News Category
From Date
To Date
Maximum Number of Result

මහා ශ්‍රම සහ ධන කොල්ලයකට මුල පුරන ගැසට්‌ අහෝසි කරනු! - වෘත්තීය සංගම්වලින් ඒකාබද්ධ නිවේදනයක්..

Sep 2, 2025 at 08:29 AM
|

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, මුදල් ඇමති ලෙස සිය නිල බලය භාවිතාකර ඉකුත් ජූලි 14 වන දින, අංක 2445/02, 2445/03, 2445/04 සහ 2445/05 දරණ විශේෂ ගැසට්පත් 04 ක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ආයෝජන සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත්, ක්ලෝස්පින් කළමනාකරණ හා සංවර්ධන පුද්ගලික සමාගමත්, අයි.එෆ්.සී. කොළඹ 01 පුද්ගලික සමාගමත්, අයි.සී.සී පෝට් සිටි පුද්ගලික සමාගමත්, කොළඹ වරාය පුරවර ආර්ථික කොමිසමේ ප්‍රතිපාදන යොදා ගනිමින් "වැදගත් ප්‍රාථමික උපායමාර්ගික ව්‍යාපාර" ලෙස නම් කර ඇති බවත්, එම සමාගම් වෙන් වෙන් වශයෙන් කොළඹ වරාය පුරවරයේ නියැලෙන ආර්ථික ක්‍රියාකාරකම් ද ඊට අනුෂංගික රජයේ සහන මාලාව ද එම ගැසට්පත්වල සඳහන්ව ඇති බවත් වෘත්තීය සංගම් පෙන්වා දෙයි.

රටේ සාමාන්‍ය සේවක, සේවිකාවන්ට හිමි නීතිමය රැකවරණය කොළඹ වරාය නගරයේ මෙම සමාගම්වල සේවයට බැඳෙන සේවක ප්‍රජාවට හිමි නොවන බවත්, මේ හේතුවෙන් නීතිමය වශයෙන් සේවක, සේවිකාවන් දෙවර්ගයක් සහ එකම රටක නීති දෙකක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බවත් එම සංගම් පෙන්වා දෙයි.

අදාළ නිවේදනය පහළින්..

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

මහා ශ්‍රම සහ ධන කොල්ලයකට මුල පුරන ගැසට් අහෝසි කරනු !

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, මුදල් ඇමති ලෙස සිය නිල බලය භාවිතාකර ඉකුත් ජූලි 14 වන දින, අංක 2445/02, 2445/03, 2445/04 සහ 2445/05 දරණ විශේෂ ගැසට්පත් 04 ක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ආයෝජන සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත්, ක්ලෝක්ස්පින් කළමනාකරණ හා සංවර්ධන පුද්ගලික සමාගමත්, අයි.එෆ්.සී. කොළඹ 01 පුද්ගලික සමාගමත්, අයි.සී.සී පෝට් සිටි පුද්ගලික සමාගමත්, කොළඹ වරාය පුරවර ආර්ථික කොමිසමේ ප්‍රතිපාදන යොදා ගනිමින් "වැදගත් ප්‍රාථමික උපායමාර්ගික ව්‍යාපාර” ලෙස නම් කර ඇත. ඒ සමග, එම සමාගම් වෙන් වෙන් වශයෙන් කොළඹ වරාය පුරවරයේ නියැලෙන ආර්ථික ක්‍රියාකාරකම් ද ඊට අනුෂංගික රජයේ සහන මාලාව ද එම ගැසට්පත්වල සඳහන්ව ඇත.

කොළඹ වරායට යාබදව ගොඩකෙරුනු මෙම භූමිය රටේ ස්වාභාවික සම්පත් සූරාගනිමින් වෙරළාසන්න පරිසරයට ද සැළකිය යුතු හානි සිදුකරමින් ඉදි කෙරෙන ව්‍යාපෘතියක් යැයි වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටිය දී එකල විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන්, පරිසරවේදීන් සහ ධීවර සංවිධාන සමග එක්ව දිගින් දිගට විරෝධතාවය පළ කළ එකකි. එදා රාජපක්ෂ පාලනය වරාය නගර ව්‍යාපෘතිය සාධාරණීකරනය කලේ විශාල විදේශීය මුදල් ආදායමක් උපයාගත හැකි එකක් බව සඳහන් කරමිනි. එවැනි විශේෂිත පාලනයක් සහිත බිම් කඩක පවත්වාගෙන යන ආර්ථික ව්‍යාපෘතියකින් රටට ලබාගත හැකි වාසි වේ නම් ඒ, බදු හා තීරු ගාස්තු ආදායමත් රටේ ජනතාවට ලබාදිය හැකි ස්ථිර රැකියා ප්‍රමාණයත් වේ.

ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති විශේෂ ගැසට්‌ පත්‍රවලට අනුව, මෙම සමාගම් හතර, රුපියල් මිලියන 45, 955.9 ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 1017.2 ක් ආරම්භක ආයෝජන සිදුකිරීමට නියමිත අතර මින් පිළිබිඹු වන්නේ මෙම ව්‍යාපෘති මගින් අදාල සමාගමේ ඩොලර් සහ රුපියල් කෝටි ගණනින් ලාභ උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි. මේ තත්ත්වය යටතේ රටට ඇති මහත් වාසි වන්නේ රැකියා, තීරු ගාස්තු සහ බදුය.

