News Category
From Date
To Date
Maximum Number of Result

1960 ගණන්වල කියුබාවේ සිට සෝවියට් සංගමය වෙත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් යවන ලද සීනි බෑග් 800 ක් ඇමරිකානු ඔත්තුකරුවන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් කර ඇති බව ජෝන් එෆ්. කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම ලිපිගොනුවලින් හෙළි වී තිබේ.

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෑතකදී එකඟ වූ අර්ධ සටන් විරාමය උල්ලංඝනය කරමින් යුක්රේනය රුසියානු බලශක්ති යටිතල පහසුකම්වලට දිගින් දිගටම පහර දෙන්නේ නම්, ඒ ආකාරයෙන්ම පළිගැනීමේ අයිතිය මොස්කව් සතු බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා අනතුරු ඇඟවීය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්තගේ බිරිඳ, නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

විදේශීය සමාගම්වලට සේවය කරමින් සිටි ඩිජිටල් විද්වතුන් යැයි කියාගන්නා පිරිසක් මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණය බෙදා ගනිමින් ආණ්ඩුවට උපදෙස් දීමට ඉදිරිපත් වූ බව රහසක් නොවේ. එම ඊනියා විද්වතුන් විශේෂයෙන්ම දෙදෙනෙකු එතෙක් විදේශීය ආයතනවලට සේවය කළ අය බවද රහසක් නොවේ.

පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඔහුට ඇප ලබා දීමට විරුද්ධ වීමට කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වෘත්තීමය නොවන ග්‍රාම්‍ය වචන භාවිත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැකකරුවෙකුට හිමි අයිතීන් නොසලකා හරිමින් කටයුතු කර ඇති බව විවිධ පිරිස් විසින් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබුණි.

විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්‍රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා ලංකාදීපයට පැවසීය.

2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේ විවාදය අද (21) පැවැත්වූ අතර එහිදී අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද114 කින් සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 45ක් ලැබුණා.

අද හවස් වරුවේ බටහිර ලන්ඩනයේ විදුලි උපපොළක් තුළ පැතිර ගිය දැවැන්ත ගින්නක් හේතුවෙන් හීත්‍රෝ ගුවන්තොටුපළේ විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.


දේශීය පුවත්

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ.. - නාමල්

"22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ. මොකද ගරු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දික් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැහැ, ​දැන් අධිකරණයේ පවතින නඩු වල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඉතින් ඒ දෙක නොකර කාලය දික් කරා කියලා ඒකට විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ. ඉතින් මං හිතන්නේ ඒ සංශෝධනය ගේන්නේ ඇයි කියලා ආණ්ඩුව දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා දන්නවද කියන්න මං දන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය

මහනාහිමිවරු ජනපතිට යොමුකළ ලිපිය ලැබුණා.. - ඇමති නලින්ද

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය.

දූෂණ චෝදනාවකට රාජිතට අධි චෝදනා..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.

22 සංශෝධනයට එරෙහිව නඩු දමන්න යයි..

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති නාමකරණ ක්‍රියාවලියට චීනයේ විරෝධය..

මතභේදයට තුඩු දී තිබෙන දේශ සීමා ප්‍රදේශයක පිහිටි අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති ඊනියා “සම්මත නාමකරණය” නීතිවිරෝධී හා වලංගු නොවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

විනිසුරු වයස ගැන මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපිය නිකායක හිමි නමක් මැදිහත් වී නතර කරලා.. - පූජ්‍ය අක්මීමන දයාරතන හිමිගෙන් අනාවරණයක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියට සිදුවූයේ කුමක්දැයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කර සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.