සාමය ගොඩනැගීමේ කොමිසම (අවුරුදු 20කට පෙර පිහිටුවන ලද සාපේක්ෂ නව ආයතනයක්) වැනි ප්‍රඥප්ති මගින් මුලින් අපේක්ෂා නොකළ ආයතන නිර්මාණය කරන ලැබුවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ද සැලකිය යුතු ලෙස පුළුල් වී ඇති අතරම සාමාජික රටවල් පුළුල් ලෙස නියෝජනය වෙනවා. අපි, රුසියාව විශේෂ මෙහෙයුම් ගණනාවක සක්‍රීයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සැබෑ ජීවිතයේ වෙනස්කම් පිළිබිඹු කරන නව ආයතන නිර්මාණය කරනවා. මීට වසර 20 කට පෙර නොතිබූ සයිබර් ආරක්ෂාව ගැන මම ඉහත සඳහන් කළා. එදා කවුරුත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණේ නැහැ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ආයතනවල සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ මධ්‍යයේ, ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි සියලු දෙනා මූලික වශයෙන් අවධානය යොමු කරන බවට සැකයක් නැහැ. මෙය තේරුම් ගත හැකි යි.ආරක්ෂක මණ්ඩලය යුද්ධය සහ සාමය පිළිබඳ කාරණාවලදී තීරණාත්මක කාර්යභාරයක් ඇති ප්‍රධාන ආයතනය බවට පත් වීමට අමතරව, එය කීර්තිමත් අංගයක් බවටද පත්වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වන විට, එම රටෙහි ජාතික අභිමානය මතු කරනවා. ජාතික අනන්‍යතාවය ශක්තිමත් කරනවා. එලෙසම  කවුන්සිලයේ සිටීමට උත්සාහ කරන රටවලට සැලකිය යුතු දේශීය දේශපාලන මානයක්ද තිබෙනවා. 

මෙම ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා. මම 1994 දී අපේ රටේ නිත්‍ය නියෝජිතයා ලෙස නිව්යෝර්ක් වෙත පැමිණෙන  විටත් එය ක්‍රියාත්මක වෙමින් සහ විකාශනය වෙමින් පැවතුනා. එසේ වුවද, එය ඕනෑම වියදමකින් සංරක්ෂණය කළ යුතු මූලධර්ම මත රඳා පවතිනවා. ප්‍රධාන මූලධර්මය වන්නේ ආරක්ෂක මණ්ඩල ප්‍රතිසංස්කරණය රාජ්‍යයන් අතර පුළුල් ගිවිසුමක් මත පදනම් විය යුතුය යන්නයි. එය “සම්මුතිය” යැයි හඳුන්වන්නේ නැති නමුත් එය “රාජ්‍යයන් අතර පුළුල් පදනමක් සහිත එකඟතාවක්” බව සඳහන් කළ යුතුමයි.

යම් කලාපයක වැඩි ගෞරවයක් ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ජාතික අභිලාෂයන් සහ ජාතික අභිමානය පිළිබඳ පරස්පර සලකා බැලීම් හේතුවෙන් සමහර රටවල් මෙම ක්‍රියාවලිය (සහජයෙන්ම තරමක් සංකීර්ණ උත්සාහයක්) කෘත්‍රිමව වේගවත් කිරීමට උත්සාහ කරනවා. කඩිමුඩියේ මෙවැනි ක්‍රියාවලියක් සාර්ථක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉඩක් නැහැ. මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට උත්සාහ කරන අය තර්ක කරන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සංශෝධනය කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත්, එම ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඡන්දයකට ඉදිරිපත් කිරීමට යෝජනා කරන බවත්ය. කෙසේ වෙතත්, තුනෙන් දෙකක බහුතරයක් පුළුල් පදනමක් සහිත කැමැත්තක් නියෝජනය කරන්නේ නැහැ. මෙවැනි උත්සාහයක් ධ්‍රැවීකරණයට තුඩු දීමට හේතු වෙනවා. ආරක්‍ෂක කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් රටවල් තව තවත් ස්ථිර සාමාජිකයන් එකතු කරන ලෙස අවධාරණය කරනවා. ඔවුන් මෙම ක්‍රියාවලියේ ආරම්භකයින්, එනම් ඉන්දියාව, බ්‍රසීලය, ජර්මනිය සහ ජපානය ඇතුළත් හතරේ කණ්ඩායම (G4) පිහිටුවාගෙන තිබෙනවා. ඔවුන්ට විරුද්ධ වන්නේ තවත් ස්ථිර සාමාජිකයින් එකතු කිරීම පිළිගත නොහැකි බව විශ්වාස කරන සහ ස්ථිර නොවන ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව පුළුල් කිරීමේ අදහස පමණක් අනුමත කරන විශාල රටවල් සමූහයක්.

