News Category
From Date
To Date
Maximum Number of Result

රට ගොඩනැගීම සඳහා සියලු දෙනා ජාති ආගම් භේදයකින් තොරව එකතු විය යුතු බවත්, ඒ හරහා රට විශාල ජයග්‍රහණයක් කරා ගෙන යා හැකි බවත් ජනාධිපතිධූර අපේක්ෂක දිලිත් ජයවීර මහතා ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව පසුගිය 13 වන දා කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 60 වැදෑරුම් සමාජ සම්මුතිය 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව 13 වනදා කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ලබන මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙස හා එම ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥවරයකු ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

60 වැදෑරුම් සමාජ සම්මුතිය එළිදැක්වීම සිදුවන්නේ අහම්බයක් ලෙස නොව ජනතාවගේ බලාපොරොත්තුවක් හා අපේක්ෂාවක් ලෙසින් බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

අරගලය කාල සීමාවේ දී රට අකර්මන්‍ය වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ රටේ ආරක්ෂාව බිඳවැටීම බවත්, හමුදා ප්‍රධානීන්ගේ අත අඹරා අපරාධ චෝදනා පෙන්වා මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් අරගලය තුළදී ඔවුන්ව අකර්මන්‍ය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.


දේශීය පුවත්

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.