
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
(Israeli Prime Minister Benjamin Netanyahu (R) and Israeli Defense Minister Yoav Gallant (L) / Amos Ben-Gershom (GPO) / Anadolu Agency © Getty Images)ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant නෙරපා හැර තිබේ.
ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.
"යුද්ධය කළමනාකරණය සම්බන්ධයෙන් Gallant සහ මා අතර බරපතල මත ගැටුම් ඇති වුනා. මෙම එකඟ නොවීම් සමඟ ඔහු විසින් රජයේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණ වලට පටහැනිව කළ ප්‍රකාශ සහ ක්‍රියා සමඟ මෙම පියවර ගත්තා." නෙතන්යාහු සිය පියවර පැහැදිලි කරමින් ඊයේ(05) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
නෙතන්යාහුට අනුව, යුද්ධයක් සිදුවන කාලයේදී රජයේ ප්‍රධානියා සහ ආරක්ෂක අමාත්‍යවරයා අතර “සම්පූර්ණ විශ්වාසය” තිබීම අවශ්‍ය වන අතර එම විශ්වාසය මෑත මාසවලදී ඔහු සහ Gallant අතර “ඛාදනය වී ඇත”.
“මෙම හිඩැස් පියවීමට මම නැවත නැවතත් උත්සාහ කළ නමුත් ඒවා පුළුල් වූවා. මෙම ගැටළු පිළිගත නොහැකි ආකාරයෙන් මහජනතාව වෙත පවා ළඟා වූවා. තත්වය වඩාත් නරක අතට හැරී එම තොරතුරු අපගේ සතුරන්ට පවා දැන ගැනීමට හැකි වුනා. සතුරා එයින් සතුටට පත් වූ අතර එයින් වාසි ලබා ගත්තා. ”අගමැති නෙතන්යාහු වැඩිදුරටත් පැවසීය.
නෙතන්යාහු Gallant වෙනුවට “නිහඬ ශක්තිමත් සහ වගකීම් සහගත අධිෂ්ඨානයක් ඇති බුල්ඩෝසරයක්” ලෙස උත්කර්ෂයට පත්කරමින් Katz ව ප්‍රශංසා කළේය. Katz ඔහුගේ වර්තමාන භූමිකාව භාර ගැනීමට පෙර මුදල් හා බුද්ධි අමාත්‍යාංශවල ප්‍රධානියා වූ බවද පවසා සිටියේය.
Gallant ගේ ඉවත් කිරීම හේතුවෙන් ධවල මන්දිරය "ඉතා පුදුමයට පත් වූ" බව Axios වාර්තාකරු Barak Ravid සිය X ගිණුමෙහි සඳහන් කළේ නම සඳහන් නොකළ එක්සත් ජනපද නිලධාරියෙකු උපුටා දක්වමිනි. ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයෙක් Gallant ව "ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සම්බන්ධ සියලු කාරණා සම්බන්ධයෙන් වැදගත් හවුල්කරුවෙකු" ලෙස හැඳින්වූ නමුත් වොෂින්ටනය ඔහු වෙනුවට පත්වන අමාත්‍යවරයා සමඟ "සහයෝගීව කටයුතු කරන" බව පැවසීය.
නෙතන්යාහුGallant ඉවත් කළ දෙවන අවස්ථාව මෙයයි. 2023 මාර්තු මාසයේදී ආරක්ෂක Gallant ඇමතිවරයාව සිටින අවදියේදී ඊශ්‍රායල රජයේ අධිකරණ ප්‍රතිසංස්කරණ විවෘතව විවේචනය කරමින් ඊශ්‍රායල සමාජය දෙකඩ කර හමුදාවට තර්ජනය කරන බව පැවසීම හීතුවෙන් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට නෙතන්යාහු කටයුතු කළේය.
කෙසේ වුවද ඊශ්‍රායලය පුරා පුලුල්ව පැතිරුනු වීදි විරෝධතා වලින් පසුව,නෙතන්යාහු 20023 අප්‍රේල් මස මුලදී ඔහුගේ තීරණය වෙනස් කළේය.
Netanyahu fires Israeli defense minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
