අලුත්ම ජිනීවා වාර්තාවේ දෙමළ ඉල්ලීම් වලට ඉඩක් ලැබෙන බව එජා මානව හිමිකම් ලොක්කා දන්වයි..
බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වගඋත්තරදායකත්වය සහතික කිරීම සඳහා උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් කරන ඉල්ලීම් කෙරේ අවධානය යොමු වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා සහතිකයක් දී තිබේ.
සැප්තැම්බරයේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව සම්බන්ධ අලුත් යෝජනාවක් සම්මත කරගැනීමට නියමිතය.
දෙමළ දේශපාලන පක්ෂ, ආගමික නායකයන් සහ සිවිල් සමාජ සංවිධාන විසින් අගෝස්තු 04 වැනිදා යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා අවධාරණය කර ඇත්තේ එම ලිපිය මගින් මතුකර තිබු කාරනා තමන් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවේ නිරූපණය වී ඇති බව දකින්නට ලැබෙනු ඇති බවයි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය හැර, දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුලු දෙමළ දේශපාලනඥයන් සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ අත්සනින් අගෝස්තු 04 දාතමින් යොමු කර ඇති ලිපියට පිළිතුරු වශයෙන් අගෝස්තු 05 ලිපියක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මේ බව අවධාරණය කර තිබේ.
පසුගිය වසර 16ක් තිස්සේ ලංකාව තුළ වගඋත්තරදායකත්වය සම්බන්ධයෙන් කිසිදු පලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙන්වා දෙන දෙමළ ක්‍රියාකාරීන්ගේ ලිපිය මගින් ඉල්ලා තිබුනේ යුද සමයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පමුණුවන ලෙසයි.
එසේම අභ්‍යන්තර යාන්ත්‍රණයන් ආරම්භ කරන්නේ යයි පවසමින් තවත් කල් මැරීමට වත්මන් රජයට ඉඩ නොතබන ලෙසටද මෙම ලිපිය මගින් අවධාරණය කර තිබේ.
“කිසිදු ආණ්ඩු මාරුවක් ශ්‍රී ලංකාවේ වගඋත්තරදායකත්වයට මග පාදන්නේ නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ යතාර්ථය අවබෝධ කරගත යුතුය,” යි එම ලිපිය කියා සිටී.
මේ වන විටත් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 150 ට ආසන්න පිරිසකගේ අස්ථි මතුකරගෙන ඇති චෙම්මනි සමූහ සුසාන සංකීර්ණය පිළිබදවද මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කරන ලිපිය මගින් දෙමළ ජනතා නියෝජිතයන් ප්‍රමුඛ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පෙන්වා දී තිබුනේ මෙවැනි සමූහ මිනී වළවල් තුලින් මතුවන සාක්ෂි වල ආරක්ෂාව මෙන්ම එවා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර අධීක්ෂණය මෙන්ම තාක්ෂණික සහායත් අත්‍යාවශ්‍ය බවයි.
එසේම, හමුදාකරණය, සිංහල බෞද්ධකරණය, ඉඩම් මංකොල්ලකෑම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (OSA) අහෝසි කිරීම, මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම වින්දිත කණ්ඩායම් ඉලක්ක කර ආරක්ෂක අංශ වෙතින් එල්ල වන තර්ජන සහ සෝදිසි කිරීම්, රාජ්‍යයේ අධිපති මතවාදයට අභියෝග කරන කතිකාවන් නියාමනය සඳහා නීතිය භාවිත කිරීම ආදී කාරණා සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව තුළ ප්‍රමාණවත් ඉඩක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබුනි.
මෙම කරුණු කාරණා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත සිය වාර්තාව තුළ අන්තර්ගත බව දක්නට ලැබෙනු ඇති බවට සහතික කරමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අගෝස්තු 05 වැනිදා සිය පිළිතුරු ලිපිය මගින් දැනුම් දී තිබේ.
මේ අතර, ජාත්‍යන්තර මානව හිමිකම් පරාමිතීන්ට අනුකූල, ස්වාධීන, සාධාරණ හා පලදායී වගවීමේ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමට පසුගිය ආණ්ඩු අපොහොසත් වී ඇති බව පෙන්වාදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා, වින්දිතයන්ගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේත් විශ්වාසය දිනාගත හැකි සත්‍ය, යුක්තිය හා වගවීම සහතික කරන පුළුල් ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස වත්මන් රජය දිරිමත් කළ බව සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
2025 ජුනි 23 වැනිදා සිට 26 වැනිදා තෙක් මෙරට නිල සංචාරයක නිතර වූ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ජුනි 25 වැනිදා චෙම්මනි, සමුහ සුසානය නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබුනි.
සුසානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහකොමසාරිස්වරයා, යුක්තිය සඳහා සඳහා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඇතුළු වගඋත්තරදායකත්වය සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් චෙම්මනි සමූහ මිනීවලට නුදුරින් ‘ජනතා ක්‍රියාකාරිත්වයේ’ සංවිධානත්වයෙන් දල්වා තිබෙන ‘නොනිමෙන ප්‍රදීපය’ විරෝධතා භුමියට පැමිණ යුද්ධයේදී මළවුන් වෙනුවෙන් පුෂ්පාණුස්මරනයක් ද සිදු කළේය.
උතුරේ අලුතින්ම සොයාගත් සමූහ සුසානය නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ ඉහළම මානව හිමිකම් නිලධාරියාට අවස්ථාව හිමිවුයේ එය අවහිර කිරීමට අවසාන මොහොත දක්වා ආණ්ඩුව දැරූ අසාර්ථක සැලසුම් සහගත වෑයම දෙමළ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකින් පරාජය කිරීමෙන් අනතුරුව බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල් 2025 ජුනි 25 වැනිදා යාපනයේදී මාධ්‍ය හමුවක් කැදවමින් හෙළි කර තිබුනි.
- theleader
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්