ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව දේශපාලන මණ්ඩලයේ කිසිදු රැස්වීමක් පැවැත්වීමට හැකියාවක් නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් 2024 අප්‍රේල් 20 වැනි දින කැඳවා තිබූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම සහ අප්‍රේල් 21 වැනි දින කැඳවා තිබූ විධායක සභා රැස්වීම අනීතික ලෙස පැවැත්වූ ඒවා බවත් එබැවින් එම රැස්වීම් වලදී ගනු ලැබූ කිසිදු තීරණයක් නීත්‍යානුකූල නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
චීන ජනපති ෂී ජින්පින්ග් චීන හමුදාවේ විශාල ප්‍රතිසංස්කරණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දෙමුහුන් යුද්ධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වගකිව යුතු නව යුධ තොරතුරු සහාය බලකායක් නිර්මාණය කර ඇති බවද නිවේදනය කළේය. ඊයේ(19) බීජිං නුවර පැවති උත්සවයකදී චීන ජනපතිවරයා මේ බව නිවේදනය කළේය. චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චීනය සිය හමුදා නවීන යුගයට ගැලපෙන ලෙස සංවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, ප්‍රතිසංස්කරණ, විද්‍යාව සහ නව කුසලතා තුළින් සිය හැකියාවන් වැඩි දියුණු කරගත යුතු බවත්ය.
ඉතාලියේ පලවූ ප්‍රවෘත්ති වාර්තාවකට අනුව ඉතාලි ආරක්ෂක සේවා රෝමයේ "නිල නොවන" මුස්ලිම් යාඥා මධ්‍යස්ථාන 53ක් සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි පැවසේ. ඉතාලියේ අගනුවර වෙත සංක්‍රමණය වන මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ යාඥා කිරීමට අවශ්‍ය අවකාශයන් වැඩි වී ඇතැයිද එම වාර්තාව පවසයි. ඒ අනුව ගබඩා, ගරාජ, මහල් නිවාස සහ ගොඩනැගිලිවල බිම් මහල් වල යාඥා මධ්‍යස්ථාන විවෘත වන්නට පටන් ගෙන තිබේ. මෙම යාඥා මධ්‍ය්ස්ථාන වලින් සමහරක් නීතිමය වශයෙන් ගත් කළ නීති විරෝධී වුවද බලධාරීන් ඒවා දෙස නෑසූ කන්ව සිටීමට කටයුතු කරති.
දේශීය පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
වී කිලෝවකින් රුපියල් 50ක් විතර පාඩුයි.. විවෘත කළා කිව්වත් රජයේ වී ගබඩා විවෘත කරලා නෑ.. - ගොවීන්ගෙන් චෝදනා
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
මනසින් මෙහෙයවන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර ලංකාවට ගේනවා.. - ටී.බී. සරත්
ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්..
ඉරානය ළඟදීම බ්‍රික්ස් (BRICS) නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින්..
මස්ක්ගේ “චීනයට සංචාරය කරන්න” යන නිර්දේශයෙන් අපහසුතාවට පත්වූයේ කවුද? – Global Times කතුවැකිය
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අසමා රූපණ සරසවියෙන් නවක පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..