සෞඛ්‍ය ඇමති එකඟවුනු දේවල් නොවෙන හැඩක්.. දැඩි පියවර ගන්නවා..- GMOA
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදු වී ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා සමඟ එළඹි එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම.
රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් සලසා ගැනීමේ දි, වෛද්‍යවරුන් රෝහල් වලට අනුයුක්ත කිරීම, ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීම මාරු මණ්ඩල හරහා විනිවිදභාවයකින් යුතුව කාර්යක්ෂමව සහ ප්‍රමාදයකින් තොරව සිදු කිරීම අනිවාර්ය හා ප්‍රමුඛතම කාර්යයක් වේ.
පසුගිය මාස කිහිපය තුලදි සෞඛ්‍ය අමාත්‍යංශය තුල ස්ථාන මාරු ලැයිස්තු සකස් කිරීම, ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම, රෝහල් වල පුරප්පාඩු සැපිරිම යන කරුණු නිවැරදිව සිදු නොවු බව අප සැවොම දනිමු.
ඒ තුලින් උද්ගත වූ තත්ත්වය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සලකා බැලීමට පවා සිදු වුණි.
වාර්ෂික ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම, දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සකස් කිරීම, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් ලබා දීම යන කරුණු සම්බන්ධව ඇති වු ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
ස්ථාන මාරු ලැයිස්තු සකස් කිරීම මාරු මණ්ඩල හරහා සිදු නොකිරීම, ස්ථාන මාරු ලැයිස්තු ප්‍රමාද වීම, විනිවිදභාවයකින් තොරව ක්‍රියාත්මක කිරීම හරහා වෛද්‍යවරුන්ට මෙන්ම මේ රටේ රෝගී ජනතාවට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.
මෙම අඩුපාඩුකම් පිළිබඳව සැලකිල්ලට ගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ද, දැනට නිකුත් කර ඇති පශ්චාත් සීමාවාසික ලැයිස්තුවට දින දිගුවක් ලබා දීමට ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලයේ සහභාගිත්වයෙන් පශ්චාත් සීමාවාසික ලැයිස්තු නැවත සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම ද, සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් දුෂ්කර සේවා ලැයිස්තුව නැවත සලකා බැලීම ද, ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම ද යන කාරණා කඩිනමින් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එකගතාවය ලැබිණි.
කෙසේ වුවත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යතුමා දුන් වාචික පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් ක්‍රියාත්මක නොවීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි අසතුටට කරුණක් විය.
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිඛිතව දැන් වූ අතර තාවකාලිකව අත්හිටුවා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයන් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාවේ අවදානයට ලක් විය. තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශය ස්ථාන මාරු මණ්ඩලයේ මැදිහත් විමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකිරීම හරහා සමස්ත සෞඛ්‍ය පද්ධතිය අකර්මන්‍ය කිරීමට තැත් කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒ පිලිබඳව දැඩි තීන්දු තීරණ ගැනීමට දෙවරක් නොසිතන බව අවධාරණය කරන්නෙමු.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර, සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාවට නැංවීම සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන නිලධාරින්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුලු අනිකුත් සියලු පාර්ශවයන් වෙත පැමිණිලි කිරීමටද අප සංගමය පසුබට නොවනු ඇත. එබැවින් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් කඩිනම් පියවර ගන්නේ නම් රටේ සමස්ත පුරවැසියන්ගේම සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීමට පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්