බහාලුම් 323 පරීක්‍ෂා කලේ නැති වුනාට මිද්දෙනියේ බහාලුම් දෙක හොදට පරීක්‍ෂා කරලයි යැවුවේ - රේගු අධ්‍යක්‍ෂ (වීඩියෝ)
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අයිස් නිෂ්පාදන අමුද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන බහාලුම් දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
මෙම බහාලුම්, මීට පෙර නිදහස් කෙරුණු ප්‍රශ්නගත කන්ටේනර් 323 සමඟ සම්බන්ධ නොවන බවත්, ඒවා පරීක්ෂා කර නීත්‍යානුකූලව මුදා හැර ඇති බවත් ඔහු දෙරණ නාලිකාවේදී අවධාරණය කලේය.
බොහෝ පිරිසක් චෝදනා කරන්නේ මීට පෙර වරායෙන් නිදහස් කෙරුණු ප්‍රශ්නගත කන්ටේනර් 323 අතරට මෙම බහාලුම් දෙක අයත්ද යන්න පිළිබඳවය.
කෙසේ වෙතත්, පුංචිහේවා මහතා පැහැදිලි කරන්නේ, එම කන්ටේනර් 323 පරීක්ෂා නොකර යවන ලද ඒවා වන අතර, මෙම බහාලුම් දෙක පරීක්ෂා කර මුදා හැර ඇති බැවින් ඒවා එකට සම්බන්ධ කළ නොහැකි බවයි. පොලීසියද සඳහන් කර ඇත්තේ එම 323 අතර මෙම බහාලුම් දෙක නොතිබූ බවය.
මෙම බහාලුම් දෙක 2024 දෙසැම්බර් මාසයේ පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මාස කිහිපයක් නිෂ්කාශනය නොවී තිබී ඇත. මුලින්ම ආනයනකරු ලෙස සඳහන් ආයතනය එය තමන්ගේ නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු, තොරතුරු අනුව කිහිප වතාවක්ම හිමිකාරිත්වය මාරු වී ඇති බව වාර්තා වේ. අවසානයේ මෙම වසරේ ජනවාරි මාසය අවසානයේ පමණ මේවා නිෂ්කාශනය කරගෙන තිබේ.
නිෂ්කාශනය කරන අවස්ථාවේදී මෙම බහාලුම් පරීක්ෂා කර ඇති බවත්, එම පරීක්ෂාව සියුම් ලෙස සිදු කර ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. වාර්තාවල සඳහන් වී ඇත්තේ භාණ්ඩය “ටැල්ක් පවුඩර්” (talc powder) සහ “ටැල්ක් ස්ටෝන්” (talc stone) ලෙසයි. මෙය විවිධ කර්මාන්ත සඳහා භාවිතා කරන, සාමාන්‍යයෙන් ආනයනය කරන භාණ්ඩයක් වන බවත්, ළදරු පවුඩර්, තීන්ත, පොලිෂ් වැනි දේ සඳහා යොදා ගන්නා බවත් ඔහු පෙන්වා දෙයි.
ප්‍රශ්නය වන්නේ පරීක්ෂාව නිසි ලෙස සිදු වූවාද යන්න බව පුංචිහේවා මහතා පවසයි.
දැනට, මෙම රසායනිකය කුමක්ද යන්න පිළිබඳව ඔහුට තවමත් නිශ්චිතව කිව නොහැකිය. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ වරාය පාලන අංශය එක්ව මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇත. ඔවුන් ජාත්‍යන්තර සංවිධානයක් වන UNODC සමඟ කෙලින්ම වැඩ කරන ශාඛාවන්ය.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (NDDCB) රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් ලැබෙන තෙක් ඔවුන් බලා සිටින බව වරාය පාලන අංශය දැනුම් දී ඇත. එම වාර්තාව ලැබුණු පසු සම්පූර්ණ වාර්තාව අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කරන අතර එහි පිටපතක් තමාටද ලැබෙනු ඇති බව අධ්‍යක්ෂවරයා පවසයි.
කෙසේ වෙතත්, පරීක්ෂා කිරීමේදී නිලධාරීන් මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට භාවිතා කරන ටෙස්ට් කට්ටලයට මෙම ද්‍රව්‍යය ප්‍රතිචාර නොදැක්වූ බව ඔවුන් දැනුම් දී ඇත.
ටැල්ක් පවුඩර් සඳහා නියමිත බදු ප්‍රමාණය රජයට ගෙවා ඇති බව වාර්තා වේ. තවද, භාණ්ඩයේ ප්‍රකාශිත වටිනාකම සාමාන්‍ය නිර්ණායකයන්ට වඩා අඩු බැවින්, එය තක්සේරුවකට ලක් කර අමතර බද්දක්ද අය කරගෙන ඇත.
මෙම පරීක්ෂණය සඳහා රේගුවට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයද සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ද පරීක්ෂා කිරීමෙන් පසු නිදහස් කිරීමට විරෝධයක් නොමැති බව ලිඛිතව ලබාගෙන ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
පුංචිහේවා මහතා පෞද්ගලිකව උපකල්පනයක් ඉදිරිපත් කරමින් පවසන්නේ, ටැල්ක් ස්ටෝන් යනු සැහැල්ලු සහ සවිවර ගලක් බැවින්, ඒ තුළට වෙනත් යමක් අවශෝෂණය කර තිබුණාද යන්න විමසා බැලිය යුතු බවයි. කෙසේ වෙතත්, මෙය ඔහුගේ පෞද්ගලික උපකල්පනයක් බව ඔහු අවධාරණය කරයි. රසායනාගාර වාර්තාව ලැබුණු පසු සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්