ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි.
පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"තමන්ගේ දේශපාලන හිතවතුන් වැරදිකරුවන් කරලා තිබෙන නිසා විජිත හේරත් ඇමතිතුමා බොරු හේතු දක්වලා අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කළා. අල්විස් විනිසුරුතුමිය විෂමාචාර කරලා තිබෙන බවට ඇමතිතුමා චෝදනා කළාම පුළුවන් නම් ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කිව්වාම හෙමින් සීරුවේ ඒක මග හැරියා. කිසිම ආයතනයකින් ණය අරගෙන නැ කිව්වාම 2024 ඔක්තෝම්බර් 7 දා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ගත්තා කියලා අපි සාක්ෂි පෙන්නුවාම විජිත ඇමතිතුමාගේ ප්‍රතිචාරය වුණේ ඒක අපි ගත්තුණයක් නොවේ. කලින් ආණ්ඩුව ගත්තුණයක් කියලා, ඊයේ ආණ්ඩුවේ ඇත්ත ජනාධිපති ටිල්වින් සිල්වා මැතිතුමාත් මැතිවරණ වේදිකාවේ මේ බොරුවම නැවත වතාවක් කියනවා මම දැක්කා. බොරු කියලා ජනතාව රවටලා බලය ගත්තා මදිවට තව දුරටත් බොරු කියනවා. ටිල්වින් විජිත මැතිතුමන්ලා බොරු කියන බවට අපි කියන්නේ ඇයි?
මේ තිබෙන්නේ ඔක්තෝම්බර් 7 දා ජනපති ඉදිරියේ ලෝක බැංකු නිලධාරීන් සහ අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ණය ගිවිසුමට අත්සන් කරන ඡායාරූපය. මේ තිබෙන්නේ ණය ගැනීමෙන් උද්දාමයට පත් නවවන ජනපති මෙන්ම ණය වන ජනාධිපති වන අනුර දිසානායක මැතිතුමා සමාජ මාධ්‍ය වලට නිකුත් කරපු නිවේදනය. මේ තිඛෙන්නේ අපි ණය ගත්තේ නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කළ ප්‍රකාශය. ජනාධිපතිතුමනි, ණය ගත්තාට කමක් නෑ. පක්ෂයේ මහ ලේකම්තුමාටයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකතුමාටයි පොඩක් ඒ ගැන දැනුම්වත් කරන්න. නැතිනම් මහ ජනතාව ඉදිරියේ ඒ අය අසීරුතාවයට පත් වෙනවා.
ඒ වගේම මුදල් අච්චු ගැසීමක් සිදුවෙලා නෑ වගේම මහ බැංකුව ණය ගන්නේ පරිනත වෙන භාණ්ඩාගාර බිල්පත් පියවන්න විතරයි වගේ කාරණා ගණනාවක් පිළිබඳ අපි දැක්වූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් විජිත ඇමතිතුමා බොරු කිව්වා. නමුත් එතුමා ඉන්න තැන මම නෑ. මම ඉන්න තැන එතුමා නෑ. ඒ නිසා පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මම විජිත හේරත් ඇමතිතුමාට අභියෝග කරනවා. තමන්ගේ දැනුම ප්‍රමාණවත් නෑ වගේ දැනෙනවා නම් ආර්ථික විද්‍යාව සහ නීතිය පිළිබඳ ඕනෑම මහචාර්යවරයෙක් සහයට කැඳවා ගෙන එන්න පුළුවන්. හැබැයි අපි එන්නේ තනියම. “ඌරන් රංචු ගැසී ආවාට සිංහයා එන්නේ තනියම” කියලා කතාවක් තිබෙනවානෙ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්