
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි.
පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"තමන්ගේ දේශපාලන හිතවතුන් වැරදිකරුවන් කරලා තිබෙන නිසා විජිත හේරත් ඇමතිතුමා බොරු හේතු දක්වලා අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කළා. අල්විස් විනිසුරුතුමිය විෂමාචාර කරලා තිබෙන බවට ඇමතිතුමා චෝදනා කළාම පුළුවන් නම් ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කිව්වාම හෙමින් සීරුවේ ඒක මග හැරියා. කිසිම ආයතනයකින් ණය අරගෙන නැ කිව්වාම 2024 ඔක්තෝම්බර් 7 දා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ගත්තා කියලා අපි සාක්ෂි පෙන්නුවාම විජිත ඇමතිතුමාගේ ප්‍රතිචාරය වුණේ ඒක අපි ගත්තුණයක් නොවේ. කලින් ආණ්ඩුව ගත්තුණයක් කියලා, ඊයේ ආණ්ඩුවේ ඇත්ත ජනාධිපති ටිල්වින් සිල්වා මැතිතුමාත් මැතිවරණ වේදිකාවේ මේ බොරුවම නැවත වතාවක් කියනවා මම දැක්කා. බොරු කියලා ජනතාව රවටලා බලය ගත්තා මදිවට තව දුරටත් බොරු කියනවා. ටිල්වින් විජිත මැතිතුමන්ලා බොරු කියන බවට අපි කියන්නේ ඇයි?
මේ තිබෙන්නේ ඔක්තෝම්බර් 7 දා ජනපති ඉදිරියේ ලෝක බැංකු නිලධාරීන් සහ අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ණය ගිවිසුමට අත්සන් කරන ඡායාරූපය. මේ තිබෙන්නේ ණය ගැනීමෙන් උද්දාමයට පත් නවවන ජනපති මෙන්ම ණය වන ජනාධිපති වන අනුර දිසානායක මැතිතුමා සමාජ මාධ්‍ය වලට නිකුත් කරපු නිවේදනය. මේ තිඛෙන්නේ අපි ණය ගත්තේ නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කළ ප්‍රකාශය. ජනාධිපතිතුමනි, ණය ගත්තාට කමක් නෑ. පක්ෂයේ මහ ලේකම්තුමාටයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකතුමාටයි පොඩක් ඒ ගැන දැනුම්වත් කරන්න. නැතිනම් මහ ජනතාව ඉදිරියේ ඒ අය අසීරුතාවයට පත් වෙනවා.
ඒ වගේම මුදල් අච්චු ගැසීමක් සිදුවෙලා නෑ වගේම මහ බැංකුව ණය ගන්නේ පරිනත වෙන භාණ්ඩාගාර බිල්පත් පියවන්න විතරයි වගේ කාරණා ගණනාවක් පිළිබඳ අපි දැක්වූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් විජිත ඇමතිතුමා බොරු කිව්වා. නමුත් එතුමා ඉන්න තැන මම නෑ. මම ඉන්න තැන එතුමා නෑ. ඒ නිසා පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මම විජිත හේරත් ඇමතිතුමාට අභියෝග කරනවා. තමන්ගේ දැනුම ප්‍රමාණවත් නෑ වගේ දැනෙනවා නම් ආර්ථික විද්‍යාව සහ නීතිය පිළිබඳ ඕනෑම මහචාර්යවරයෙක් සහයට කැඳවා ගෙන එන්න පුළුවන්. හැබැයි අපි එන්නේ තනියම. “ඌරන් රංචු ගැසී ආවාට සිංහයා එන්නේ තනියම” කියලා කතාවක් තිබෙනවානෙ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
