News Category
From Date
To Date
Maximum Number of Result

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇතත් සරත් ෆොන්සේකා මහතාද ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට පුරා ජනහමු සංවිධානය කරමින් සිටින බව වාර්තා වේ.

2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත.

ඔක්තෝබරයේදී පැවැත්වෙන ඉන්දීය සාගරයේ වටද්දර රටවල සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.

රට හැරගිය හා සේවයෙන් ඉවත් වූ වෛද්‍යවරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ පිළිබඳව තොරතුරු දන්වමින් එම සංගමය වෙත ලිපියක් යොමුකොට තිබේ.

රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු අනුව මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇති බව වාර්තා වේ.

රට හැර යන වෛද්‍යවරුන් රඳවා ගැනීමට උත්සාහ නොකර වෛද්‍යවරුන්ගේ හිඟය මගහරවා ගැනීමට යැයි පවසමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට රජය දියත් කර ඇති සැලසුමට එරෙහිව දැක්විය හැකි උපරිම විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


දේශීය පුවත්

ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානයක් විශේෂ පරීක්ෂාවකට.. කාෂ්මීර ප්‍රහාරයට සම්බන්ධ පිරිසක් පැමිණි බවට දුරකථන ඇමතුමක් ලැබිලා..

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව පැටලුනේ දැලකද? ඉන්දු-පකිස්ථානු ඇවිළිල්ලේ නොහිතන පැත්ත ආචාර්ය දයාන් ජයතිලක කියයි (වීඩියෝ)

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු නීත්‍යානුකූල භාවයක් නැහැ - වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.

කාශ්මීර ප්‍රහාරයට එරෙහිව ශ්‍රී ලංකාවේ විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවේ - පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රකාශයක්

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.

ඉතිහාසයේ පළමුවරට ජනතාවගෙන්, පාර්ලිමේන්තුවෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් සඟවා ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කරලා - සිවිල් ක්‍රියාකාරික සංක චන්දිමගෙන් චෝදනා (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.

ආණ්ඩුව ඉන්දියාව සග අත්සන් කළ ගිවිසුම්වල කරුණු ජනතාවගෙන් සඟවලා.. ජනතාව මෙම ගිවිසුම් ප්‍රතික්ෂේප කළ යුතුයි - සිවිල් ක්‍රියාකාරිනී ජෙහාන් හමීඩ් (වීඩියෝ)

රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.