News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලය මැද පෙරදිග කලාපයේ කරනු ලබන ආක්‍රමණ වහා නැවැත්විය යුතුයි!- කියුබානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය

Oct 4, 2024 at 10:28 AM
|


 කියුබානු විදේශ අමාත්‍යාංශය ඊශ්‍රායලය අමෙරිකානු එක්සත් ජනපද උපකාර සහිතව මැදපෙරදිග කලාපයේ කරනු ලබන ආක්‍රමණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය ඔක්තෝබර් 1 වනදා නිකුත් කර ඇති එම නිවේදනය මගින් කියුබානු විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ 1967 ට පෙර පලස්තීනයේ පැවැති දේශසීමා වලට නැවැත යායුතු බවත් නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර විය යුතු බවත්ය. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

ඊශ්‍රායලය මැද පෙරදිග කලාපයේ කරනු ලබන ආක්‍රමණ වහා නැවැත්විය යුතුයි!- කියුබානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය 

එක්සත් ජනපද ආණ්ඩුවෙන් මිලිටරි, සැපයුම් සහ දේශපාලන ආධාර සහිතව ඊශ්‍රායල රාජ්‍යයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති මත පිහිටා මෙහෙයවනු ලබන මැදපෙරදිග දිග හැරෙන සිදුවීම් පිළිබඳව කියුබා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි කනස්සල්ල පළ කරයි. මෙම ක්‍රියා කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව තවදුරටත් හෑල්ලුවට ලක් කරන අතර ඉරානයේ ප්‍රතිචාරයන් අවුලුවාලීම වෙනුවෙන් ගැටුම් උත්සන්න කිරීම අනතුරුදායක සීමාවකට පැමිණීමට තුඩු දී තිබේ.

පලස්තීන ජනතාවට එරෙහිව සියොන්වාදී රජය විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ජන සංහාරයෙන් වසරකට ආසන්න කාලයකට පසුව සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සඳහන් මූලධර්ම නොසලකා හැරීමේ නිර්ලජ්ජිත ප්‍රදර්ශනයක් තුළ, ඊශ්‍රායල රජය, සටන් විරාමයක් ලබා ගැනීම සඳහා සාකච්ඡාමය විසඳුමක් අනුගමනය කරනු වෙනුවට, ලෙබනනය, සිරියාව සහ යේමනයට එරෙහිව ඔවුන්ගේ වගකීම් විරහිත ආක්‍රමණය උත්සන්න කර තීව්‍ර කර තිබේ.

කියුබා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග කලාපයේ අනාරක්ෂිත බව තවදුරටත් උග්‍රවීමේ අවදානම සහ ඊශ්‍රායලය ක්‍රියා කරන ආක්‍රමණශීලීත්වය සහ දණ්ඩමුක්තිය පිළිබඳව නිරන්තරයෙන් අනතුරු අඟවා ඇත.

 ඊශ්‍රායලය විසින් සිය ප්‍රහාරක ඉලක්ක බවට පත් කර ඇති ජාතීන් සමඟ කියුබාව, සිය සහයෝගීතාවය ප්‍රකාශ කරනු ලබන්නේය. එලෙසම කලාපයේ ජනගහනය වෙත සාමය ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර දැනටමත් දස දහස් ගණනකගේ ජීවිත බිලිගෙන ඇති සහ මානුෂීය අර්බුදය භයානක මට්ටම් කරා දරුණු ලෙස නරක අතට වර්ධනය වී ඇති ගැටුම තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා සටන් විරාමයක් සඳහා වහාම සාකච්ඡා කරන ලෙසද ඉල්ලා සිටී.

යුක්තිය සහ ජාත්‍යන්තර නීතියට එකඟ වීම සඳහා වන අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරමු. මැදපෙරදිග සාමය සාක්ෂාත් කරගත හැක්කේ 1967 ට පෙර තිබූ දේශසීමා තුළ නැගෙනහිර ජ්‍රෙඋසෙලම අග නගරය බවට පිළිගනිමින් ස්වෛරී සහ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම ඇතුළුව ඊශ්‍රායල-පලස්තීන ගැටුමට විස්තීර්ණ, කල් පවත්නා සහ සාධාරණ විසඳුමක් ලබා දීම හරහා පමණක් බව අපි නැවතත් අවධාරණය කරමු. මීට අමතරව, තවදුරටත් ප්‍රමාදයකින් තොරව පලස්තීනය එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස සම්පූර්ණ හා වහාම ඇතුළත් කිරීමද සහතික කළ යුතුය.

2024 ඔක්තෝබර් 1 දා හවානා හිදී

Israeli Aggression in the Middle East Must Stop. Statement by the Ministry of Foreign Affairs of the Republic of Cuba

The Ministry of Foreign Affairs of the Republic of Cuba expresses deep concern over the unfolding events in the Middle East, driven by the aggressive policies of the State of Israel, with military, logistical, and political support from the U.S. government. These actions have led to a dangerous escalation, further undermining regional stability and security, and provoking a response from Iran.

Nearly a year after the brutal genocide carried out by the Zionist government against the Palestinian people, and in a blatant display of disregard for the principles enshrined in the UN Charter, the Israeli government, instead of pursuing a negotiated solution to secure a ceasefire, has escalated and intensified its irresponsible aggression against Lebanon, Syria, and Yemen.

The Ministry of Foreign Affairs of the Republic of Cuba has consistently warned of the risk of further escalation in the Middle East as a result of these actions and the aggression and impunity with which Israel acts.

Cuba, while expressing its solidarity with the nations targeted by Israel, calls for peace and urges immediate negotiations toward a ceasefire to prevent a further escalation of a conflict that has already claimed tens of thousands of lives and severely worsened the humanitarian crisis to alarming levels in the region's populations.

We reaffirm our commitment to justice and international law. We reiterate that peace in the Middle East can only be achieved through a comprehensive, lasting, and just solution to the Israeli-Palestinian conflict, including the establishment of a sovereign and independent Palestinian state within the pre-1967 borders, with East Jerusalem as its capital. In addition, the full and immediate admission of Palestine as a member of the United Nations must be guaranteed without further delay.

Havana, October 1, 2024.

(Cubaminrex)


සම්බන්ධිත පුවත් | Related News

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට ලංසු කැදවයි.
හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
ජුනි මාසයේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණ කර තිබේ.
අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.