මම නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ රුසියානු නිත්‍ය නියෝජිතයා ලෙස සේවය කරන කාලයේ මගේ මෙක්සිකානු සහකරු, ආරක්ෂක මණ්ඩල ප්‍රතිසංස්කරණ ගැන කළ සාකච්ඡා වලදී නව ස්ථිර ආසනවල අවශ්‍යතාවයට එරෙහිව අදහස් දැක්වුවා. රටවල් පහකට විශේෂ වරප්‍රසාද ලබා දීමේදී අසාධාරණයක් සිදු වූ බව පැවසූ ඔහු එබැවින් එම වැරැද්ද නැවත සිදු නොකිරීමට වග බලාගත යුතු බවද අවධාරණය කළා. මෙම තර්කයට අනුකූලව, "සම්මුතිය සඳහා එක්සත් කිරීම" නම් කණ්ඩායමක් පිහිටුවන ලද අතර, එම කණ්ඩායම සියලු අවස්ථාවලදී ඡන්දය දීමෙන් වැළකී සිටීමේ අරමුණ පෙරදැරිව සිටියා. මෙම කණ්ඩායමට විවිධ රටවල් එනම්, කුඩා, මධ්‍යම සහ තරමක් විශාල රටවල් ඇතුළත් වෙනවා. මම ඉහතදී මෙක්සිකෝව සහ ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් මෙන්ම බොහෝ යුරෝපීය ජාතීන් ගැන සඳහන් කළා. ස්ථීර ආසන ලබා ගැනීම යථාර්ථවාදීව අපේක්ෂා කළ නොහැකි බව ඔවුන් තේරුම් ගනු ඇති. ඡන්ද ක්‍රියාවලිය ඉක්මන් කිරීමට ඔවුන් අකමැති වීමට මෙය තවත් හේතුවක්.

ඉතින්, කවුරුන් හෝ  "අපි මතවාද ඇදගෙන යාම නතර කර ඡන්දය දෙමු, අපට තුනෙන් දෙකක බහුතරයක් ලැබෙනවා " යැයි පවසන විට මෙය අනිවාර්යයෙන්ම සත්‍ය නොවන බව වටහා ගත යුතුයි. ඒ කියන්නේ ඔවුන්ට කිසියම් පියවරක් ගැනීමට අවශ්‍යයි. එම පියවර යම් විදියකින් සාර්ථක වුවහොත්, එය ආර්ථිකය සම්බන්ධ ආයතනවල වැඩ සඳහා දායක වන, විවිධ රටවලට මානුෂීය ආධාර සපයන සහ සාම සාධක මෙහෙයුම් සඳහා ඔවුන්ගේ හමුදාවන් දායක කරවන "ගෞරවනීය" රටවලින් තුනෙන් එකක් කොන් කරනු ලබනවා. එවැනි තීරණයක් ගතහොත්, ඔවුන්ට, ආරක්‍ෂක මණ්ඩලයේ නීත්‍යානුකූලභාවය හීන වනවා මිස වැඩිදියුණු වීමක් සිදු වන්නේ නැහැ. මෙම ක්‍රීඩාව භයානකයි.

විසඳුම් පැනවීමට වඩා පුළුල් පදනමක් ඇති ගිවිසුමක් සෙවීම සඳහා අපගේ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම අනුමත කරන මහජන චීන සමූහාණ්ඩුව සමඟින් එක්ව අපි අපට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා.මෙම පසුබිමට එරෙහිව, ආරක්ෂක මණ්ඩලයේ අනෙකුත් ස්ථිර සාමාජිකයින් - එක්සත් රාජධානිය, ප්‍රංශය සහ එක්සත් ජනපදය - වඩාත් අපැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙනවා. එක්සත් රාජධානිය සහ ප්‍රංශය ක්‍රියාවලිය ඉක්මන් කිරීමට උත්සාහ කරන අය සමඟ පන්දු කෙළිමින් සිටිනවා.

ඒ අතරම, ප්‍රංශය නිෂේධ බලය සීමා කිරීමේ අදහස ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ එය ස්වේච්ඡා සීමාවක් වනු ඇති බවයි. අපි ඔවුන්ගෙන් විමසුවා මේ රංගනය සැබෑ ජීවිතයේදී දකින්නේ කෙසේද කියා. සමූලඝාතන සහ සමූහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් එය අදාළ විය යුතු බව පැවසූ ඔවුන්, ස්ථිර සාමාජිකයන් එවැනි අවස්ථාවන්හිදී සිය නිෂේධ බලය භාවිතා කිරීමෙන් ස්වේච්ඡාවෙන් වැළකී සිටිය යුතු බව ඔවුන් යෝජනා කළා.

