ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.
චීන ජනාධිපතිගේ ඇමෙරිකානු සංචාරය සහ බී-2 යානා සිදුවීම
චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ඇමෙරිකානු සංචාරය සහ එහිදී දෙරට අතර සිදුවූ ඩොලර් බිලියන 60ක බදු සහන සහිත වෙළඳ ගනුදෙනු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ජනාධිපතිවරයාගේ පැමිණීම හමුවේ සිය බලය පෙන්වීමට B-2 බෝම්බ හෙලන යානා ගුවන්ගත කළද, චීන ජනාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිත පිරිස ඊට කිසිදු තැකීමක් නොදැක්වූ බවත්, ඇමෙරිකාවේ බලපෑම් හමුවේ චීනය නොසැලී සිටි බවත් උවිඳු විජේවීර මහතා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සැසියේදී ඊශ්‍රායලයට එරෙහිව නැගුණු විරෝධය
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කතාව ආරම්භ කරනවාත් සමඟම, සභාවේ සිටි රටවල් 70කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කළ නියෝජිතයන් එකවරම පිටව ගිය බව ඔහු පෙන්වා දුන්නේය.
ඊශ්‍රායලයේ ක්‍රියාකලාපයට සහ ඇමෙරිකාවේ මැදිහත්වීමට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතින බවට මෙය හොඳම නිදසුනක් බව ඔහු පැවසීය.
පලස්තීනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සැසිය අමතමින්, 1962 පැවැති සීමා මායිම් පදනම් කරගනිමින් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් කළ ප්‍රකාශය ඉතා අගය කළ යුතු බව උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කළේය.
බොහෝ රටවල් ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට බයෙන් නිහඬව සිටින මොහොතක ශ්‍රී ලංකාව නොබියව පලස්තීනය වෙනුවෙන් හඬ නැගීම අගනා පියවරක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කාර්මික රටවලින් පරිසර හානියට වන්දි ඉල්ලූ නේපාලය
නේපාලයේ නායකයන් එක්සත් ජාතීන්ගේ සැසියේදී කළ කතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මහා පරිමාණ කාර්මික රටවල් විසින් සිදුකරන පරිසර විනාශය නිසා නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වැනි කුඩා රටවල් ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දෙන බවත්, එබැවින් කුඩා රටවලට ආධාර වෙනුවට පරිසර හානිය වෙනුවෙන් "වන්දි" ලබාදිය යුතු බවට නේපාලය කළ යෝජනාව ඉතා සාධාරණ බවත් ඒ මහතා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..