එසේ වුවත් මෙම සමාගම් හතරට අදාල සහන පැකේජය ලබාදීමේ දී ආණ්ඩුව ඉහත වාසිදායක තත්ත්වයන් සළකා බලා නැත.

1990 දශකයේ මැද භාගයේ ලංකාවේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 28% ක සිට 2022 බංකොලොත් ආර්ථිකයක් දක්වා වැටෙන විට 7% දක්වා පහළ බැස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් මතආයෝජන වලට ලබා දුන් බදු සහන සහ බදු විරාම මූලික කොට ගෙන ය. 2022 කඩා වැටුණු ආර්ථිකයට ප්‍රතිකර්ම ලෙස IMF යෝජනාව වුනේ රාජ්‍ය ආදායම 15% දක්වා වැඩි කරගන්නා ලෙසය. ඒ සඳහා මහජනයා මත අධික බදු බරක් පැවැති ආණ්ඩුව විසින් පටවන ලදී . අලුතින් එන මේ ආයෝජන සඳහා බදු පණත් 12 ක් බල නොපාන ලෙස සහන ලබාදීම මගින් තවදුරටත් ලැබිය යුතු රාජ්‍ය ආදායම ජනතාව මතටම පැටවීම අසාධාරණ එකක් නොවන මෙන්ම ලැබිය හැකි වාසි අත්හැර දැමීමක්ද වේ.

1971 අංක 45 දරණ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පණත අහෝසි කිරීම වඩාත්ම දරුණු වන්නේ රටේ සාමාන්‍ය සේවක, සේවිකාවන්ට හිමි නීතිමය රැකවරණය කොළඹ වරාය නගරයේ මෙම සමාගම්වල සේවයට බැඳෙන සේවක ප්‍රජාවට හිමි නොවීමයි. මේ හේතුවෙන් නීතිමය වශයෙන් සේවක, සේවිකාවන් දෙවර්ගයක් සහ එකම රටක නීති දෙකක් නිර්මාණය වීම නොවැළැක්විය හැක. 1971 අංක 45 දරණ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පණතට අනුව සේවකයෙකුගේ සේවය අහෝසි කළ හැක්කේ ඔහු හෝ ඇයගේ විනයානුකූල කරුණක් සම්බන්ධ අවස්ථාවක හැර, සේවය අවසන් කිරීම සඳහා හාම්පුතා විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු ය. අදාල ඉල්ලීම සළකා බැලීමෙන් පසු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලබාදෙන ලිඛිත නියෝගයකින් පමණක් එසේ සේවය අවසන් කළ හැක. බඳවා ගැනීමේ දී දෙනු ලබන සේවා කොන්දේසි මත, කල්දීමකින් පසු කෙරෙන සේවය අහෝසි කිරීම් පවා, නීති විරෝධී යැයි කම්කරු උසාවි විසින් තීන්දු කළ අවස්ථා ඇත. රැකියා සුරක්ෂිතභාවය සඳහා වන එවැනි නීතිමය රැකවරණයක් වන 1971 අංක 45 දරණ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත මෙම සමාගම් 04 ට අදාල නොවන ලෙස ජනාධිපතිවරයා විසින් ගැසට්‌ පත්‍ර නිකුත් කරනු ලැබීමෙන් කොළඹ වරාය පුරවරයේ ඒ සමාගම්වල සේවයට යන ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඔවුන් සතු මූලික අයිතිය ආණ්ඩුව විසින් උල්ලංඝණය කරන්නේ ය.

ඒ සමග, රැකියා සුරක්ෂිතභාවය අහෝසි කිරීමේ පූර්වාදර්ශයක් සැපයෙන්නේ යැයි අනෙක් ව්‍යාපාර තර්ක කිරීමේ සන්දර්භයක් නිර්මාණය විය හැකි යැයි අප කණස්සල්ලට පත්ව සිටිමු. මේනිසා ජනාධිපතිවරයා සේවක අයිතිවාසිකම් රැකීම වෙනුවට ව්‍යාපාරික ලාභ සුරැකීම සිය සම්මතය බවට පත්කරගෙන ඇති බව ද පෙනී යන කරුණකි. මේ තත්වය මෙරට ලක්ෂ 25 කට අධික සේවක ප්‍රජාව ඉදිරියේ දී සේවා අනාරක්ෂිත භාවයට විවෘතකිරීමකි. එබැවින් අප ජනාධිපතිවරයාට කියා සිටින්නේ කරුණාකර මෙම ගැසට් 04 වහාම අහෝසි කරන ලෙසය.

මෙම නීති විරෝධී ගැසට්‌ පත්‍ර 04 වහාම අහෝසි කරවා ගැනීම සඳහා එක්වන ලෙස මෙරට සියළු වෘත්තීය සමිති සහ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින සියළු සංවිධාන හා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.



සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.