
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (04 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ ද පැවසීය.
“මේ රටේ ජනතාවට ලොකු සැකයක් ඇතිවෙලා තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණට නැතිනම් මාලිමාවට බහුතර බලයක් ලබාගන්න බැරිවීම හේතුකොටගෙන ඔවුන්ට උදව් කරන වෙනත් බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් හරහා ඒ බහුතර බලය ලබාගැනීමේ ඉතාම කූට උත්සාහයක් දරනවාද කියන කාරණය. මේ කාරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනගන්න කැමතියි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියලා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔවුන් සඳහන් කරනවා 2015 – 2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අනුගමනය කළ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කරනවා කියන කාරණය. ඒ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කමිටුවේ හිටපු කෙනෙක් තමයි වත්මන් අග්‍රාමාත්‍යතුමිය. 2015 – 2019 ව්‍යවස්ථාවේ තිබෙනවා ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වියයුතුයි කියලා. ඒ වගේම හරිනි අමරසුරිය මැතිණියගේ නිර්දේශ තුළ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ගිලිහිලා ෆෙඩරල් ක්‍රමයකට මඟපාදන තත්වයක් ඇතිකර තිබෙනවා. මේ කාරණා තුන අද සමාජයේ සිදුවීම් එක්ක සසඳලා බැලුවාම ඉතාම
තැතිගන්වන සුළු ස්වභාවයක් තිබෙනවා. මේ ෆෙඩරල්වාදයට අවශ්‍ය මුලපිරීමද, පාරකැපීමද කරන්නේ කියන එකගැන. එල් ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ මුදල් යොදවමින් කටයුතු කරනවා යැයි කියනු ලබන සමහර සංවිධාන මේ වන විට දකුණේ දේශපාලනයටත්, වක්‍රාකාරයෙන් මැදිහත්වෙලා. අපි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, ජනතාවගේ මතයට හැමදාම ගරුකරන පක්ෂයක් හැටියට ඉතාම ගෞරවනීය ඉල්ලීමක් කරනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන්. කරුණාකරලා මේ රටේ ජනතාවට මේ ඡන්දයට පෙර පැහැදිලි කිරීමක් කරලා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මුදල් වියදම් කරන පක්ෂ සමග ගණුදෙනුවක් නැහැ, කිසිම ආකාරයකින් ඔබතුමන්ලා ෆෙඩරල් ක්‍රමයකට ඉඩදෙන්නේ නැහැ කියන ප්‍රකාශය කරන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
