News Category
From Date
To Date
Maximum Number of Result

සද්ධර්ම ප්‍රතිරූපක ප්‍රකාශන බිහිවීම සම්බන්ධයෙන් දූරාතීත ප්‍රකාශන, අවිදූර අතීත ප්‍රකාශන හා සමීප අතීත ප්‍රකාශන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි බවත්, ඉන්දියාව සහ වෙනත් රාජ්‍යයන් වලින් බුදු දහම ඉවත්වීමට බලපාන ලද්දේ අවිදුර අතීතයේ දී සිදුවූ සිදුවීම් බවත් පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

යුක්රේන හමුදා රුසියාවේ කර්ස්ක් න්‍යෂ්ටික බලාගාරයට පහර දීමට උත්සාහ කළ බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කැබිනට් රැස්වීමකදී පැවසීය.

රුසියාවේ ක්‍රසනොදාර් කලාපයේ කව්කාස් වරායේ දුම්රිය අංගනයට කියෙව් හමුදා ඊයේ(22) මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බව රුසියානු ප්‍රවෘත්ති සේවා ප්‍රාදේශීය හදිසි සේවා උපුටා දක්වමින් වාර්තා කළේය. මිසයිල ප්‍රහාරයෙන් දුම්‍රිය අංගනයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර ගිනි නිවීමේ දුම්රියක් එම ස්ථානයට යවා ඇති බව වාර්තා වේ.

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව පුරා රුසියානු හමුදා වල ස්ථාවර ඉදිරි ගමන තහවුරු වී ඇතැයි වාර්තාවේ. රුසියානු හමුදා මැදිහත් වීමෙන් සමූහ ආණ්ඩුවේ ජනාවාස මුදා ගැනීම පමණක් නොව, යුක්රේන හමුදාවේ සොල්දාදුවන් ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කිරීමද දක්නට ඇති බවද වාර්තාවේ.

2022 අගෝස්තු 20 වන දින දක්ෂ රුසියානු තරුණ මාධ්‍යවේදිනියක වන දාරියා දුගිනා ඝාතනය කරනු ලැබූ අතර, ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුනු රුසියානු සමූහාණ්ඩුවේ විමර්ශන බලධාරීන් විසින් මෙම ඝාතනය යුක්රේන විශේෂ සේවා විසින් සංවිධානය කර ක්‍රියාවට නැංවූවක් බව තහවුරු කර ඇති බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමෙන් මෙරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක මහත්වරුන් හෙරු අල්ලන බව මන්තරයක් මෙන් මැතිරුවද මෙවර ජනපතිවරණයේ දී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා පමණක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.


දේශීය පුවත්

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.