මේ තත්ත්වය දෙස බැලිය යුත්තේ නරුම දෘෂ්ටිකෝණයකින් වීම කණගාටුවට කරුණක්. ජන සංහාරයක් හෝ මානව හිමිකම් විශාල වශයෙන් උල්ලංඝණය කිරීමක් වේවා, නිෂේධ අයිතිය අත්හැරීමට කාලය පැමිණ ඇති බව අපට අවබෝධ කර ගැනීමට කොපමණ වින්දිතයන් අවශ්‍ය වේද යන්න අපි ප්‍රංශ ජාතිකයන්ගෙන් විමසුවා. එය 100 ද? 100 ට වඩා වැඩිද? ගණන් කිරීම 99 වන විට නිෂේධ බලය යෙදිය යුතුද? මෙය නරුම ප්‍රවේශයක්. එවැනි තත්වයන් තුළ පවා, අවධානයට ලක්වීම වෙනුවෙන් තවත් පියවරක් ගැනීමට පැරිසියට ඉඩ දෙන තාක් කල් ප්‍රංශයේ කුහකකම ප්‍රදර්ශනය කරනවා.

2023 දී, එක්සත් ජනපදය, ඔවුන්ට ඇඟෑළුම්කම් පාන ජර්මනිය සහ ජපානය ඇතුළු රටවලට ස්ථිර ආසන ලබා දීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහාම පුළුල් කිරීම සඳහා ආක්‍රමණශීලී ලෙස පෙනී සිටීමට පටන් ගත්තා.අපගේ ස්ථාවරය තරමක් සරලයි. ආරක්ෂක කවුන්සිලයට "බටහිර කණ්ඩායම" (නේටෝ, යුරෝපීය සංගමය හෝ ජපානය වැනි ඔවුන්ගේ සහචරයින්) වෙතින් පැමිණෙන තවත් සාමාජිකයින් අවශ්‍ය වන්නේ නැහැ. දැනට, ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් හය දෙනෙක් බටහිර කේන්ද්‍රීය රටවල් නියෝජනය කරනවා. මෙම ක්‍රියාවලියේ බටහිර සහභාගිවන්නන් ආරක්ෂක මණ්ඩලයේ කාර්යයට කිසිදු වටිනාකමක් එකතු කරන්නේ නැහැ. සෑම දෙයක්ම එක්සත් ජනපදය විසින් තීරණය කරනු ලබන අතර බ්‍රිතාන්‍යයන් සැමවිටම ඔවුන්ට සහාය දක්වනවා. ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ වන තවත් බටහිර සහභාගිවන්නන් (මෙම අවස්ථාවේදී, ජර්මනිය සහ ජපානය වැනි එයට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින අය) අසාධාරණය පුළුල් කිරීම සහ ගැඹුරු කිරීම හැර වෙන කිසිවක් කරන්නේ නැහැ. බර්ලින් හෝ ටෝකියෝ ඔවුන්ගේ විදේශීය අනුග්‍රාහකයන්ගේ අදහස්වලට වඩා වෙනස් අදහස් ප්‍රකාශ කළ එකම ජාත්‍යන්තර ප්‍රශ්නයක්වත් නැහැ. එලෙසම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් අඩු නියෝජනයක් කරන පෙන්වා තිබෙනවා.

ආරක්‍ෂක කවුන්සිලයේ ස්ථීර ආසන ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සහ බ්‍රසීලයේ නීත්‍යානුකූල අභිලාෂයන් සඳහා අපි නිරන්තරයෙන් සහාය ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, අප්‍රිකානු අභිලාෂයන් ද සපුරාලිය යුතුය. අපි ගරු කරන පොදු සාමූහික තනතුරු දැරීමට අප්‍රිකාවද සුදුසුයි. ඒ වගේම අපේ කැමැත්ත එසේ වනවා දැකීමයි.

අපගේ ස්ථාවරය ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව සඳහා අමතර ආසන සැපයීමයි. මෙම ආසනවලින් සමහරක් ස්ථීර වීම සම්බන්ධයෙන් අපි විවෘතව සිටිනවා. නමුත් අපට ඉදිරියට යාමට පෙර අපි පොදු එකඟතාවයකට පැමිණිය යුතුයි. එය සංකීර්ණ ක්‍රියාවලියක්. මෙම ක්‍රියාවලිය ඉක්මනින් ආරම්භ කර කඩිනමින් නිම කිරීමකට කිසිදු අවස්ථාවක් ඇතැයි මම දකින්නේ නැහැ.

