නාවික හමුදාපතිව බොරු චෝදනා මත අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුව.. ඒක අධිකරණය පිට පටවන්න එපා - ගම්මන්පිල කියයි
පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පල කරන ලද අදහස් මෙසේය.
පසුගිය 7 වන දා ජාතිය අමතන්න පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා ජාතිය ඇමතීම පැත්තක තියලා මාව අමතනවා අපි දැක්කා. ඒ කතාව පුරාම සම්පූර්ණ නමක් කිව්වා නම් කිව්වේ මගේ නම විතරයි. මගේ නම කියන අතරේ “ආණ්ඩුව පෙරලන කුමන්ත්‍රණයක් තිබෙනවා. රාජ්‍යයේ ඇතුලේ ඉඳගෙන රාජ්‍යයේ පිට ඉඳගෙන නිලධාරින්, පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන පාර්ලිමේන්තුවේ පිට ඉඳගෙන දේශපාලකයින් රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ කරනවා නම් ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න පියවර ගන්නවා” කියලා කිව්වා. ජනාධිපතිතුමාගේ කතාව අසාගෙන සිටි ඕනෑම කෙනෙකුට දැනෙන්නේ එතුමා දැඩි පීඩනයකින් දැඩි ආතතයකින් දැඩි අනාරක්ෂිත බවකින් ඉන්නවා කියලා. ජනාධිපතිතුමාගේ කතාව සම කළ හැක්කේ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාව ඝාතනය කළාට පසු ප්‍රේමදාස ජනාධිපතිතුමා කළ කතාවට විතරයි.
ජනාධිපතිතුමනි, ඔබතුමා ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණය කියන්නේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන එක නම් ඔබතුමා ද ඇතුළුව ආණ්ඩුවේ නායකයින් කියන පච කතා පච බවට ඔප්පු කරන එක නම් ඇමතිවරුන්ගේ දූෂිත ගනුදෙනු හෙලිදරව් කරන එක නම්, ඔව්, ගම්මන්පිල ඒ කුමන්ත්‍රණයේ පිටිපස්සේ හැංගිලා නොවේ එලිපිට ඉදිරියෙන්ම ඉන්නවා.
ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලයේ නම් ආණ්ඩු පෙරලන රට අස්ථාවර කරන කුමන්ත්‍රණ ගණනාවක් කලා. 1971 දී 1987 දී 2006 දී වගේම 2022 දී කලේ ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ. ඒ විතරක් නොවේ. 2006 අග දී මහින්ද ජනාධිපතිතුමා කොටින්ට එරෙහිව යුද්ධය පටන් ගත්තාම ඒක කඩාකප්පල් කරන්න අයවැය පරදා ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කලේත් ඔබතුමාලා. ගෝඨාභය ජනාධිපතිතුමා කෝවිඩ් මර්දනය කරන්න වෑයම් කරන විට ලෝකය පුරාම විපක්ෂ ඒ වෑයමට තමන්ගේ ආණ්ඩු වලට උදව් කරන විට වැඩවර්ජන උද්ඝෝෂණ කැඳවමින් රට වට්ටන්න හැදුවේ ඔබතුමන්ලා. ආර්ථික අර්බූදය විසඳන්න ආණ්ඩුව දැඩි ආයාසයකින් කටයුතු කරමින් සිටින විට ලංකාවට ඩොලර් එවන්න එපා කියලා රට වට්ටන්න හැදුවේ ඔබතුමන්ලා. ඒ නිසා ආණ්ඩු පෙරලන්න හදනවා, රට වට්ටන්න හදනවා කියන චෝදනා අපට නගලා ඔබතුමාගේ මට්ටමින් අපිව මනින්න එපා කියලා ඉතාම ගෞරවයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඔබතුමා පාර්ලිමේන්තු කතාවේත් ලොකු පචයක් අත හැරියා. ඔබතුමා කියනවා “උදය