
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
(Deputy Chairman of Russia’s Security Council Dmitry Medvedev on November 1, 2024, Gorky, Moscow region, Russia. © Sputnik / Ekaterina Shtukina/Sputnik)
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .
ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර, රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී සිටින ඔහු තේරී පත් වුවහොත් යුක්රේනයේ ලේ වැගිරීම කෙටි කාලීනව අවසන් කරන බවට නැවත නැවතත් සපථ කරනු ලැබීය. කෙසේ වෙතත් ඔහු පවසන දේය ඉටු කරන්නේ කෙසේදැයි නිශ්චිතව ඉදිරිපත්ව ඉදිරිපත් කර නැත. ඔහුගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන කමලා හැරිස් පවසන්නේ ට්‍රම්ප් විසින් කියෙව්ට යටත් වීමට අත්‍යවශ්‍යයෙන්ම බල කරන බවයි.
මේ අතර, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ද රිපබ්ලිකන් අපේක්ෂකයාට ගැටුම එක රැයකින් නැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සැක මතුවන බව ප්‍රකාශ කර ඇති අතර, ඔහුට එසේ කළ හැකි “මැජික් යෂ්ටියක්” නොමැති බවද අවධාරණය කළේය.
මේ වන විට රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ලෙස සේවය කරන මෙඩ්විඩෙව් ඊයේ(03) සිය ටෙලිග්‍රැම් නාලිකාවේ සටහනක් තබමින් හෙට(05) පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මොස්කව්හි ඉහළ අපේක්ෂාවන් නොමැති බව පැවසීය. "රුසියාව වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරණය කිසිදු සේවයක් කරන්නේ නැහැ. අපේක්ෂකයින් දෙදෙනාගේම ස්ථාවරයන් අපගේ රට පරාජය කළ යුතු බවට වන පක්ෂ දෙක අතර වන එකඟතාවය සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරනවා." යනුවෙන් සිය පණිවිඩය මගින් අවධාරණය කළේය.
මෙද්වදෙව්ට අනුව, මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින අතරතුර, “තරමක් වෙහෙසට පත් වූ ට්‍රම්ප්” යුක්රේනයේ සාම අපේක්ෂාවන් සහ ලෝක නායකයන් සමඟ ඔහුගේ සබඳතාවයන් සම්බන්ධයෙන් ඇති “හිස් බව” ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ට් ජනාධිපතිවරයා බවට තේරී පත් වුවහොත්, රිපබ්ලිකන්වරුන්ට "පද්ධතියේ සියලුම නීති රීති නිරීක්ෂණය කිරීමට බල කෙරෙනු ඇත" එලෙසම "යුද්ධය නැවැත්වීමට නොහැකි වනු ඇත. එය එක දවසකින්නො කළ නොහ්කිය, දවස් තුනකින් කළ නොහැකිය, මාස තුනකින්ද කළ නොහැකිය.”
"කෙසේ වුවද ට්‍රම්ප්ට් සැබවින්ම යුක්රේන ගැටුම අවසන් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔහු නවතම ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි." හිටපු රුසියානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.
එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි 1963 දී ඝාතනය විය.
හැරිස් සම්බන්ධයෙන් අදහස් දක්වමින්,හිටපු රුසියානු ජනාධිපතිවරයා ඇයව "මෝඩ, අද්දැකීම් අඩු සහ පාලනය කළ හැකි" තැනැත්තියක ලෙස සලකා ඉවත් කළේය. මෙද්වදෙව් පෙන්වා දුන්නේ කමලා හැරිස් මහත්මිය තේරී පත් වුවහොත් ඇය හුදු රූකඩ චරිතයක් පමණක් වනු ඇති බවත්, හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පවුලට හිතවත් නිලධාරීන් සහ අනෙකුත් සාමාජිකයින් විසින් අදින ලබන නූල් වලට අනුව ඇය නැටවෙන බවත්ය.
පසුගිය සතිය මුලදී RT පුවත් සේවය සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මෙද්වදෙව් ප්‍රකාශ කළේ “රුසියාව සමඟ ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගැනීමට බටහිර රටවලට, විශේෂයෙන් එක්සත් ජනපදයට ප්‍රමාණවත් නම්‍යශීලී බවක් සහ ප්‍රඥාවක් තිබුනේ නම්, යුක්රේනයේ විශේෂ මිලිටරි මෙහෙයුමක් සිදු නොවනු ඇති බවයි. ” එක්සත් ජනපදය සහ එහි සහචරයින් මෙය නියමිත වේලාවට අවබෝධ කර ගැනීමට අපොහොසත් වූයේ “ඔවුන්ට යටත් වන ලෙස බලපෑම් කර සෑම කෙනෙකුටම හිරිහැර කිරීමේ ඇත් පුරුද්ද” සහ “ඇමරිකානු සුවිශේෂීවාදයේ මූලධර්මය සහ එක්සත් ජනපද අවශ්‍යතාවල ප්‍රමුඛත්වය මත” ක්‍රියාත්මක වන නිසා බව ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