ප්‍රශ්නය: එක්සත් ජාතීන්ගේ මහලේකම්වරුන් නව දෙනෙකුගෙන් හය දෙනෙකුම සම්මුඛ සාකච්ඡාවලට ලක් කිරීමේ වරප්‍රසාදය මට ලැබී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ රුසියාවේ නිත්‍ය නියෝජිතයා ලෙස ඔබ බුට්‍රොස් බුට්‍රොස්-ගාලි සහ කොෆි අනන් සමඟත්, ඉන් පසුව විදේශ අමාත්‍යවරයා ලෙස බෑන් කී මූන් සහ ඇන්ටෝනියෝ ගුටරෙස් සමඟත් ඔබ කටයුතු කළා.

ඔබේ ස්ථාවරය මත පදනම්ව, ඔවුන්ගේ මතයන් සලකා බැලීම තරමක් අභියෝගාත්මක විය හැකි බව මට වැටහෙනවා.එහෙත් ඔබේ දැක්මට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩකටයුතු, එහි සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර කටයුතුවලදී තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කිරීමට වැඩිම දායකත්වය ලබා දුන්නේ කවර මහ ලේකම්වරයාද?

සර්ජි ලැව්රොව්: මෙම තනතුර හොබවන වත්මන් මහලේකම්වරයාට පෙර සිටි සෑම ලේකම්වරයෙකුම ලේකම් කාර්යාලය ක්‍රියා කරන ආකාරය සහ එය ආරක්ෂා කරන සම්ප්‍රදායන් මෙන්ම සාමාජික රටවල් සමඟ ලේකම් කාර්යාලයේ සබඳතා හැඩගැස්වීම වෙනුවෙන් අර්ථවත් දායකත්වයක් ලබා දුන්නා. මට මේ සම්බන්ධයෙන් උදාහරණයක් ලෙස බුරුම රාජ්‍යයෙන් පැමිණ මෙම තනතුර හෙබවූ යූ තාන්ත් පෙන්වා දිය හැකිය.

මම නිව් යෝර්ක්වල සහ විදේශ අමාත්‍යවරයා ලෙස සේවය කරන කාලයේ එකසත් ජාහීන්ගේ මහ ලේකම් තනතුර හෙබවූ අයගෙන් කෙනෙකු මම තෝරා ගන්නේ නම්, මට බොහෝ විට කොෆි අනන් සිහිපත් වෙනවා. ඔහු මගේ සමීප මිතුරෙක් වූවා. වැදගත්ම දෙය නම්, ඔහු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 100 වැනි වගන්තිය පූජනීය බවට පත් කිරීමට සෑම දෙයක්ම කරණු ලැබුවා. මෙම 100 වැනි වගන්තියෙන් නියම කර ඇත්තේ ලේකම් කාර්යාලය මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් තනිකරම පරිපාලන ආයතනයක් බවයි. එබැවින්, එකඟතාවයකට පැමිණීමට සාමාජික රටවලට එය භාර දෙන අතරම, සියලු කාරණා සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටිය යුතුය. යම් කිසි කාරණාවකදී, ලේකම් කාර්යාලය ඔවුන් ගන්නා යෝජනා සහ ඔවුන්ගෙන් ලැබෙන උපදෙස් ක්‍රියාත්මක කළ යුතුයි.

මහලේකම් වීමට පෙර කොරියානු ජනරජයේ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බෑන් කී මූන් සමඟ මට හොඳ සබඳතාවක් තිබුණා. අපි එකිනෙකා හොඳින් දැන සිටියා. අදහස් හුවමාරු කරගත්තා. එකිනෙකා හමුවීමට ගියා. ඇන්ටෝනියෝ ගුටේරස් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන විටත් මම ඔහුව හොඳින් දැන සිටියා. ඔහු රුසියාවේ සංචාරය කළා මෙන්ම එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා ලෙස උතුරු කොකේසස් වෙතද සංචාරය කළා. ඇත්ත වශයෙන්ම, ත්‍රස්තවාදී තර්ජන සහ ඒවාට මුහුණ දීමට අපට සිදු වූ ආකාරය පිළිබඳ සත්‍යය ජාත්‍යන්තර ප්‍රජාවට දැන ගැනීමට අවස්ථාව සැලසීමට ඇන්ටෝනියෝ ගුටරෙස් විශාල වැඩ කොටසක් කරනු ලැබුවා.