ගම්මන්පිල ප්‍රකාශයක් කරලා තිබෙනවා ආණ්ඩුව විසින් තමයි හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කියලා. නමුත් ඔහුව අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝගයක් නිසා” කියලා. ඒක පචයක් ජනාධිපතිතුමනි. අධිකරණයෙන් බනිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් දුන්නේ නෑ. රහස් පොලිසිය බී 8016/2019 යටතේපොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තා වල 2010 ජූලි 25 දින සිට 2011 මාර්තු 30 දක්වා කාල සීමාව තුල නාවික හමුදාපති ලෙස, නාවික බුද්ධි අධ්‍යක්ෂවරු ලෙස සහ නැගෙනහිර බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ අයගෙන් ප්‍රකාශ ලබා ගන්න අවශ්‍යයි කියලා අධිකරණයට දැනුම් දී තිබෙනවා. මේ අයව පොලිසියට ගෙන්වන්නේ ප්‍රකාශ ලබා ගන්න කියලා. ඊට පස්සේ අත්අඩංගුවට අරගෙන මිනීමැරුම් චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කලේ ඇප ලබා දෙන්න බැරි වෙන්න. ඒ නිසා ආණ්ඩුව විසින් නාවික හමුදාපතිව බොරු චෝදනා මත අත්අඩංගුවට අරගෙන ඒක අධිකරණය පිට පටවන්න එපා කියලා අපි ජනාධිපතිතුමාට කියනවා.
පොලිසියේ මහත්වරු බොරු ගොතලා අධිකරණයට ඉදිරිපත් කලා විතරක් නොවේ, ඔබතුමාටත් බොරු කියලා නොමග යවලා තිබෙනවා. ඒකනේ නාවික හමුදාපතිතුමා අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝගයකින් කියලා ඔබතුමා කියන්නේ. පොලිසියේ ලොකු පුටුවල ඉන්නා අය මැතිවරණයට කලින් හිටියේ මාලිමා වේදිකාවේ. ඔබතුමාලා රැස්වීම් ගානේ බොරු කියනවා අසාගෙන ඉඳලා දැන් ඒ අයත් බොරු කියනවා වෙනුවට බොරු ලියන්න පටන් අරන්. ඒ නිසා තමයි පච වැලවල් ලියලා අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ.
ඔබ කියන්නේ බොරු නම් පාර්ලිමේන්තුවේ කිව්වාට කමක් නෑ. ඒත් ඔබ කියන්නේ ඇත්ත නම් පාර්ලිමේන්තුවේ කියන්නේ නැතිව පොලිසියට පැමිණිලි කරන්න කියලා ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට අවවාදයක් දුන්නා. ඒ අනුව ඔබතුමා වසර 24ක් පුරා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු කියලා පිලිගැනීම ගැන අපට සතුටුයි. වසර 24ක් පුරා ඔබතුමා පාර්ලිමේන්තුවේ කළ කතා එකතු කරලා “නූතන ගජබින්නාලංකාරය” කියලා ඔබතුමාට පොතක් නිකුත් කරන්න පුළුවන්.
මට ඔබතුමාටත් කියන්නේ තිබෙන්නේ ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට දුන් අවවාදයමයි. මම කිව්වේ බොරු නම් පාර්ලිමේන්තුවේ කියන්නේ නැතිව පොලිසියට පැමිණිලි කරන්න. ඔබතුමා මට උත්තර දුන්නේ අවම වශයෙන් මගේ කතාව අහන්නෙත් නැතිව. ඒ කතාව ඇහුව්වා නම් ඔබතුමා තිත්ත ඇත්ත තේරුම් ගනීවි. නාවික හමුදාපතිට එරෙහිව සීඅයිඩිය බොරු චෝදනා ගෙතුවේ කොහොමද කියන එක මම සාක්ෂි සහිතව ඒ කතාවේ ඉදිරිපත් කලා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන