පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්‍ෂි විභාග කරන්න නියෝග
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ පාස්කු නඩුවේ චෝදනාවලින් එම විත්තිකරුවන් දෙදෙනා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (05දා) බලරහිත කරමින් තීන්දුවක් නිකුත් කරන ලදී.
එම විත්තිකරුවන් දෙදෙනාට පාස්කු ප්‍රහාරය පිළිබඳව නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එකී බුද්ධි තොරතුරු අනුව පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගත්තේ ඇයි දැයි යන කරුණ විත්තියේ සාක්‍ෂි කැඳවා විමසීමක් කළ යුතුව තිබූ බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය වහාම නැවත විභාගය ආරම්භ කොට විත්තියේ සාක්‍ෂි විභාගය පවත්වන ලෙසට ද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට නියෝග කළේය.
සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමෙන් රාජකාරි වගකීම් පැහැර හැරීම ඇතුළු චෝදනා 855 බැගින් ගොනුකරමින් නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව නඩු දෙකක් පවරා තිබිණි. විත්තිකරුවන්ට චෝදනා කියවා දී නඩුවේ සාක්‍ෂි විභාගය ආරම්භ කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පැමිණිල්ලේ සාක්‍ෂි විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකාබලා විත්තිකරුවන් දෙදෙනාම නිදහස් කිරීමට 2022.02.18 වැනිදා තීන්දුවක් නිකුත් කොට තිබිණි. ආදිත්‍ය පටබැඳිගේ, නාමල් බණ්ඩාර බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නිකුත් කළ එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනාව ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, කුමුදුනී වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී විභාගයට ගෙන තිබිණි. එම තීන්දුව ඊයේ (05දා) ප්‍රීති පද්මන් සුරසේන, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.
විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ විනිසුරුවරුන් සිවුදෙනකු එක් තීන්දුවක් නිකුත් කොට තිබූ අතර සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා වෙන්ව තීන්දුවක් නිකුත් කොට තිබූ නමුත් සෙසු විනිසුරුවරුන් සිවුදෙනා ලබාදුන් මූලික හරයන්ට එකී තීන්දුව මගින් එකඟතාවය පළකර තිබිණි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා, එකී අභියාචනා විභාගයේ දී නීතිපතිවරයා වෙනුවෙන් දීර්ඝ ලෙස කරුණු දක්වා තිබූ අතර ඔහු විශ්‍රාම යෑමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය. නීතිඥ ප්‍රියන්ත ගුණවර්ධන, නිර්මාල් කොඩිතුවක්කු යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්