ඇත්ත වශයෙන්ම,ඇන්ටෝනියෝ ගුටරෙස්ට සහය දැක්වීමට අපව පොළඹවන සිත්ගන්නා හේතුවක් තිබෙනවා. භ්‍රමණය වන යාන්ත්‍රණයක් භාවිතා කරමින් නිශ්චිත කලාපවලින් හෝ කලාපීය කණ්ඩායම්වලින් මහලේකම්වරුන් පත් කිරීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විධිමත් රීතියක් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැනි කලාප පහක් තිබෙනවා. "ආසියාව", "අප්‍රිකාව", "ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්" , "බටහිර යුරෝපය , එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු අනෙකුත් රටවල් ඇතුළත් කළාපය" යන කළාප හතරයි. නැගෙනහිර යුරෝපය පස්වන කළාපයයි. ඒ වෙනුවට, සෝවියට් සංගමය සහ සමාජවාදී කඳවුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජනය කිරීමට අවශ්‍ය වූ යුගයේ සිට පැවත එන මෙම මූලධර්මය අනුගමනය කිරීමේ සම්ප්‍රදායක් තිබෙනවා. මෙම කණ්ඩායම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ආර්ථික හා සමාජ කවුන්සිලය වැනි විවිධ ආයතන තෝරා ගැනීමේදී උපුටා දැක්වීම් නිර්වචනය කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විවෘත නොවන ආයතන කිහිපයක් ඇති අතර, මෙම කණ්ඩායම් මෙම ආයතන තෝරා ගැනීම වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා.

බෑන් කී මූන්ගේ දෙවන පස් අවුරුදු ධුර කාලය අවසන් වෙමින් ඔහු වෙනුවට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සාකච්ඡා ආරම්භ වූ විට, අපට සිහිපත් වූයේ නැගෙනහිර කළාපයෙන් වුවද මහලේකම්වරයෙකු මේ කලාපයෙන් පැමිණි එක වරක්වත් නොවූ බව දක්නට ලැබුණා. යුරෝපය ඒ වන විට යුරෝපීය සංගමයේ හෝ නේටෝවේ කොටසක් වූවා. එමනිසා, බෑන් කී මූන්ගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමේදී නැගෙනහිර යුරෝපීයයන්ට ප්‍රමුඛත්වය දීමට එකසත් ජාතීන්ට අවශ්‍ය වූ අතර මෙය අපේ කලාපය වෙනුවෙන් ගනු ලැබූ අවංක ස්ථාවරයක්ද වූවා. එපමණක් නොවෙයි, එම කලාපයෙන් අපේක්ෂකයින්ද සිටියා. ඒ වගේම අපේක්ෂකයන් අතර කාන්තාවන් ද සිටියා. නිදසුනක් වශයෙන්, යුනෙස්කෝවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සහ මෙම තනතුරේ හොඳින් කටයුතු කළ බල්ගේරියාවේ ඉරීනා බොකෝවා ඉතා ගෞරවණීය චරිතයක් වූවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා වන ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ද දක්ෂ කාන්තා අපේක්ෂකයෙක් වූවා. අපට අවශ්‍ය වූයේද මෙයයි.

කෙසේ වෙතත්, නැගෙනහිර යුරෝපීයයන්ට මෙම අයිතිය ලබා ගැනීමට නොහැකි වන පරිදි බටහිරයන් මෙම ක්‍රියාවලියට ගල් ගැසුවා. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම මත ගැටුමට මැදිහ්ජත් නොවී සිටීමට කටයුතු කළ දිග්ගැස්සුනු කාල පරිච්ඡේදයක් පැවතුනා. අපි සම්මුතියක් ලෙස ඇන්ටෝනියෝ ගුටේරස් හට එකඟ වූයේ ඉන් පසුවය. කෙසේ වෙතත්, මෙම සිද්ධිය පසු කාලීනව රසවිඳිය හැකි සිද්ධියක් බවට පත්ව ඉතිරි වූවා. මේ වන විට නේටෝවේ සෙවනැල්ල යටතේ සිටින සහ යුරෝපා සංගමයේ පිටුබලයෙන් ප්‍රතිලාභ ලබන නැගෙනහිර යුරෝපීය රටවල්, ඔවුන්ගේ ස්වාමිවරුන් ඔවුන්ට සලකන ආකාරය තේරුම් ගත යුතු බව මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය: අවස්ථා කිහිපයකදී ඔබ හමුවීමට ලැබීම මට ගෞරවයක් එක් කළා.  මීට පෙර මම ඔබ සමඟ සම්මුඛ සාකච්ඡාවල යෙදුය්නා.ඒ නිසා දැන්, අපි තවත් වසර 30 කට පසුව ඔබ සමඟ කරනු ලබන තවත් සම්මුඛ සාකච්ඡාවක් ගැන සිතමු. සමහර විට එම සාකච්ඡාව මෙම කාමරය තුළ සිදු නොවේවි.නමුත් වසර 30 කට පසු, අපි නැවත හමුවෙමු. මම එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන නැවත ඔබෙන් අසමි. තවත් අවුරුදු 30ක් 50ක් ගතවන විට එක්සත් ජාතින්ගේ සංවිධානය කුමණ ආකාරයෙන් පවතිනු ඇතිදැයි ඔබ සිතන්නේද?

සර්ජි ලැව්රොව්: අද අප දකින ක්‍රියාවලිය වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතිනවා. එය බටහිරයන් විසින් ආරම්භ කරන ලද්දේ සෑම ගෝලීය සංවර්ධනයක්ම, සෑම තත්වයක්ම හෝ සෑම ගැටුමක්ම පාලනය කර ගැනීම සඳහාය, මන්ද ඕනෑම ලෝකයේ ඕනෑම කලාපයක සිදුවන වර්ධනයන් බටහිරයන්ගේ අවශ්‍යතා සඳහා සේවය කරන බැවිනි. ඒ අතරම, ඔවුන් නීති මත පදනම් වූ "ජාත්‍යන්තර පිළිවෙල" යන යෙදුම නිර්මාණය කරනු ලැබුවා. එය ජාත්‍යන්තර නීතියෙන් වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳව අප විමසා සිටියද කිසිවකු අපට පැහැදිලි කිරීමක් මෙතෙක් ඉදිරිපත් කර නැහැ. රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එම නියෝගය සහ "නීති" පිළිබඳව නැවත නැවතත් සඳහන් කර ඇති අතර ඒවා කිසි විටෙක කඩදාසි මත විධිමත් කර හෝ සංසරණය කර නොමැති බවද ඔහු අවධාරණය කරනවා.

මෙහි හරය පිළිබඳව සැලකිළිමත් වන්නේ නම් එම නීතිවලින් ඇඟවෙන්නේ, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව, බෝල්කන්, යුක්රේනය, දකුණු කොකේසස්, මධ්‍යම ආසියාව, දකුණු චීන මුහුද හෝ තායිවාන් සමුද්‍ර සන්ධිය යන ප්‍රදේශවල යමක් කිරීමට එක්සත් ජනපදයට අවශ්‍ය වූ විට, එය යම් ආකාරයක ආවරණයක් සපයන බවයි. එය එක්තරා ආකාරයක ලාමක සාධාරණීකරණයක් මෙන්ම අන් අය එම නියෝග අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කිරීමක්. ඔවුන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බොහෝ දුරට නොසලකා හරිනු ලබනවා. එසේ නැතහොත් ඔවුන්ගේ තාවකාලික අවශ්‍යතාවලට ගැලපෙන කොටස එහි සන්දර්භයෙන් උදුරා ගන්නවා. නිදසුනක් වශයෙන්, 2008 දී කොසෝවෝ රාජ්‍යය ජනමත විචාරණයකින් තොරව නිදහස ප්‍රකාශ කළ විට, ජාතියකට ස්වයං නිර්ණ අයිතිය ඇති බව පැවසුවා. එලෙසම කොසෝවෝ ගත් පියවර ජාත්‍යන්තර නීතියට පටහැනි නොවන බවට තීන්දුවක් නිකුත් කිරීමට ජාත්‍යන්තර අධිකරණයට බල කළා. එයින් ගම්‍ය වූයේ ප්‍රාන්තයේ ඕනෑම කොටසකට ප්‍රාන්ත රජයේ අනුමැතියකින් තොරව ඒක පාර්ශවිකව එම ප්‍රාන්තයෙන් නිදහස ප්‍රකාශ කළ හැකි බවයි. 2008 දී ඔවුන් කොසෝවෝ පාලනය කළේ මේ ආකාරයටයි.

කෙසේ වෙතත්, 2014 දී, ක්‍රිමියාවේ බලපැවැත්වූ කියෙව්හි කුරිරු හා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට සහ රුසියානු භාෂාවට සහ රුසියානු සභ්‍යත්වයට එරෙහිවීමට ප්‍රතිචාර වශයෙන් ජනමත විචාරණයක් පැවැත්වූ විට  ක්‍රිමියානු විප්ලවවාදීන් දියත් කළ සියලු දේ මර්දනය කිරීම අනුමත කළා. එලෙසම ක්‍රිමියානු විප්ලවවාදීන් ගත් පියවර  යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමක් ලෙස වහාම හෙළා දකිනු ලැබුවා. ඒ අනුව ක්‍රිමියානුවන්ගේ ස්වයං නිර්ණ අයිතිය සමීකරණයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබුවා. එවැනි උදාහරණ තවත් බොහොමයක් තිබෙමවා. ප්‍රසිද්ධ කියමනට අනුව, සෑම නීතියකටම සිදුරක් ත්බෙනවා. කුප්‍රකට ඇමරිකානු "නීති" යන්නෙන් අදහස් කරන්නේ මෙයයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්මය වන රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවය පිළිබඳවන සඳහන සම්බන්ධයෙන් මම ඉහතදී කරුණු කළා. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කර ගතවූ වසර ගණනාව  පුරාම, එම මූලධර්මයට රට සැබවින්ම ගරු කරමින් එක්සත් ජනපදය එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වූ කාලයක්, කලාපයක් හෝ තත්වයක් කිසි විටෙකත් නොතිබුණි. සෑම විටම, සෑම තැනකම ඔවුන් අධිපතියෙකු ලෙස හෝ වළං කඩයට පැනපු ගොනෙකු සේ ක්‍රියා කළා. ඇෆ්ගනිස්ථානයේදී ඔවුන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ මෙහෙයුමක් ප්‍රකාශ කළා. ඔවුන් වසර 20කට පසු රටින් පලා ගියේ පෙරට වඩා ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් ඇෆ්ඝනිස්ථානයේ ඉතිරි කරමින්. ඉරාකය නැමැති සාමාන්‍ය, ස්ථාවර රට කඩා බිඳ දමනු ලැබුවා. සමෘද්ධිමත් රටක් වූ ලිබියාව ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. බටහිරයන් ප්‍රධාන “කිරකුරුවා (විශේෂයෙන් නීති විරෝධී හෝ වංචනික ආකාරයේ ක්‍රියාවන් සඳහා වෙනත් පුද්ගලයින් වෙනුවෙන් විධිවිධාන සලසන පුද්ගලයෙක් ” (ග්‍රාම්‍ය වචනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාව දෙන්න) ලෙස මැදිහත් වූ ඕනෑම රටක, ඊටත් වඩා දරුණු අර්බුදයකට එම රට ගොදුරු වූ අතර, ලක්ෂ සංඛ්‍යාත වින්දිතයන්, විනාශය සහ නිරන්තරයෙන් විශාලවන සමාජ ආර්ථික ගැටලු ඇති වූවා. ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයේ මා ක්‍රියාශීලීව කටයුතු කළ කාලය තුළ බටහිර මැදිහත්වීම ඇත්ත වශයෙන්ම කිසිවකුට යහපතක් කළ හැකි එක් සිද්ධියක්වත් හමු වූවේ නැහැ. මේ වන විට යුක්රේනයේ සහ පලස්තීන-ඊශ්‍රායල ගැටුමේ ඉහත පෙන්වා දුන් සිද්ධීන්ට සමාන පින්තූරයක් අපි  දකිනවා.

අනාගතය ගැන කතා කරන විට, බටහිරයන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ඇති බැඳීම් නොසලකා හරිමින් සහ ඔවුන්ගේ “මගේ නිවස, මගේ නීති” මූලධර්මය අන් අයට දිගටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නම් මම යහපත් කිසිවක් බලාපොරොත්තු වන්නේ නැහැ. බටහිරයන් තම ගෝලීයකරණ ආකෘතිය ගොඩනඟා ගත් සෑම රීතියක්ම විනාශ කර තිබෙනවා. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, බටහිරයන් ඉතිහාසයේ අවසානය, ලිබරල් දර්ශනය, ලිබරල්වාදයේ ජයග්‍රහණය, නිදහස් වෙළඳපොළ, පෞද්ගලික දේපල උල්ලංඝනය කිරීම, නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය සහ සාධාරණ තරඟකාරිත්වය ගැන කතා කරනු ලැබුවා. මෙය සියල්ලන්ගේම යහපතට හේතු වන බව විශ්වාස කිරීමට ලෝකය දිරිමත් කළා. මට මතකයි 1990 ගණන්වල ඇමෙරිකානු නියෝජිතයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සැසිවාර වලදී ප්‍රකාශ කළා ඩොලරයට බය වෙන්න ඕනේ නැහැ කියා. ඩොලරය ඇමරිකානු ආයුධයක් නොව ගෝලීය වත්කමක්, ගෝලීය ආර්ථිකයේ රුධිර පද්ධතිය බව ඔවුන් පැවසූවා. දැන් අප ඉදිරියේ සිදුවී ඇත්තේ කුමක්ද? බොහෝ අය ඩොලරය අත් හරිමින් සිටින අතර, එහි දැල් සමඟ ගැඹුරින් පැටලී සිටින අය ඩොලර් මත යැපීම ක්‍රමයෙන් අඩු කිරීමට උත්සාහ කරමින් සිටිනවා.

රුසියාවට දඬුවම් කිරීමට බටහිරයන්ට අවශ්‍ය වූ විට, ඔවුන් විසින් පෝෂණය කළ සහ පූජනීය යැයි ප්‍රකාශ කළ සියලු මූලධර්ම අතහැර දැමුවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මවලට ද සිදු වන්නේ එයමයි. බටහිරයන් මොහොතකටවත් පැකිලීමකින් තොරව ඔවුන් එම මූලධර්ම පාගා විනාශ කර දමනවා.

