News Category
From Date
To Date
Maximum Number of Result

හරීන්ව වහාම ඇමැතිකමින් නෙරපණු! ඉන්දියාවට රට විකිණීම නවතනු!: මහජන උද්ඝෝෂනය අද (පෙ.බ.20) පෙ:ව 10:00 ට නො 78, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, අමාත්‍ය කාර්යාලය (ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය), ගාලුපාර, කොළඹ 03 යන ස්ථානයේදී පැවැත්විණි.

ජාතීන් අතර අසමගිය ඇතිකරනු ලබන්නේ දේශපාලනඥයින් බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලිකත්වයෙන් පුටුව ලකුණින් පොදුජන එක්සත් පෙරමුණෙන් ගොඩනැගෙන පුළුල් සන්ධානයේ නායකත්ව මණ්ඩලය සහ නිලධාරි මණ්ඩලය පත් කිරීම කල් දමා ඇත.

යුරෝපා සංගමයේ නීති රීති එයට අවශ්‍ය තරම් වේගයෙන් ක්‍රියා කිරීමට බාධාවක් වන බව කන්ඩායමේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් පසුගිය 18දා මියුනිච් ආරක්ෂක සමුළුව අමතමින් පැවසීය.

මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා එහි ධීවරයින් ඊයේ දහවල් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වුණි.

හරීන්ව වහාම ඇමැතිකමින් නෙරපණු! ඉන්දියාවට රට විකිණීම නවතනු!: මහජන උද්ඝෝෂනය අද (පෙ.බ.20) පෙ:ව 10:30ට නො 78, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, අමාත්‍ය කාර්යාලය (ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය), ගාලුපාර, කොළඹ 03 යන ස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යයි ප්‍රකාශ කිරීමෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා රාජද්‍රෝහී වරදක් සිදු කර ඇති බවත් එය මරණ දඬුවම් බව ලබාදිය හැකි වරදක් බවත් පිවිතුරු හෙළ උරුම නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

නේටෝ සොල්දාදුවන් යුක්රේන ගැටුමේදී කුලී හේවායන් ලෙස වෙස්වලාගෙන රුසියානු හමුදාවට එරෙහිව සටන් කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ රුසියානු ආරක්ෂක නිලධාරියෙක් අනාවරණය කළේය.

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.


දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජනපති අනුර කොළඹින් ගෙයක් හොයනවලු..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.