News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බවත් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රුසියානු හමුදා අව්ඩීව්කා නගරය "සම්පූර්ණයෙන්ම අත්පත්කරගෙන" ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(17) නිවේදනය කළේය. රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්රේන හමුදා භටයින් 1,500ක් පමණ මිය ගිය අතර ඔවුන් පසුබැසීමේදී ඔවුන් සතු ආයුධ සහ උපකරණ පවා අතහැර දමා පලා ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ලංකාවට මග වැරැද්දවීම සඳහා ඉන්දියා විසින් ඔත්තුකරුවන් යොදවා විවිධ කුමන්ත්‍රණ දියත් කළ බවත්, මෑත කාලීනව එසේ කළ බවට හොඳම නිදසුන ලංකාවේ රුපියල පා කිරීමට බලපෑම් කිරීම බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දිලිත් ජයවිර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඊයේ(17) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

වැරදි තොරතුරුදී රටේ ආර්ථික අර්බුදය ඇති කළ ඇතැම් පිරිස් ඇත්ත හෙළිකිරීමේදී නිලධාරීන් විවේචනය කිරීම අසාධාරණ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව පෙන්වා දෙමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අවවාදාත්මක ලිපියක් යොමුකර තිබේ.

හරීන් ප්‍රනාන්දු සංචාරක අමාත්‍යවරයා ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී සිදුකරන ලද "ලංකාව ඉන්දියාවේ කොටසක්!" යන බරපතළ ප්‍රකාශය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, "රටේ ස්වෛරීත්වය රැක්කේ අපි" කියා පවසන රාජපක්ෂවරුන්, විපක්‍ෂ නායකවරයා ඇතුළු බලයට ඉව අල්ලන විපක්ෂයේ අනෙකුත් කල්ලි කණ්ඩායම් කසාය බිව් ගොළුවන් සේ දත කට පූට්ටු කරගෙන ඉන්නා බවත් ඉන් පෙනී යන්නේ, "ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු වහල්භාවය කොතරම් බරපතළ ලෙස එළාගෙන යනවාද? එයට මේ ආණ්ඩුව සහ බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි කණ්ඩායම් කොතරම් දුරට අවනත වී තිබෙනවාද?" යන්න බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.


දේශීය පුවත්

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජනපති අනුර කොළඹින් ගෙයක් හොයනවලු..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

බහුතරයක් නැත්නම් සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා ගත යුත්තේ ඡන්දයකින්.. කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි - මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් වර්තමාන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්පත් කරගත නොහැකි වූ රෝම ප්‍රඥාප්තියේ ප්‍රකාශිත ඉලක්ක සාක්ෂාත් කර ගත හැකියි- රුසියාවේ හිටපු ජනාධිපති මෙදෙව්දෙව්

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට සිදුකෙරෙන රණවිරු ප්‍රණාමය මැයි 18 දා කොළඹ පදනම් ආයතනයේ දී..

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

විදුලිබල මණ්ඩලයට චේතාන්විතවම පාඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා - පාඨලීගෙන් ජනපති අනුරට දෝස්මුරයක් (වීඩියෝ)

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.