එක්සත් ජාතීන්ගේ ආරම්භයේ සිටම සෝවියට් සමූහාණ්ඩුවේ සහ සීතල යුද්ධයේ සහ ගැටුම් පැවති යුගයේ පවා සන්නිවේදන භාවිතයට ආරක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛත්වය ලබා දී තිබීම කැපී පෙනෙනවා. සභා සාමාජිකයින් මයික්‍රෆෝනයක් නොමැතිව වත්මන් ගැටළු සාකච්ඡා කළා. මට මතකයි සෝවියට් - සහ පසුව රුසියානු - නියෝජිතයන් සහ ඔවුන්ගේ ඇමරිකානු සගයන් නිත්‍ය විශ්වාසය මත පදනම් වූ සම්බන්ධතා පවත්වා ගනිමින්, ඔවුන්ගේ තනතුරු විවෘතව ඉදිරිපත් කරමින් සහ සහකරුගේ අවශ්‍යතා සපුරාලීමට මාර්ග සොයමින් සිටි බව . ඇත්ත වශයෙන්ම, රාජ්‍යතාන්ත්‍රිකත්වය යනු මෙයයි.

නමුත් අද, බටහිරයන් මයික්‍රොෆෝන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක් අනුගමනය කරනවා. ආරක්ෂක කවුන්සිලයේ සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ ආයතනවලදී ඔවුන් එසේ කරනවා. එහි ඉලක්කය වන්නේ යුක්‍රේනය කෙරෙහි අවධානය යොමු කිරීම, ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල සුරක්ෂිතාගාරය ලෙස සෙලෙන්ස්කි උත්කර්ෂයට නැංවීම, නාසි පාලන තන්ත්‍රය ලෝකයට ඉදිරිපත්  කිරීම සහ එහි අපරාධ නිදොස් කිරීමයි.

බටහිරින් සැපයූ නවීන ආයුධවලින් සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් කර්ස්ක් කලාපයට පහර දෙනවා. සෑම දිනකම ඔවුන් ජනයා පදිංචි දිස්ත්‍රික්කවලට, සමාජ පහසුකම්වලට සහ  මෝටර් රථවලින් ආරක්ෂිත ස්ථාන කරා පලායන සිවිල් වැසියන්ට පහර දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නිලධාරීන් මෙයට විරුද්ධව කතා කරනවා මම අසා නැහැ. ඔවුන් මාධ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ ඔවුන් තොරතුරු අධ්‍යයනය කරන බවත්, පොදුවේ ගත් කල, ඔවුන් “හොඳ සෑම දෙයකටම සහ නරක සෑම දෙයකටම විරුද්ධව” බවත් ගම්‍ය වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ සහ අනෙකුත් මානව හිමිකම් ආයතනවල කාර්ය මණ්ඩලයෙන්ද අපි මෙම දෙයම අසා තිබෙනවා.

අවසාන වශයෙන් මම කියන්නම් අපට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයයි. ඔවුන්ට තේරෙන එකම භාෂාවත් එයයි. අපි ජයග්‍රහණය ලබනවා. මේ ගැන කිසිම සැකයක් නැහැ. යුක්රේනයේ අතින් බටහිරයන් අපට එරෙහිව දියත් කර ඇති යුද්ධය හමුවේ අපි සැබවින්ම නිල නොලත් සාමාන්‍ය භටයන්ව අවහිර කර දමා තිබෙනවා. බටහිර සහාය ඇතිව යුක්රේනය විසින් විනාශ කර ඇති භාෂාවට සහ ආගමට ඇති අයිතිය වැනි මානව හිමිකම් වලින් පටන් ගෙන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සියලුම මූලධර්මවලට ගරු කිරීම නැවත පණ ගැන්වීමට එක්සත් ජාතීන්ගේ මූලයන් වෙත ආපසු යාමට හැකි වෙන ලෙස අප කටයුතු කරනවා. ජාත්‍යන්තර නීතියට ඇති ගෞරවය පුනර්ජීවනය කිරීම සඳහා  මෙන්ම රාජ්‍යවල ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප කටයුතු කරනවා. බටහිර රටවල් රුසියාවට සහ ජාත්‍යන්තර නීතියට එරෙහිව දියත් කරන යුද්ධය ජය නොගන්නා බව ලෝක ජනය අවබෝධ කරගත යුතුය. කිසිවක් සොයා ගැනීමට අවශ්‍ය නැහැ.සෑම කෙනෙකුම ක්‍රියාත්මක කළ යුත්තේ වසර ගණනාවකට පෙර අනුමත වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පමණයි.

පරිවර්තනය ජිවන්ත ජයතිස්ස 

Foreign Minister Sergey Lavrov’s interview for a documentary titled...

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.