News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරයා බුදුදහම පදනම් කරගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම තුළින් බුදුදහමටද සිදු ක⁣ළේ නිග්‍රහයක් බවත්, IMF සමඟ එළඹි ගිවිසුමෙහි ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම හේතුවෙන් එහි දෙවැනි වාරිකය ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති මොහොතක ජනාධිපතිවරයා සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත්, අපායක් පිළිබඳ නිරන්තරයෙන් කියමින්, පාලකයින් දිව්‍ය ලෝකයට ගෙන යන්නට කටයුතු යොදා ඇති මේ අයවැය සැබවින්ම ජනතාව රැවටීමට ගත් තවත් උත්සාහයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

2024 අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අද දින දිවුලපොතාන ගම්වැසියන්ට අත්‍යවශ්‍ය ආහාර තොගයක් රැගෙන මඩකලපුවට වැඩිය මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපානන්ට එම ගමට ඇතුළු වීමට ඉඩක් නොලැබිණි.

‍2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රමුඛ ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ පිරිසක් අද දින දිවුලපොතාන ග්‍රාමයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට ආහාර තොගයක් රැගෙන දුක සැප විමසීමට ගොස් තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ මහතා පවසන්නේ ඓතිහාසික හා පෞරාණික වටිනාකමින් යුත් මහනුවර හා නුවරඑළිය තැපැල් කාර්යාල දෙක පමණක් නොව රට පුරා පිහිටි වාණිජ වටිනාකමින් සමන්විත තැපැල් කාර්යාල දහයකට අධික සංඛ්‍යාවක් පෞද්ගලික සමාගම්වලට විකිණීමට සූදානම් කර ඇති බවය.

ගණඳුරු මැදියමත් අරුණලු දකිමින් ජාතියට ශක්තිමත් චින්තනමය පදනමක් සැකසීමට වෙර දැරූ අපේ කාලයා ප්‍රාඥයා ඔබයි. සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර ඇඳුරුතුමනි ඔබට දිගාසිරි.

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හා හදිසි මිලදී ගැනීම් යටතේ 2021-2022 වසරවල් දෙකේ දී මෙරටට ගෙනා ඉන්ධන නෞකා වෙත ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් දාහත් කෝටි අට ලක්‍ෂ හැත්තෑතුන් දහස් අටසීය දහසයක (170,873,816) මුදලක් ගෙවා දැමීමට තෙල් සංස්ථාවට සිදුව ඇතැයි රජයේ විගණනයේදී තහවුරු වී ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.