News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය කාලයේ දී මෙරටට අනීතිකව ආනයනය කරන පාවහන්වලින් රුපියල් බිලියන 35ක බදු ආදායමක් රජයට අහිමිවන බව අනාවරණය වූ බවත්, මෙලෙස අනීතිකව ආනයනය කරන මෙවැනි නිෂ්පාදන හේතුවෙන් දේශීය කර්මාන්තය වැනසෙමින් පවතින බවත් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.

යුක්‍රේනය ආගම ඇදහීමේ අයිතිය තහනම් කිරීමට ගෙන ආ නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන බවත්, එම නීතිය මගින් රුසියාවේ ඕනෑම ආගමික සංවිධානයක් සමඟ "අනුබද්ධ" යුක්‍රේනයේ ඕනෑම ආගමික ප්‍රජාවක ක්‍රියාකාරකම් අධිකරණ තහනමට ලක් කිරීමට ඉඩ සලස්වන බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතා සංවිධානය පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් පාස්පෝට් පොත් සංචිත විසි දහසක පමණ ප්‍රමාණයක් දක්වා අඩු වීමෙන් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

පසුගිය දා ඉන්දියාවේ අහමද්බාද් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයයන් සිව් දෙනා ISIS සමාජිකයන් බව ප්‍රකාශ කෙරුන ද ඔවුන් එම ත්‍රස්ත ජාලයට සම්බන්ධ නැති බවත්, මෙම සිදුවීමේ තිරනාටකය ලියා ඇත්තේ ඉන්දියාවේ 'රෝ' සංවිධානය බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයකු වන අහමඩ් ෆාරුක් මහතා පවසයි.

බෞද්ධ ශිෂ්ටාචාරගත උරුමය මත පදනම්ව, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය වෙනුවෙන් කැප වූ මෙරට දෑහිතකාමී, දේශමාමක බලවේගයන්ගේ දේශපාලන කඳවුර වන සර්වජන බලයෙහි "තරු ලකුණ" අද රටම දිදුලමින් යන ගමන හමුවේ මෙතෙක් නිරාගමික ස්ථාවරයක සිට බුදු දහමට අපහාස කළ ජාතික ජන බලවේගයේ නායකයන්ට "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය..." යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 9 වැනි වගන්තිය රකින හැටි කතා කිරීමට සිදුව ඇතැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මොස්කව් වේලාවෙන් උදෑසන 6 පසුවීමත් සමඟ යුක්රේනයේ භූමිය හරහා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිවේදනය කර සුළු මොහොතකින් රුසියාව, කියෙව් පාලන තන්ත්‍රයේ ආරක්ෂක කර්මාන්ත පහසුකම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඊශ්‍රායල හමුදා හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව වාර්තා වේ.

සද්ධර්ම ප්‍රතිරූපක ප්‍රකාශන බිහිවීම සම්බන්ධයෙන් දූරාතීත ප්‍රකාශන, අවිදූර අතීත ප්‍රකාශන හා සමීප අතීත ප්‍රකාශන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි බවත්, ඉන්දියාව සහ වෙනත් රාජ්‍යයන් වලින් බුදු දහම ඉවත්වීමට බලපාන ලද්දේ අවිදුර අතීතයේ දී සිදුවූ සිදුවීම් බවත් පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.


දේශීය පුවත්

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.