ෆිදෙල් ලෝක අධිරාජ්‍යවිරෝධී අරගලයට අධ්‍යාත්මික ශක්තිය සැපයූ විප්ලවදියෙක් - ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය
මිනිසා යනු සමාජීය සත්වයෙකි. එනම් ඔහු සෑම විටම සමාජයක ජීවත් වීමට ප්‍රිය කරන්නෙකි. ලෝකයේ හතර දිග් භාගයේ කුමන කොනක ජීවත් වන මිනිසෙකුට වුවද ඔහුටම අනන්‍ය වූ සමාජීය ජීවිතයක් අයත් වන්නේය. එම මිනිසා ජීවත්වන සමාජය ගොඩ නැගුණු ශිෂ්ඨාචාරයට අයත් සභ්‍යත්වය එම මිනිසාගේ සියළු හැඩ තල නිර්මාණය කරන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජීවත්වන අප විවිධ ජාතිකත්වයන්ට අයත් වුවද සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය තුල ශික්ෂණය වූවෝ වෙති. සමාජයක් එක තැන නැවතී තිබෙන්නේ නැත. එම සමාජය මුහුණ දෙන විවිධ අභියෝග ජය ගැනීමට සොයන උපාය උපක්‍රම හේතුවෙන් එම සමාජය බාහිර සමාජයන්ට අනිවාර්යෙන්ම විවිර වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස එම බාහිර සමාජයන්හි අත් දැකීම් මෙන්ම එම සමාජයන්හි සුවිශේෂී චරිත ද තමාගේ ම අත්දැකීම් සහ තමාගේම චරිත බවට පත් කර ගනී.
ශ්‍රී ලාංකේය සමාජය ක්‍රිස්තු වර්ෂ 1505 සිට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යයට නතු වුණු රාජ්‍යයකි. පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතීන් අපව යටත් කරගෙන සිටියහ. ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා එම ජාතීන්ට ශ්‍රී ලංකාව නැමැති අපේ රාජ්‍යය යටත් කර ගත නොහැකි වුවද ක්‍රි වර්ෂ 1815 පටන් සමස්ත ශ්‍රී ලංකාවම යටත් කර ගැනීමට ඉංග්‍රීසිහු සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකාව යනු බටහිර අධිරාජ්‍යයාට එරෙහිව වසර 500කටත් වඩා වැඩි කාලයක් සටන් කළ ජාතියකි. ක්‍රි ව 1948 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වූදා සිටම නව යටත් විජිත වාදයේ යකඩ සපත්තුවට යට කරන්නට අධිරාජ්‍යයවාදී බලවේග විවිධ උත්සහා ගනු ලැබීය. නමුත් එයට එරෙහිව සටන් කිරීමට අපේ ජාතියට ධෛර්ය තිබුණි. අධිරාජ්‍ය විරෝධී සටන යනු අනවරත සටනකි. එනම් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට හුවමාරුවන සටනකි. අධිරාජ්‍ය විරෝධී සටන අපේ පරම්පරාව වෙත මාරු වන විට මාක්ස් ලෙනින් වාදය අපගේ සටනට අවශ්‍ය දර්ශනයේ පදනම විය. එම දර්ශනය අපේ මොළය තුළ පැල පදියම් කිරීමට අවශ්‍යය ඉන්ධන සැපයුවේ රුසියානු සංස්කෘතිය විසිනි.
මාක්ස්- ලෙනින් වාදී දර්ශනයෙන් පෝෂණය වී රුසියානු සාහිත්‍යය මගින් ඔද වැඩී සිටි ශ්‍රී ලාංකේය තරුණ ජවය නියෝජනය කළ අපට ජීවමාන විප්ලවවාදී සටන්කරුවෙකු සෝවියට් රුසියාවෙන් සොයා ගැනීමට සිටියේ නැත. එවැනි සැබෑ විප්ලවාදී මානව ගුණයෙන් අණූන සටන්කරුවෙකු අපට හමු වන්නේ කියුබාව නම් මනරම් කුඩා දූපතෙනි. ඒ ෆිදෙල් කස්ත්‍රෝ නම් අසාහය විප්ලවවාදී නායකයාය. අද ඔහුගේ 99 වන ජන්ම දිනය සමරණ දිනයයි. ඔහු ජීවත් වූ කාලය තුල අපට කිසිදා ඔහුව දෑසින් දැක ගැනීමට අවස්ථාව නොලැබුණි. එහෙත් ඔහු සැබෑ අධිරාජ්‍යය විරෝධියෙකු ලෙස තමා ජන්ම ලාභය ලැබූ කුඩා දිවයිනේ ජනතාව අමෙරිකානු අධිරාජ්‍යවාදියාගේ ඉඳුල් ලෙවකන ජනතාවක් බවට පත් නොකර අභිමානවත් පුරවැසියෙකු ලෙස සමස්ත ලෝක ජනයා ඉදිරියේ නැගී සිටීමට තම ජාතියට ලබා දුන් අධ්‍යාත්මික ශක්තියට සම කළ හැකි ශක්තියක් ලබා දුන් නායකයෙකු අපට හමුවන්නේ නැත.
ෆිදෙල්ගේ භාවිතයෙන් උත්තේජනය ලැබුවේ කියුබානු ජනයා පමණක් නොවේ. ෆිදෙල්ගේ භාවිතය ශ්‍රී ලංකවේ අධිරජ්‍ය විරෝධි බලවේග නියෝජනය කරන අපටද ලබා දෙන්නේ දැවැන්ත උත්තේජනයකි. අද ෆිදෙල්ගේ ජන්ම දිනය සමරන්නේ ඔහු ජීවමානව නැති ලොවකය. එහෙත් ඔහුගෙන් ලද අධ්‍යාත්මික ශක්තිය සමස්ත දකුණු අමෙරිකාව පුරා ශක්තිමත් විප්ලවාදී නායකයන්ට ජන්මය ලබා දී ඇත. වෙනිසියුලාව වැනි රටක් අද අධිරාජ්‍යවාදී අමෙරිකාවේ කුරිරු හැසිරීම් හමුවේ අභිමානවත්ව නැගී සිටින්නේ ෆිදෙල්ගේ භාවිතය තුළ ලැබූ උතේජනය නිසාය යන්න අතිශයෝක්තියක් නොවේ.
වෙනිසියුලාවට එරෙහිව අමෙරිකාවේ කෙනෙහිලිකම් වලට එරෙහිව සමස්ත ලෝකයේ වෙසෙන අධිරාජ්‍ය විරෝධි ජනතාව එක මිටකට පැමිණ විරෝධය පාන්නේත් ෆිදෙල් සමස්ත ලෝක අධිරාජ්‍ය විරෝධී බලවේග වලට ලබා දුන් දැවැන්ත අධ්‍යාත්මික ශක්තිය නිසාය යන්නද අවිවාදිත කරුණකි. ෆිදෙල්ගේ ශක්තිය සම්බන්ධයෙන් අප ගොඩ නගන තර්කය කෙරෙහි අවිශ්වාසය ඇති කෙනෙකුට ලබා දිය හැකි හොඳම සාක්ෂිය වන්නේ අමෙරිකානු අධිරාජ්‍යවාදිය 637 වතාවක් ෆිදෙල්ව ඝාතනය කිරීමට ගත් උත්සාහයන් කියුබානු ජනයා විසින් ව්‍යවර්ථ කිරීමය.
දෙවැනි සාක්ෂිය වන්නේ ලෝකයේ කොතනැකදී හෝ ඔබට හමුවන කියුබානුවා මානව ගුණයෙන් සපිරුණු නිදහස් සරල මිනිසෙකු වීමය. ඒ අනුව අපේ කාලයේ අසාහය විප්ලවවාදියා වූ ෆිදෙල් කස්ත්‍රෝව මේ මොහොතේ සමරණ ලෝක ජනයා සමඟ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයද එක්වන බව අභිමානවත්ව ලොවට හඬගා කියමු.
ජීවන්ත ජයතිස්ස,
ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..